top of page

ඉන්ද්‍රානි පෙරේරා

 වේදිකාවේ ඇය පළමු වරට මේ ගීතය ගායනා කරද්දී ඝෝෂාවෙන් පීරී තිබු ශාලාව " මීයට පිම්බා සේ" නිසොල්මන් විය. ඒ ඇගේ හඬ ගෙනා මිහිරියාවයි. කොළඹ බොරැල්ලේ උපත ලැබූ ඉන්ද්‍රානි පෙරේරා අධ්‍යාපනය ලැබුවේ කොළඹ ප්‍රෙස්බිටේරියන් විද්‍යාලයෙනි. තම සොයුරිය මල්ලිකා ඩබ්. ඩී. අමරදේවයන් යටතේ සංගීතය හදාරමින් සිටින විට ඉන්ද්‍රානි පෙරේරා ඇය ආදර්ශයට ගත්තාය. නිවසේ තිබු ටේප් රෙකෝඩරයකට ඇය ගීත පටිගත කරමින් ඇයගේ ගායනයේ අඩු පාඩු සකස් කර ගනිමින් ගායනය තුළ ස්ව අධ්‍යනයක යෙදුනාය. ඇයගේ කුසලතා හඳුනාගත් පාසලේ  සංගීත ගුරුතුමිය ඇය අන්තර් ජාතික පාසල් ගයනා තරඟයකට යොමු කළාය. ඇය මුළු දිවයින තුළ පාසල් තරඟකාරියන් සමඟ තරඟ වැදී 4 වන ස්ථානය දිනා ගන්නා ලදී. එවකට ඇය සාමාන්‍ය පෙළ හදාරමින් සිටින යුගයක් විය. නිවසේදී ඇයබොහෝවිට ගායනා කළේ බටහිර ගීතයන් වූ අතර බටහිර ගී ගායිකාවක  වන්නට ඇය සිහින මැවීය.

ජෙරල්ඩ් වික්‍රමසුරිය මහතාගේ නිවසේදී, ක්ලැරන්ස් විජේවර්ධනයන් ඇයගේ හඬ පරික්ෂා කරන ලදී. ඇය ඔහුගේ ගිටරය වයන තනුවට "දිල්හානි දුවනි" ගීතය ගායනාකළාය. ඔවුන් ඇය ගැන පැහැදිනි. ඇය කණ්ඩායමට තෝරාගෙන 1967 ගීතය පටිගත කරන ලදී. ඇයගේ හඬම එහි Harmony ගායනා සඳහා ද යොදා ගන්නා ලදී. සඟබෝ කොරයා මහතාගේ දියණිය දිල්හානි කොරයා වෙනුවෙන් නිර්මාණය වූ මේ ගීතය තැටි ගත කළ පසු රසිකයන් අතර ප්‍රසිද්ධ නොවුයෙන්  පාසල් මිතුරියන් එම ගීතය  ප්‍රසිද්ධ ගීත අතරට එක් නොවීම ගැන කතා කළෝය. නමුත් මෙම ගීතය ගුවන් විදුලියේ ඉංග්‍රීසි සේවය තුළින් ප්‍රචාරය වීමත් සමඟම නොසිතු ලෙස ගීතය මුළුදිවයින පුරාම ජනප්‍රිය ගීතයක් බවට පත් විය.ගී තැටි අවසන් දෙවෙනි වරටද නිෂ්පාදනය කිරීමට සිදුවිය. ඇය කණ්ඩායම සමඟ සංගීත සැදෑවන් ගණනාවකට සහභාගී විය. "වන දෙව්ලිය තුරුලේ", "කාගේද ගොන්වස්සා", "සුදුමල් පිපුණු අතු කොනේ" යන ගීත  ඇය කණ්ඩායම සමඟ ගායනා කළාය. පෙම්කතාව, කාගේද ගොන් වස්සා, සුමුදු මල් ගීත සඳහා යුග ගායනයෙන් ඇනස්ලි මාලවන සහය විය.

