top of page

          වර්ථමාන තරගකාරි සමාජරටාව තුල බාල තරැණ වැඩිහිට මහලු සෑම දෙනාම යමි යමි මානසික ගැටලු හා රෝග වලට මැදිවි පීඩා විදිමින් කල් ගෙවති. නිසි උපදෙස් හා ප්‍රතිකාර නොලැබීමෙන් මෙම මානසික ගැටලු උග්‍ර මානසික රෝග දක්වාම වර්ධනය වෙයි. සංඛ්‍යා ලේඛනයන්ට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 350 ක පමන ප්‍රමානයක් විශාදයෙන් පෙලේ.එනමි සෑම 20 දෙනෙකුගෙන් එක් අයකුම විශාදයෙන් පෙලේ. මානසික සෞඛ්‍යය අධ්‍යක්ෂක කාර්යාලයට අනුව අප රටෙහි ජනගහනයෙන් 11% විශාදයට ගොදුරැව ඇත. ඔවුන්ගෙන් 14% ත් 20% අතර ප්‍රමානයක් සියදිවි නසා ගනිති. මෙරට දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන්ගෙන් 50% විශාදයෙන් පෙලේ. තවද ප්‍රසව මවිවරැන්ගෙන් 15% පමන  දරැවන් ප්‍රසූත කිරිමෙන් පසු විශාදයට ගොදුරැවන බවද සොයාගෙන ඇත. සෑම හතර දෙනෙකුගෙන් එක්අයකු ආතතියෙන් පෙළේ. මෙ අනුව මානසික ගැටලු හා රෝග හදුනා ගැනිම හා වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට යොමු පිලිබදව අපසෑම දෙනාගේම අවධානය යොමු විය යුතුය. මන්ද බොහෝ විට ඔබත් යමි මානසික ගැටලුවකට හෝ රෝගයකට ගොදුරැව සිටිනවා විය යුතුය. අප මෙ ලිපි මාලාව තුලින් බලාපොරොත්තු වන්නේ  මානසික ගැටලු හා රෝග පිලිබදව ඔබහට යමි අවබෝධයක් ලබා දීමටය.

 

වර්ථමාන තරගකාරී සමාජ රටාව තුළ බාල තරුණ වැඩිහිට මහළු සෑම දෙනාම යම් යම් මානසික ගැටළු හා රෝග වලට මැදිවී පීඩා විඳිමින් කල් ගෙවති. නිසි උපදෙස් හා ප්‍රතිකාර නොලැබීමෙන් මෙම මානසික ගැටළු උග්‍ර මානසික රෝග දක්වාම වර්ධනය වෙයි. සංඛ්‍යා ලේඛනයන්ට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 350 ක පමණ ප්‍රමාණයක් විශාදයෙන් පෙළේ. එනම්, සෑම 20 දෙනෙකුගෙන් එක් අයකුම විශාදයෙන් පෙළේ. මානසික සෞඛ්‍යය අධ්‍යක්ෂක කාර්යාලයට අනුව අප රටෙහි ජනගහනයෙන් 11% විශාදයට ගොදුරුව ඇත. ඔවුන්ගෙන් 14% ත් 20% අතර ප්‍රමානයක් සියදිවි නසා ගනිති. මෙරට දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන්ගෙන් 50% විශාදයෙන් පෙළේ. තවද ප්‍රසව මව් වරුන්ගෙන් 15% පමණ  දරුවන් ප්‍රසූත කිරීමෙන් පසු විශාදයට ගොදුරු වන බව ද සොයා ගෙන ඇත. සෑම හතර දෙනෙකුගෙන් එක් අයකු ආතතියෙන් පෙළේ. මේ අනුව, මානසික ගැටළු හා රෝග හඳුනා ගැනීම හා වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට යොමු පිළිබඳව අප සෑම දෙනාගේම අවධානය යොමු විය යුතුය. මන්ද බොහෝ විට ඔබත් යම් මානසික ගැටළුවකට හෝ රෝගයකට ගොදුරුව සිටිනවා විය යුතුය. අප මේ ලිපි මාලාව තුළින් බලාපොරොත්තු වන්නේ  මානසික ගැටළු හා රෝග පිළිබඳව ඔබහට යම් අවබෝධයක් ලබා දීමටය.

 

මානසික රෝග වර්ගීකරණය

මානසික රෝග ප්‍රධාන කොටස් දෙකකට වර්ග කල හැක.

