top of page

නෙලූ අධිකාරී

සංගීතමය පරිසරයක් හිමි පවුලක උපත ලැබූ නෙලූ අධිකාරී කුඩා කළ සිටම සංගීත රසය හඳුනාගත් ගායිකාවක විය. ලලිතා මල්ලිකා නම් ඇයගේ මව සංගීත ගුරුවරියක් වූ අතර ඇයගේ පියා කුමාරදාස අධිකාරී සංගීතය ප්‍රිය කළ අතර ඔහු ඇතුළු ඔහුගේ පවුලේ ඥාතින් ද වාදනයට හා ගායනයට දක්ෂයින් විය. හලාවත මහවැව උපන් නෙලූ අධිකාරී නම් ඇය මුලික අධ්‍යාපනය ලැබුවේ නිවුස්ටෙඩ් බාලිකා විදුහලෙනි. උසස් අධ්‍යාපනය මාරවිල කන්‍යරාමයෙන් සහ හලාවත ආන්නද විදුහල් මාතාවන් සෙවනේ පෝෂණය විය. පාසල් යුගයේ ගායනයට මහත් දක්ෂතාවයක් දැක්වූ ඇය, පාසල් තරඟ සහ ගායනා වැඩසටහන් තුළින් ජයග්‍රහණය මෙන්ම ප්‍රසංසාව හිමි කර ගත් ශිෂ්‍යාවක් විය. පාසල් අධ්‍යාපනයෙන් පසු සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ නෙලූ අධිකාරී Trinity academy of piano music විභාග සමත් වී තිබුණු අතර ඇයගේ මව සංගීත ගුරුවරියක වීම නිසා, ශාස්ත්‍රීය සංගීතය ද ප්‍රගුණ කරන ලදී. ඇයගේ සොයුරු අතුල අධිකාරී සංගීත කණ්ඩායමක වාදකයෙකු සහ ගායකයෙකු ලෙස ජනප්‍රියතාවයක් තිබුඅතර ඔහු සමඟ යුග ගීතයක් ගායනා කිරීමට 1991 වසරේ ඇයට අවස්ථාවක් උදා විය. "බාලොලී බාලොලී"යන එම ගීතය ගායනයෙන් පසු ඇය පාසල් අධ්‍යාපනය නිමා කොට ශාස්ත්‍රීය සංගීතය තෝරාගෙන සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත් විය.

1996 ඇයගේ ජීවිතයේ කඩඉමක් පසු කරමින් ඇයට, පරාක්‍රම කිරිඇල්ල අධ්‍යක්ෂණය කළ "සුදෝ සුදු" ටෙලිනාට්‍ය සඳහා ගායනයට අවස්ථාවක් උදා විය. බොහෝ හැඟුම් බර කවි ගායනා වලින් පිරි මෙම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය කළ රෝහණ වීරසිංහයන් යටතේ පරීක්ෂණයකට පිවිස, ඉන් සමත් වූ ඇය මෙතෙක් ගෙනා නිහඬතාවය බිඳිමින් ඇයගේ සුමියුරු හඬ ගීතයට මුසු කරන ලදී. ඇයගේ මියුරු හඬේ අගය හඳුනාගත් රෝහණ වීරසිංහයන් ඇයට නව ගීත කිහිපයක් එළි දැක්වීමට අදහසක් ඇය තුළ ඇති කරන ලදී. එහි ප්‍රථිපලයක් ලෙස ඇයගේ ස්වනිර්මාණ කීපයක් "ඔබ අසා සිටිනම්","නගේ මලේ","මම යන්නම්"සයුරේ රළ සේ"යන නමින් නිර්මාණය විය. Harmony ගායනය සඳහා සහජ දක්ෂතාවක් තිබු නෙලූ අධිකාරී ඇයගේ ගායනා සඳහා ඇය විසින්ම Harmony ගායනා එකතු කරන ලදී. මහින්ද දිසානායක පද රචනය කළ රෝහණ වීරසිංහ සංගීතවත් කළ "ඔබ අසා සිටි නම්" ගීතයේ හඬ උස් පහත් කිරීම ඉතා සංයමයකින් ගායනා කළ ගීතයක් විය. බටහිර ශෛලිය මුසු වූ මෙම ගීත රසිකයන් ගේ සිත් වේගයෙන් සොරා ගන්නා ලදී.

