
ෆිලික්ස් රණවීර


පළමුව සංගීතය පටිගත කරමින් දෙවනුව හඬ පටිගත කිරීමේ භාෂණය මෙම ස්ථානයේ ආරම්භ විය. එය music track පාවිච්චි කරමින්, කෙරෙන්නාවූ පටිගත කිරීමයි. තාක්ෂණයේ අවම පහසුකම් මැද උසස් ප්‍රතිඵල නෙලා ගන්නා ලද මෙම ශබ්ද පරිපාලක ඉංජිනේරු ෆිලික්ස් රණවීරයන් නව තාක්‍ෂණය සොයා පියවරෙන් පියවර ඉදිරියට ආ ශබ්ද පරිපාලක ඉංජිනේරුවරයන් අතර දැවන්තයෙකි. අද බොහෝ පහසුකම් තිබියදී වුවද සාර්ථක පටිගත කිරීමක් කර ගත නොහැකි අයට මොහු ආදර්ශයකි. අවම තාක්ෂණ පහසුකම් යටතේ උසස් නිපැයුම් රාශියක් එළි දැක්වූ මොහු විශිෂ්ට පුද්ගලයෙකි. 1976 දී ඔහු මෙලොවෙන් සමු ගත්තද ඔහු සොයා ගත් තාක්‍ෂණය ඔහුගේ පුත් ඔගි රණවීරට දායාද කළේ එම ක්ෂේත්‍රයේ වටිනාකම ඔහුද හදුනාගත් බැවිනි.
2014-03-03 දින ගී රේඩියෝ වෙතට ඔගි රණවීර මහත්මිය සපයා දුන් තොරතුරු අනුව සකස් කරන ලදී.

ශබ්ද පරිපාලක ඉංජිනේරු තනතුර යනු ගීතයක් බිහිවීමට සංගීතය සහ හඬ තාක්ෂණය උපයෝගී කර ගනිමින් එම අංශ දෙකේ සුසංයෝගය නිර්මාණය කිරීමයි. මෙම මහඟු කර්තව්‍ය තුළ ශ්‍රී ලංකාවේ හසල නමක් දරා ඇති මොහු නමින් ෆිලික්ස් රණවීරයි. මෙතුමා 1956 දී මරදානේ “ඉන්ටර්නැෂනල්”නම් කුඩා ශබ්දාගාරයකින් තම කාර්ය ආරම්භ කළේ මහත් දුෂ්කර, බාධා ජය ගනිමිනි. මෙම අවධියේ භාවිතා කළේ තනි පසුතලයෙන් මොනෝටේප් රෙකෝඩරයකි. (one track-mono) 1958 දී හෙතෙම චිත්‍රපටි සංගීතය පටිගත කිරීමට හඩ්සන් ස්ටුඩියෝ නමින් විශාල ශබ්දාගාරයක් එවකට විශාල ශබ්දාගාරයක් වූ සරසවි ශබ්දාගාරය තුල ආරම්භ කරන ලදී. 1964 වසරේදී එම කාර්ය එම්. එස්. පෙරේරා මහතාට පැවරූ ඔහු, නැවතත් නව ශබ්දාගාරයක් බම්බලපිටියේ ආරම්භ කළේ අත්දැකීම් බහුල ශබ්දාගාර ඉංජිනේරුවරයෙකු ලෙසිනි.