top of page

කජු මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය:

* කජු ග්‍රෑම් 250ක්

* ග්‍රීන් පීස් ග්‍රෑම් 50ක්

* උම්බලකඩ මේස හැඳි 1ක්

* පොල් මිටිකිරි 2ක්

* අමු මිරිස් කරල් 2ක්

* ගම්මිරිස් තේ හැඳි 1ක්

* කහ තේ හැඳි 1/2ක්

* ලුණු තේ හැඳි 1ක්

* තුනපහ කුඩු තේ හැඳි 1ක්

* සුදුළූණු බික් 3ක්

* තැලූ අමු ඉඟුරු කැබැල්ලක්

* අබ ස්වල්පයක්

* තෙල් ස්වල්පයක්

* රතුළූණු, සුදුළූණු, රම්පෙ, කරපිංචා, කුරුඳු

 

සාදන ක්‍රමය:

කජු මද සෝදා ගෙන අවශ්‍ය නම් එයට ග්‍රීන් පීස් ද එක කරගන්න. ඊට රතුළූණු, උම්බලකඩ, කුරුඳු, අමු මිරිස්, ගම්මිරිස්, කහ, තුනපහ, ලුණු එක්කර අත ගා ගන්න. ඉන්පසු තෙල් තාච්චිය ළිප තබා තෙල් රත්වන විට රම්පෙ, කරපිංචා, ළූණු ස්වල්පයක්, සුදුළූණු, අමු ඉඟුරු සහ අබ දමන්න. එය සුවඳ වී එන විට එයට කජු මිශ්‍රණය දමා පිසගන්න. ඉන්පසු පොල්කිරි ද එක් කර කලවම් කරන්න.

 

වැදගත් කරුණු:

*අමු කජු මද මෙසේ භාවිත කළ හැක.

*අර්තාපල් කුඩු මේස හැන්දක් ද අවශ්‍ය නම් එක්කල හැක.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page