
පිට්ටු
අවශ්‍ය ද්‍රව්‍ය:
* හාල් පිටි කි.ග්‍රෑම් 1ක්
* පොල් ගෙඩි 1 1/2ක්
* ලුණු තේ හැඳි 2ක්
* වතුර කෝප්ප 2ක්
සාදන ක්‍රමය:
පිටි ටික කුඩාවට කැට කරන්න. මෙසේ කරනුයේ කට ලොකු ඇතිලියකට පිටි දමා එක අතකින් ඇල කර අල්ලාගෙන අනෙක් ඇත රවුමට කරකවමින් පොල් ටික ටික දමමින් ලුණු මිශ්‍ර කළ වතුර ද ටික ටික ඉසිමින් කුඩා කට සාදා ගනු ලැබේ. පිටි හා පොල් අවසන් වනතෙක් මෙසේ කලවම් කර කැට සාදා ගනු ලැබේ. විශාල කැට සෑදීමට ඉඩ නොතබන්න. බාගෙට පිරවූ වතුර මුට්ටියක් ළිප තබා ඒ මත පිට්ටු බම්බුව තබා වතුර නටවන්න. හැලියේ කටත් බම්බුවත් අතරින් වාෂ්ප පිට වීමට ඉඩ නොතැබිය යුතුය. පිට්ටු තැම්බුණු පසු ඉවතට ගෙන දීසියකට බා ගන්න. පිරිසිදු නූලකින් කුන්නි කරගන්න. විනාඩි 10ක් පමණ පිට්ටු සුවඳ එනතුරු තම්බා ගන්න.
වැදගත් කරුණු:
*බම්බුවට පිට්ටු කැට දැමූ පසු හැඳි කූරකින් මැද සිදුරක් සකසා තම්බීමෙන් වාෂ්ප ඉහලට ගමන් කිරීම පහසු කරවයි.
*පිට්ටු කට මැදින් දිග රම්පෙ කොලයක් දමා තම්බීමෙන් ද පිට්ටු ප්‍රණීත සුවඳින් යුතු වේ.