top of page

රුක්මණී දේවි


ඇය නිවසේදී ගීත මුමුණන අතර ඇයගේ හඬ තුළ ඇති අපූර්වත්වය තේරුම් ගත් ඇයගේ පියා ඇයට ධෛර්ය දුන්නේය. ඇය පාසල් වේදිකාවේ ගායනයට පිවිසියාය. අසන්නෝ ඇයගේ ගී නදින් ප්‍රීති ප්‍රමෝදමත් පත් වූවෝය. කිතුණු භක්තිකයන් වූ ඔවුන්ට දෙව් මැඳුරේ ගීතිකා ගායනයෙන් ලැබූ පන්නරය අත්වැලක් විය. ඇයට තිබුණේ සුරඟන හඬක් යැයි බොහෝදෙනා අතර කතා බහට ලක් විය. පාසල් වේදිකාවේ "සපත්තු මහතාගේ බිරිඳ"වේදිකා නාට්‍ය ඇයගේ කුසලතා පිබිදූ අවස්ථාවක් විය. නුගේගොඩ වෝල්ටර් අබේසිංහ මහතා නිර්මාණය කළ "රාමායනය" වේදිකා නාට්‍යයට ඇයට අවස්ථාව උදාවිය. සී. ඒ. ෆොන්සේකා මහතාගෙන් රංගනය සහ ලෝරන්ස් පෙරේරා යටතේ සංගීතය පුහුණු වූ ඇය කලා කෙතේ පියවරක් ඉදිරියට තැබුවාය.


