top of page

කෙසෙල්මුව ව්‍යංජනය

අවශ්‍ය ද්‍රව්‍ය:

* තරමක කෙසෙල් මුව 1ක්

* කැබලි මිරිස් මේස හැඳි 1ක්

* තුනපහ තේ හැඳි 1ක්

* කහ තේ හැඳි 1/2ක්

* මිටි කිරි කෝප්පයක් 1ක්

* පොල් වතුර කෝප්ප 1ක්

* ලුණු ස්වල්පයක්, රතුළූණු, සුදුළූණු, අමු මිරිස්

* උළුහාල් ස්වල්පයක්, කුරුඳු, රම්පෙ, කරපිංචා, අබ ස්වල්පයක්, උම්බලකඩ කුඩු ස්වල්පයක්, සියඹලා ඉස්ම ස්වල්පයක්, පොල් තෙල්, හෝ එළවලු තෙල් ස්වල්පයක්

 

සාදන ක්‍රමය:

සෝදා සිහින්ව ලියා ගත් කෙසෙල් මුව බඳුනකට දමන්න. කහට පිපෙන තෙක් නොසිට ලුණු සහ කහ අත ගා මිනිත්තු 30 ක් පමණ තබන්න. පොල් වතුර බදුනකට දමා එයට ළූණු, අමු මිරිස්, තුනපහ, උළුහාල් ස්වල්පයක්, කුරුඳු, උම්බලකඩ, සහ අමු මිරිස් එක් කරන්න. හොඳින් මිරිකා කහට හරින ලද කෙසෙල් මුව මිශ්‍රණය ද එයට එක් කර ළිප තබන්න. එය තැම්බීගෙන එනවිට මිටිකිරි කෝප්පය එකතු කරන්න. එයද හොඳින් ඉදුණු පසු ළිපෙන් බාගන්න. ඉන් පසුව තේ බදුන ළිප තබා රත්වන විට රතුළූණු, සුදුළූණු,රම්පෙ, කරපිංචා දමා බැදෙන විට ව්‍යංජනය දමා තෙම්පරාදු කර ගන්න. ළිපෙන් ඉවතට ගත් විගසම සියඹලා ඉස්ම ද එකතු කරන්න.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page