top of page

අල බැදුම
අවශ්‍ය දේ:
* කුඩා අර්තාපල් කිලෝ ග්‍රෑම් 1ක්
* රටළූණු ගෙඩි 4ක්
*තක්කාලි ගෙඩි 2ක්
*උම්බලකඩ කැබලි මේස හැඳි 2ක්
*කහ කුඩු තේ හැඳි 1/2ක්
*ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්
*කැබලි මිරිස් මේස හැඳි 1 1/2ක්
*සුදුළූණු බික් 2ක්
*රම්පෙ, කරපිංචා
*ලුණු කැපු තේ හැඳි 2ක්
සාදන ක්‍රමය:
අල ගෙඩි ටික වතුර සහ ලුණු සුවල්පයක් දමා තම්බා පොතු හැර කැබලි වලට කපා ගන්න. කහ, ලුණු, ගම්මිරිස් අත ගා ගන්න. රටළූණු රවුම් පෙති කපා ගන්න. තෙල් තාච්චිය ලිප තබා රත් වන විට රම්පෙ, කරපිංචා, සුදුළූණු දමන්න, එය සුවඳවත් වන විට රටළූණු, කැබලි මිරිස්, උම්බලකඩ හා තක්කාලි දමා කවලම් කරන්න. අර්තාපල් කැබලි දමා පිස ගන්න.
Please reload
bottom of page