top of page

මුං කිරිබත්
අවශ්‍ය දේ:
*කැකුළු හෝ සුදු හාල් ග්‍රෑම් 500ක්
*මුං ඇට ග්‍රෑම් 300ක්
*පොල් කිරි මිටි කෝප්ප 4ක්
*කරදමුංගු කරල් 3ක්
*කුරුඳු පොතු කැබලි 1ක්
*ලුණු ස්වල්පයක්
සදාන ක්‍රමය:
මුං ඇට වලට වතුර දමා රැයක් පෙඟෙන්නට හරින්න. මුං ඇට ලිප තබා පැය 1/2ක් පමණ වේලා තම්බා ගන්න. ඉන්පසු හාල් ගරා සෝදා ඊට එක්කර ප්‍රමාණවත් ලෙස වතුර දමා මුං බත පිස ගන්න. මීලඟට පොල්කිරි වලට ලුණු දමා (තරමක් වැඩිපුර) වතුර සිඳුණු බතට එක් කරන්න. එම කිරි, මුට්ටිය පුරා ගලා යන සේ හැඳි කූරෙන් සීරුවෙන් කවලම් කරන්න. සුවඳ ද්‍රව්‍ය එක්කර, කිරි මද ගින්නේ නටන්නට හැර තෙතමනය යන්තම් තිබියදී දීසියක අතුරා කෑලි කපා ගන්න. අවශ්‍ය නම් සහල්, මුං ඇට අනුපාතය අඩු වැඩි කර ගත හැක.
Please reload
bottom of page