1-සයිකෝෂියා රෝග

2-නියුරෝෂයා රෝග

 

මානසික රෝගීන්ගෙන් 10% පමණ සුළු ප්‍රතිශතයක් සයිකෝෂියා රෝගීන් වන අතර සයිකෝෂියා රෝගීන් තම ලේ නෑයන් පවා විනාශ කිරීමට තරම් පෙළඹේ. විකෘති පෞර්ෂයක් මොවුන්ගේ දැකිය හැකි වන අතර මොවුන් බොහෝ විට තමන් රෝගී වී සිටින බව නොදනිති. නියුරෝෂියා රෝග තත්ත්වය මීට වඩා වෙනස් වේ. එය එතරමි භයානක නොවන අතර තමා රෝගාතුරැව සිටින බව රෝගියාට අවබෝධ කර දිය හැකිය. අප මෙම ලිපි මාලාවෙදි වැඩිපුර අවදානය යොමු කරනුයේ නියුරෝෂියා රෝග තත්ත්වයන් කෙරෙහිය.

 

මානසික ගැටළු හදුනා ගනිමු

අප සැම දෙනාම කුමන හෝ මානසික ගැටලුවකට නිරන්තරම මැදිවීම සුලභව දැකිය හැකි කාරනයකි. මෙම බොහො මානසික ගැටලු විසඳා ගැනීමට හැකියාව ඇතත් අවබෝධයක් නොමැති කම නිසාම සමහර ගැටළු දිගින් දිගටම පවතී. පසුව එය බරපතල මානසික රෝගි තත්ත්වයක් දක්වාම වර්ධනය වියහැක. ඔබහට පීඩාව ගෙන දෙන දිගින් දිගටම පවතින යමි මානසික ගැටලුවකට ඔබ මැදිව සිටීනම් ඔබ කළ යුත්තේ නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනිමට කටයුතු කිරීමය. මෙම ලිපි පෙළේ දී අප සෑමදෙනා හටම පොදුවේ ඇතිවන යම් යම් මානසික ගැටළු හා එම ගැටළු වල ලක්ෂණ හදුනා ගැනීමට මග පෙන්වීමක් සිදු කරන්නට අප බලාපොරොත්තු වන්නේමු. නමුත් මෙහි දැක්වෙන යම් රෝග ලක්ෂණ ඇති පමණින්ම ඔබට යම් බරපතල මානසික රෝගයක් ඇතැයි තීරණය කරන්නට යාම සුදුසු නොවේ. මන්දයත් රෝග ලක්ෂණ තිබූ පමණින්ම නියමාකාර පරික්ෂාවකින් තොරව සමහර මානසික ගැටළු හෝ රෝග හඳුනා ගැනීම කළ නොහැක. පළපුරැදු වෛද්‍යවරයකු හට පමණක් එවැනි රෝග හදුනා ගැනීමේ හැකියාව ඇත. එබැවින් රෝගී ලක්ෂණ ඇතැයි දැනුන පමණින්ම ඔබ හට ඇත්තේ එම රෝගයමයි තීරණය කිරීමේ හැකියාව ඔබට නැත. නමුත් කුමන හෝ මානසික ගැටලුවකට ඔබ මුහුණ පා සිටීනම් එය හඳුනා ගන්නට මෙයින් මගපෙන්වීමක් සිදුවනු ඇත. ප්‍රධාන වශයෙන් පුද්ගලයකුට ඇතිවන මානසික ගැටළු හා ප්‍රශ්ණ මේ ආකාරයෙන් වර්ග කිරීමක් කළ හැක.

 

*භින්නෝන්මාදය

*විශාදය

*ක්ලමතය

*ග්‍රස්ථිය

*භීතිකා අක්‍රමතා

*කාංසා අක්‍රමතා

*මායා රෝගය

*මේනියා

*සියදිවි නසා ගැනීම

*ප්‍රචණ්ඩ චර්යා

*අපගාමී චර්යා

*මත්පැන්

 

ආදී වශයෙන් මෙම මානසික ගැටළු තත්ත්වයන් තවදුරටත් පෙළ ගැස්විය හැක. මෙහිදී විස්තර කර ඇත්තේ ප්‍රධාන වශයෙන් මුහුණ පාන මානසික ගැටළු කීපයක් පමණි.

සිතේ ලෙඩ හෙවත් මානසික රෝග

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page