2002 වසරේ ඇය "සයුරේ රළ සේ" නමින් සංයුකත්ත තැටියක් එළි දක්වන ලදී. සංගීතමය වෙනසක් සහ ඇයගේ ගායනය තුළ ඇති විවිධත්වය විදහා පාමින් ශාස්ත්‍රීය ශෛලියේ ගීත කිහිපයක් ද සංයුක්ත තැටියට ඇතුළත් කරන ලදී. ශාස්ත්‍රීය සහ බටහිර යන ශෛලීන් දෙකෙහිම ගී සඳහා හඬ හසුරුවා ගැනීමට දක්ෂතාවයක් ඇයට ඇත. ඇයගේ හඬ පෞර්ශයේ විවිධත්වය නිසාම බොහෝ කිතුණු ගීත සඳහා ඇයගේ හඬ දායක කර ගැනීමට ඇය සොයා කිතුණු සංගීත අධ්‍යක්ෂකවරු  එන ලදී. ඒ ඇය කතෝලික කන්තෝරු කණ්ඩායම හා බැඳුණු ගායන ශෛලියක හඬ මුසු වී ඇති නිසාවෙනි.  එලෙස ඇය  ගායනා කළ කිතුණු ගීත 30ක ට ආසන්නය.

 විදුර පාසල් ගීත නිර්මාණය කළේ ඇය විසිනි. ඇයගේ හඬ තුළ ඇති විශේෂත්වය නිසාම පෙර නිර්මාණය වූ ගීත නව පටි ගත කිරීම්වලදී ඇයගේ හඬ යොදාගන්නා ලදී. ෆිලික්ස් ඇන්ටන්, රුක්මණී දේවි සමඟ ගායනා කළ "නීලම්බරේ කැලුම් පිරී" ගීතය ඔහු සමග නැවත ඇය ගායනා කලාය ,මිල්ටන් පෙරේරා සහ ශ්‍රීමති රණසිංහ ගැයූ "මෝරාවී ආදරේ හිතේ ගීතය ප්‍රියංකර පෙරේරා සමඟ ගායනා කළ අතර කුමන හෝ ගීතයක් තමන්ගේ ගායනා ශෛලියට පෙරළා ගෙන ඒ ගීතය හැඟුම්බරව ගයන නෙලූ අධිකාරී "කඳුළු "නමින් සංයුක්ත තැටියක් 2010 දී එළි දක්වන ලදී.

2006 වසරේ එතෙක් ලබා ඇති අත්දැකීම් සමඟ "මං නැති දා "නමින් සංයුක්ත තැටියක් එළි දක්වන ලදී."සුදෝ සුදෝ" ටෙලිනාට්‍යයේ පසුබිම් ගායනයෙන් පසු ඇය ටෙලිනාට්‍ය 30 ට අධික සංඛ්‍යාවක පසු බිම් ගීත ගායනා කරන ලදී. සඳ එළියට වාගේ, සඳා,අලුත් ගෙදර,  රුවන් මාලිගා , අංගනා, ජීවිතේ ලස්සනයි, රන්දිය දහර, ඉන් කිහිපයකි. සතර දෙනෙක් සෙන්පතියෝ ටෙලිනාට්‍යය ගායනය වෙනුවෙන් වසරේ හොඳම ගායිකාව ලෙස රයිගම් ටෙලිනාට්‍ය සම්මානය ඇය විසින් හිමි කර ගත් අතර සංගීතයට කළ මෙහෙවර වෙනුවෙන් ජපානයෙන් පිදෙන බුන්කා සම්මානයෙන්ද ඇය පිදුම් ලැබීය. " කිනිහිරියා මල් " චිත්‍රපටියෙන්, චිත්‍රපටි පසුබිම් ගායනයට පිවිසි ඇය චිත්‍රපටි ගණනාවකම පසුබිම් ගීත ගායනා කර ඇත. විවධ ශෛලියේ ගීත සඳහා හඬ දායක කළ ඇය බටහිර ගීත, හින්දි ගීත,ගසල් ගීත,දමිළ ගීත, යන හැම වර්ගයකම සංගීතයේ රස මුසු තැන් ස්පර්ශ කරමින් ඇයගේ ගායන දිවිය ඔප කර ගන්නා ගායිකාවක ලෙස සඳහන් කළ හැකිය.

