top of page

අර්තාපල් හොදි
අවශ්‍ය දේ:
*අර්තාපල් අල කි.1ක්
*තුනපහ කුඩු කැපූ මේස හැඳි 1ක්
*අඹරාගත් අබ ස්වල්පයක්
*කහ කැපූ තේ හැඳි 1ක්
*උම්බලකඩ කුඩු ස්වල්පයක්
*රතු ළූණු ගෙඩි 6ක්
*අමු මිරිස් කරල් 3ක්
*ගම්මිරිස් තේ හැඳි 1ක්
*රම්පෙ, කරපිංචා, කුරුඳු, උළුහාල්
*සුදුළූණු බික් 2ක්
*ලුණු කැපූ තේ හැඳි 2ක්
*දියකිරි කෝප්ප 1 1/2ක්
*මිටිකිරි කෝප්ප 2ක්
සාදන ක්‍රමය:
අර්තාපල් අල ගෙඩි ටික තම්බා පොතු හැර කැබලි වලට කපා ගන්න. තුනපහ, අබ, කහ, උම්බලකඩ, රතු ළූණු, අමු
මිරිස්, ගම්මිරිස්, කුරුඳු, රම්පෙ, කරපිංචා, උළුහාල්, සුදුළූණු, ලුණු, දමා ඇත ගා ගන්න. දියකිරි ද එක්කර ලිපේ තබන්න.
කුළු බැඩු තම්බී එනවිට මිටිකිරි දමා හැඳි ගාන්න. ළිපෙන් බිමට බා, අවශ්‍ය නම් දෙහි ඇඹුල් බිංදු 2-3ක් දමන්න.
Please reload
bottom of page