top of page

කහ බත්

අවශ්‍ය දේ:

*සම්බා කිලෝ ග්‍රෑම් 1ක්

*උකු පොල්කිරි කෝප්ප 2ක්

*ලොකු ළූණු ගෙඩි 2ක්

*කුරුඳු ස්වල්පයක්

*සිහින්ව කපා ගත් සුදුළූණු

*අමු ඉඟුරු මේස හැඳි 1ක්

*රම්පෙ, කරපිංචා, සේර ස්වල්පයක්

*ලුණු

*දුන් තෙල් හෝ එළඟි තෙල් මේස හැඳි 3ක්

*කහ කුඩු තේ හැඳි 2ක්

*කරදමුංගු, කරාබුනැටි

 

සාදන ක්‍රමය:

හාල් සෝදා වතුර බේරෙන්නට හරින්න. දුන් තෙල් හෝ එළඟි තෙල් මේස හැඳි 3 ක් බඳුනට දමා රත් කර ගන්න. එයට ලියා ගත් ළූණු, සුදුළූණු, අමු ඉඟුරු, කරදමුංගු, කරාබුනැටි, කුරුඳු එකතු කර රම්පෙ, කරපිංචා, සේර, කහ කුඩු දමා හොඳින් තෙම්පරාදු කරන්න. එයට හාල් ද එකතු කර විනාඩි 3 ක් පමණ තෙම්පරාදු කර බත් පිසිනයට දමා පොල් කිරි, ලුණු හා අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා බත පිසගන්න. ඊටම බැදගත් කජු මද හා ග්‍රීන් පීස් යොදා සරසා ගත හැක.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page