
ඉඳිආප්ප
අවශ්‍ය දේ:
*වන්ඩුවේ තම්බාගත් (steamed) පාන්පිටි හෝ රත් කරගත් ( බැදපු ) හාල්පිටි කිලෝ ග්‍රෑම් 1ක්
*ලුණු සුවල්පයක්
*ඉඳිආප්ප වට්ටි කීපයක් *වන්ඩුවක් හෝ එවැනි උපකරණයක් (steamer)
*ඉඳිආප්ප වංගෙඩියක්
සාදන ක්‍රමය: හාල් පිටි කොටා, හලා, තරමකට රත් කරගත් හාල් පිටි හෝ තම්බා ගත් පාන්පිටි වලට ලුණු අවශ්‍ය පමණ දමා, නටා හුමාලය ඉවත් වූ උණු වතුර ද එක් කරමින් හැඳි කූරකින් කවලම් කර ගන්න. එය හොඳින් ලවලම් වූ පසු ඉදිආප්ප වංගෙඩියට දමා ඉඳිආප්ප වට්ටි මතට රවුම් ආකාරයට වක්කර ගන්න. ඉන්පසු ඒවා 5ක් 6ක් පමණ එකපිට එක තබා හෝ සුදුසු ආකාරයට වන්ඩුවක හෝ එවැනි යමක තබා වසා තැම්බෙන්නට හරින්න. දළ වශයෙන් විනාඩි 5-10 අතර තැම්බුණු පසු ඉවත් කර ගන්න. ඉවත් කිරීමට පෙර හොඳින් තැම්බී ඇත්දැයි ඉඳිආප්පයක රැලක් ඇඟිලි තුඩින් තදකර බලා ගත හැක. අතේ ඇලෙන්නේ නැත්නම් හොඳින් තැම්බී ඇත.
වැදගත් කරුණු: හාල් පිටි වඩා බැදීමට ඉඩ නොතබන්න. නැතහොත් පදම නොලැබේ.