top of page

අඹ මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය:

* අමු අඹ ගෙඩි 3ක්

* බැදපු දුරු තුනපහ මේස හැඳි 1 1/2ක්

* පොල් මිටි කිරි කෝප්ප 2ක්

* දියකිරි කෝප්ප 1ක්

* බැදපු මිරිස් තේ හැඳි 1ක්

* ගම්මිරිස් තේ හැඳි 1ක්

* රතුළූණු 10ක්

* සුදුළූණු 5ක්

* කුරුඳු

* රම්පෙ, කරපිංචා

* අමු මිරිස් කරල් 4ක්

* කහ තේ හැඳි 1/2ක්

* උම්බලකඩ මේස හැඳි 1ක්

* අඹරැගත් අඹ තේ හැඳි 1/2ක්

* ලුණු

 

සාදන ක්‍රමය:

අමු අඹ කැබලි කපා ගන්න. බැදපු දුරු, තුනපහ, වියළි මිරිස්, රතුළූණු , සුදුළූණු, කුරුඳු පොතු, රම්පෙ, කරපිංචා, අමු මිරිස්, කහ, උම්බලකඩ හා ලුණු ආදී සියල්ල ඊට එක්කර ඇත ගා ගන්න. ඉන්පසු දියකිරි දමා ලිපේ තබන්න. එය තැම්බී එනවිට මිටිකිරි දමන්න.

වැදගත් කරුණු:

* තෙම්පරාදු කිරීමෙන් වඩාත් රසවත් වේ.

* අවශ්‍ය නම් ගා ගත පොල් සහ සහල් ස්වල්පයක් බඩ අඹරා එක් කිරීමෙන් ද රසය වැඩි වේ.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page