top of page

ඇඹරැල්ල මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය:

* පැසුණු අමු ඇඹරැල්ලා ගෙඩි 10ක්

* ගා ගත පොල් මේස හැඳි 2ක්

* කැකුළු සහල් මේස හැඳි 1ක්

* පොල් මිටිකිරි කෝප්ප 2ක්

* බැදපු දුරු කුඩු මේස හැඳි 1 1/2ක්

* බැදපු මිරිස් තේ හැඳි 1ක්

* ගම්මිරිස් තේ හැඳි 1/2ක්

* රතුළූණු 10ක්

* සුදුළූණු 5ක්

* කුරුඳු පොතු

* රම්පෙ, කරපිංචා

* ඉඟුරු ස්වල්පයක් (අඹරාගත්)

* අමු මිරිස්

* කහ තේ හැඳි 1/2ක්

* උම්බලකඩ මේස හැඳි 1ක්

* සිනි තේ හැඳි 2ක්

* තක්කාලි කැබැල්ලක් (අවශ්‍ය නම්)

* ලුණු

* තෙල් ස්වල්පයක්

 

සාදන ක්‍රමය:

ඇඹරැල්ල පොතු හැර හතරට කපා ගන්න. ගා ගත පොල් සහ සහල් වියළි භාජනයක බැද අඹරා ගන්න. ඉඟුරු හා සුදුළූණු ද තලා ගන්න. තෙල් ස්වල්පයක් ළිප තබා රත්වන විට රම්පෙ, කරපිංචා, අබ, සුදුළූණු, අමු ඉඟුරු සහ රතුළූණු ස්වල්පයක් දමන්න. ඊට උම්බලකඩ ද එක් කරන්න. සුවඳවත් වන විට ඇඹරැල්ලා කැබලි ටික ද ඊට එක්කර තෙම්පරාදු කර ගන්න. ඉන්පසු මිටිකිරි දමා පිසෙන්නට හරින්න. ඉන්පසු සීනි ස්වල්පයක් ද එක් කරන්න.

 

වැදගත් කරුණු:

*බැදපු සහල්, පොල්, බැදපු දුරු, මිරිස්, ගම්මිරිස්, රතුළූණු, කහ, තක්කාලි, අමු මිරිස්, කුරුඳු පොතු සියල්ල ඇඹරැල්ලා කැබලි සමඟ අත ගා ගන්න.

*බැදපු පොල් සහ හාල් දැමීම අනවශ්‍ය නොවේ.

*සීනි එක් කිරීම ද අත්‍යවශ්‍ය නොවේ.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page