top of page

කපිල පූගලආරච්චි

 

     සංගීත අධ්‍යක්‍ෂවරු අතර විවිධ සංගීත ශෛලීන් ස්පර්ෂ කරමින් නිර්මාණකරණයට කපිල පූගලආරච්චි හලාවත පදිංචිකරුවෙකි. කරුණාතිලක පූගලආරච්චි සහ ශ්‍රියානි ප්‍රනාන්දු යන මා පියන් ඔහුගේ දස්කම්කුඩා කල සිට හඳුනාගෙන තිබුණි. ඔහු අධ්‍යාපනය ලැබුවේ හලාවත ආනන්ද විදුහලෙනි. පාසල් අවධියේ සිටම ක්‍රියාශීලි සිසුවෙකු වූ ඔහු කුඩා කල සිටම සංගීත භාණ්ඩ වාදනය ස්වඅධ්‍යයනයන්හි යෙදුණි. මෙලෝඩිකාව, බටනලාව වැනි සංගීත භාණ්ඩ වාදනය කරමින් ඔහු සංගීතයට අත්පොත තැබීය. පියා බෞද්ධයෙකු වූ අතර මවකතෝලික භක්තිකයෙකු වුයෙන් පල්ලිය, පන්සල තුළින් ඇසුණු දේ තුළින් ඔහුගේ සංගීත දැනුම පුළුල් කර ගැනීමට ඔහු උත්සහ කළේය. වෙන්සස් පෙරේරා ගුරුතුමා යටතේ මුල් යුගයේ ගායනය හැදෑරු කපිල පූගලආරච්චි පාසලේ 8වසරේ සිටින විට නාට්‍යයක් සඳහා සංගීත අධ්‍යක්ෂණය කළේය. වේදිකා නාට්‍යයක සංගීත අධ්‍යක්ෂණය කිරීමතරමක් අසීරු කාර්යයක් වුවද, එවකට පාස්කු කාලයේ වේදිකා ගත කළ මෙම පාස්කු නාට්‍යයකට සංගීත අධ්‍යක්ෂණය කිරීමේ අභියෝගය ඔහු ජය ගත්තේය. බොහෝ දෙනාගේ ප්‍රසංසාව මැද තරුණ දක්ෂතා දුටු ඔහුට සංගීත කණ්ඩායමක ඔර්ගනය වාදනය කිරීමට අවස්ථාව උදා විය. 1984 දී පාසලේ සාමාන්‍ය පෙළ විභාගය අවසාන වූ පසු, සරත් ප්‍රනාන්දු ප්‍රමුඛව ස්පෙට්රම් සංගීත කණ්ඩායමට එකතු විය.

රන්ජිත් දිසානායක නිර්මාණය කළ වේදිකා නාට්‍ය කිහිපයකටම සංගීත අධ්‍යක්ෂණය කළේ කපිල පූගලආරච්චි විසිනි. සැණකෙළිය හමාරයි, ඉර යට, සක්වා දහවල ඉන් කිහිපයකි. 1992 සක්වා දහවල නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කිරීම වෙනුවෙන් එම වසරේ යෞවන සම්මාන උළෙලේ හොඳම නාට්‍ය සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය ඔහු හිමි කරගන්නා ලදී. ඉන් පසුව, "මට වෙඩි තියන්නැද්ද", "හංසයින්ට මං ආසයි", "වීරයා මැරිලා", "බකමුණා විදී බසී", "ආදර වස්තුව" යන නාට්‍ය ගණනාවකම සංගීත අධ්‍යක්ෂණය කරමින් වේදිකා නාට්‍යයන්ට අවශ්‍ය ගීත නිර්මාණය කරන ලදී. ඉහළ සංගීත අධ්‍යාපනයට සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ කපිල පූගලආරච්චිට සංගීතවේදී ඩිලුප් ගබඩාමුදලීගේ මුණගැසීමෙන් ඔහුගේ සහාය ඇතිව ඔහු සමඟ සංගීත නිර්මාණකරණ සහායකයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව උදා විය. ඒ අනුව 1994 වසරේ Young Asia Televition (YA Tv) ආයතනයේ සංගීත අධ්‍යක්ෂ සහයක ලෙස සහ පසුව සංගීත අධ්‍යක්ෂකයෙකු ලෙස වසර 13ක් ඔහු නිර්මාණ ගණනාවකට දායක වීසංගීතමය දැනුම පරාසය විවිධාකාර ලෙස පුළුල් කර ගන්නා ලදී. පසුව ඩිලුප් ගබඩාමුදලි සංගීතවේදියා සමඟ ගායන කටයුතු සඳහා හවුල් වීමෙන් ඔහුගේ අත්දැකීම් බහුල විය.

