
කොස් ඇට කළු පොල් මාළුව
අවශ්‍ය ද්‍රව්‍ය:
* කොස් ඇට 50ක්
* ගා ගත් පොල් මේස හැඳි 2ක්
* කැකුළු හාල් මේස හැඳි 1ක්
* පොල් මිටිකිරි කෝප්ප 2ක්
* පොල් දියකිරි කෝප්ප 1ක්
* බැදපු දුරුකුඩු මේස හැදී 1 1/2ක්
* බැදපු මිරිස් කුඩු 1ක්
* ගම්මිරිස් තේ හැඳි 1/2ක්
* රතුළූණු 10ක්
* සුදුළූණු 5ක්
* අමු මිරිස් කරල් 4ක්
* කහ කුඩු තේ හැඳි 1/2ක්
* උම්බලකඩ මේස හැඳි 1ක්
* තක්කාලි ගෙඩි 1/2 ක්
* ලුණු
* කුරුදු පොතු, රම්පෙ, කරපිංචා
සාදන ක්‍රමය:
කොස් ඇට සෝදා පොතු සමග තම්බගෙන යන්තමින් තල ගන්න. (පොතත් ඉවත් නොකරන්න.) හාල් සහ පොල් දුඹුරු පැහැ වන තෙක් බඩ අඹරා ගන්න. මෙයට බැදපු දුරු, මිරිස්, ගම්මිරිස්, රතුළූණු, සුදුළූණු, රම්පෙ, කරපිංචා, කහ, ලුණු, උම්බලකඩ හා තක්කාලි දමා අතගා ගන්න. ඉන්පසු දියකිරි දමා ළිප තබන්න. එය තැම්බී එන විට මිටිකිරි එක්කර පිස ගන්න.
වැදගත් කරුණු:
*අවශ්‍ය නම් තෙම්පරාදු ද කළ හැක.
*මැටි බඳුනක පිසීමෙන් වඩාත් රසවත් වේ.