ශා:අන්තෝනි මුනිඳුන් අගයමින් එළි දැක් වූ ගී සංයුක්ත තැටියේ "පාදුවා නගරයේ" ගීතය ගායනා කළේ ද ඇය විසිනි. "සිනාවකට වඩා හිරු නොතිබුණත්" වැනි ශාස්ත්‍රීය ශෛලියේ ගීත ගණනාවක් ඇය ගායනා ක්ෂේත්‍රයට දායාද කළාය. සිරස මාධ්‍ය ජාලය සංවිධානය කළ ගායනා තරඟයකින් "සිකි පිල් සැලූ" ගීතය ගායනා කිරීම වෙනුවෙන් 2007 වසරේ හොඳම ගායිකාව ලෙස සම්මානය හිමි කර ගන්නා ලදී. විවිධ ගායකයන් සමඟ විවිධ ශෛලියේ ගී ගැයූ ඇයගේ හඬ ඒ ඒ ගායකයාගේ හඬට ගැලපෙන සේ හසුරුවා ගැනීමට ඇයට දක්ෂතාවය ඇත. දයාන්විතාරණ සමඟ ගායනා කරන "වසත් කාලය" කාශ්‍යප දිසානායක සමග "අහසට සොදුරුද සඳ කෙතරම්" රූකාන්ත ගුණතිලක සමඟ ගායනා කළ "දෑසම රිද්දන" කිත්සිරි ජයසේකර සමඟ ගායනා "ආදරේ නැතුවා"අමරසිරි පීරිස් සමඟ ගයන "ගලන නඳි "යන ගීත මෙන්ම රජිව් සෙබස්තියන් සමඟ ගයනා කළ "එරබඳු මල් පිපිලා, අප අපට අයිති " සහ  නලින් පෙරේරා සමග ගයන"සඳ එළියෙන් " යන ගීත ඊට නිදසුන් වේ.

මේ ගීතය, කුශිනාරා නගරේ, ලියන්න බැ, මම යන්නම්, නැසෙන අහසට, ඔහු අයිති, මේ සුළං, සඳ පායලා, සඳ වතුර, ආදරේ ආදරේ, දුකක් දැනුණා, යන ගීතද යුග ගී ලෙසලපලු ලතා- (ඇනස්ලි නානායක්කාර) සමනලුන්ට අත වනන්න (දයාරත්න පෙරේරා) මගේ සිත (වෝල්ටර් කල්පගේ) මඳ සුළඟ (ෂර්හන් ශාන්) මාලති ලතා (කිත්සිරි ජයසේකර) ලං ලංවී (ලාල් අමරසිරි) කුරුළු රැන් (කපිල සුගල ආරච්චි)  සැන්දවේ වැසි (ලලිත් කළුබෝවිල) සයුර නුඹ (කපිල සුගල ආරච්චි ) සිත් නැමුණු කුල (රන්ජිත් ගුරු සිංහ) සමග ගායනා කල අතර  ගීත 100 ට අධික ප්‍රමාණයක්  ගැයූ නෙලූ අධිකරි, කපිල පුගලආරච්චි නම් සංගීත වේදීයා සමඟ විවාහ වී දයාබර බිරිඳක් මෙන්ම තරු තත්සර සහ සඳුනි පියුමිකා යන පුතු සහ දියණියට දයාබර මවකි.

28-08-2014 දින ගීරේඩියෝ සමග නෙලූ අධිකාරි කල සාකච්චාවක් ඇසුරෙනි.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page