විවිධ රටවල සංගීත රටාවන් හදාරමින්, චීනය, ඉන්දියාව, බංගලාදේශය, ජපානය, දකුණු ඉන්දියාව වැනි රටවල් වෙනුවෙන් නිර්මාණය වූ වැඩසටහන් සඳහා සංගීත නිර්මාණය කිරීමෙන් ඔහු ගේ සංගීතමය අත්දැකීම් බහුල විය. 1999 වසරේ නෙලූ අධිකාරී සමඟ "සයුරේ රළසේ" යන ගීතය එළි දැක්වූ ඔහු වේදිකා නාට්‍ය සහ ටෙලිනාට්‍ය ගීත නිර්මාණයට මුල් තැන දුන් ශිල්පියෙකු විය. 2001 වසරේ රංජිත් දිසානායකගේ වැරදි වැටහීම වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය කරමින් හොඳම සංගීත අධ්‍යක්ෂක ලෙස සම්මානය හිමි කරගන්නා ලදී. අශෝක හඳගම  2004 වසරේ නිර්මාණය කළ "මේ පාරෙන් එන්න" ටෙලි නාට්‍ය හි සංගීත අධ්‍යක්ෂණය කළේ ද ඔහු විසිනි. එම සංගීත නිර්මාණ සඳහා වසරේ හොඳම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණයට හිමි සුමති සම්මානයෙන්ද, O.C.I.C. සහ රයිගම් සම්මානය ද ඔහු විසින් දිනා ගන්නා ලදී. එකම සංගීත අධ්‍යක්ෂකවරයෙකු සම්මාන 03 එකම නාට්‍යකට හිමි කර ගැනීම විශේෂ සිදුවීමකි. ඒ ඔහුගේ සංගීත නිර්මාණකරණයේ විශේෂත්වය නිසාවෙනි.

 2008 වසරේ අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ "නැගෙන හිර වෙරළෙන්" ටෙලි නාට්‍යයට සංගීත අධ්‍යක්ෂණය කරමින් එම වසරේ සුමති සම්මානය දිනා ගන්නා ලදී. පසුව ඔහුගේ සංගීත සංයෝජනයේ තිබූ උසස් බව නිසාවෙන් අශෝක හඳගම ප්‍රතිභාපුර්ණ චිත්‍රපටි අධ්‍යක්‍ෂවරයාගේ "විදු" චිත්‍රපටිය සහ "ඉනියාවන්" චිත්‍රපට සංගීතවත් කළේය. "ඉනියාවන්" සිංහල අධ්‍යක්ෂකවරයෙකු විසින් කළ දමිළ චිත්‍රපටියක් වුයෙන්, එහි සංගීතය ඉතා සංයමයකින් ඔහු  නිර්මාණය කර තිබුණි. එම චිත්‍රපටි දෙකෙහිම සංගීතය සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ ඇගයීමට ලක් විය.

ටෙලි නාට්‍ය 30කට අධික ප්‍රමාණයක සංගීත අධ්‍යක්ෂණය කළ ඔහු "Kapila & Friends" නමින් සංගීත කණ්ඩායමක්ද ආරම්භ කරන ලදී. හර්ෂණ දිසානායක, අමරසිරි පීරිස්, නෙලූ අධිකාරී, ටී.එම්. ජයරත්න ඇතුළුවිවිධ ගායක ගායිකාවන් වෙනුවෙන් ගී නිර්මාණය කළ ඔහු, වාදකයෙකු ලෙසද රෝහණ වීරසිංහ, භාතිය සහ සන්තුෂ්, මනෝජ් පිරිස් යන විවිධ ශෛලීන් අනුව නිර්මාණකරණයේ යෙදෙන ශිල්පින් සමඟ කටයුතු කරන ලදී. විවිධ තලයේ සංගීත ශෛලීන් ස්පර්ශ කළ කපිල පූගලආරච්චි නිර්මාණය කරන සංගීතය තුළ ඒ ඒ තේමාවන්ට අනුව විවිධ සංගීත රටාවන් මුසු වන ලෙස සංගීතය නිර්මාණය කිරීම ඔහු ප්‍රගුණ කර ඇත. ගායනයට පුර්ණ දක්ෂතාවයක් ඇති ඔහු ගායනයට වඩා සංගීතය නිර්මාණයට මුල් තැන දෙන ශිල්පියෙකි. ප්‍රවීන ගායිකා නෙලූ අධිකාරී සංගීත ශිල්පිණිය හාවිවාහ වූ ඔහු දයාබර ස්වාමිපුර්ෂයෙකු මෙන්ම දරුවන් දෙදෙනෙකුගේ දයාබර පියෙකු වන අතර දක්ෂතාවයන් රැසක් හෙබි නිහඬ නිර්මාණ ශිල්පියෙකි.

27-08-2014 දින කපිල පූගලආරච්චි සමඟ ගී රේඩියෝ කළ සාකච්චාවක් ඇසුරෙනි. 

සකස් කළේ - ටී. එල්. දේවා

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page