1969 වසරේ ඇය මුන්ස්ටෝන්ස් ගායක කණ්ඩායමෙන් ඉවත් විය. 1969  දෙසැම්බර් 31 වන දින තම සොයුරියන් දෙදෙනා සමග "ත්‍රී සිස්ටර්ස්" නමින් ඇයගේ මකණ්ඩායමක්  නිර්මාණය කර ගනිමින් කුළුදුල් ගී තැටිය "ඔබ සොයනා කළු කෙල්ල මමයි" නමින් එළි දක්වන ලදී. "පෑහී එක ලෙස බැඳී", "ආදරේ කියන්න දන්නේ නෑ" යන ගීත එහි අඩංගු විය. එම ගීත හේමසිරි අල්විස් සහ ලක්ෂ්මන් පෙරේරා පද රචනා කළ අතර වික්ටර් දළුගම සංගීත නිර්මාණය කරන ලදී. 1980 දසකය වනතුරුමඇය ත්‍රී සිස්ටර්ස් සංගීත කණ්ඩායම නමින් ගීත ගායනා කළ මුත් වරින් වර විවිධ ගායකයන් සමඟ යුග ගීත ගායනා කළාය. කිසිම අනුකරණයකට හසු නොවූ කිසිවෙකුට අනුකරණ කිරීමට නොහැකි අසීරු වූ හඬ පෞර්ෂයක් හිමි ඉන්ද්‍රානි පෙරේරා. විවිධ රිද්මයන්ට විවිධ වූ ගීත 1000 ට අධික ප්‍රමාණයක්  ගායනා කර ඇති අතර 1970 යුගයේ ඇය ගායනා කළ "මතකය ඇසුරින්" මව් ගුණ ගීතය ඇයගේ මව වෙනුවෙන් ක්ලැරන්ස් විජේවර්ධනයන් නිර්මාණය කළ ගීතයක් වූ අතර ඇයගේ ගායනයේ හැඟුම්බර බව ගීතය තුළ ප්‍රාණය වඩා ඉස්මතු වී ඇත.

1972 - සිහින ලොවක්

1974- ජීවන ගංගා /දිනුම් කනුව

1975- තරංගා/දමයන්ති /සිකුරුලියා

1976- දුහුලු මලක් /ලෝක හොරු

1977- පෙම්බර මධු

1978- සාරා/කුණ්ඩලකේෂි/අනුපමා

1979- සමන්මලී/අනුෂා/සුගන්දි/පොඩි මල්ලී/හරි පුදුමයි

1980- සීතා/සයුරක පැතුම්

1981- කෝලම්කාරයෝ /සයුරුතෙර

1982- සුදු අයියා /අනුරාධා/හලෝ ශාමා/ චතු මධුර

1983- චන්දීරා / සිව් රඟ සේනා/සමු ගනිමි මා සැමියනි

1984- සමනළ සිහිනය

1985- ශිරානි/බට්ටි

1986- චලිත රංශාලි/පුතුනි මට සමාවෙන්න/ප්‍රාර්ථනා

1990-පෙම් රජ දහන  

ඇතුළු බොහෝ ජනප්‍රිය සහ නවක ගයකයන් සමඟ යුග ගීත ගායනා කළ ඇය රුක්මණී දේවි ගායනා කළ "ඔලු මලේ සුදෝ, අන්න සුදෝ" වැනි ගීත ඇයට උපහාර ලෙස නැවත ගායනා කරන ලදී. කණ්ඩායම් සංගීතයෙන් ශාස්ත්‍රීය ගීතයට, යුග ගීතයට මෙන්ම චිත්‍රපටි පසු බිම් ගීත ගායනයට ඇය පිවිසෙන ලදී. "වසන්තයේ මල් කැකුලයි, ඉරට අකීකරු, පවන් සුසුම්" වැනි ගීත ඇතුලුව

යන චිත්‍රපටි ගණනාවකට ගායනයෙන් දායක විය. කණ්ඩායම් සංගීත ලොවේ ගී කෝකිලාවිය යනුවෙන් විරුධාවලිය ලැබූ ඇය වඩාත්  ප්‍රිය කරන ගීත "අම්මා, සහ ඉරට අකීකරු" යන ගීත වේ. තමන්ටම අවේණික වූ ශෛලියකින් හා තමාටම ආවේණික හඬකට හිමිකම් කියන ඉන්ද්‍රානි පෙරේරා ඇයගේ මතකයේ රැඳෙන ඇයගේ ගීත නැවත රසිකයන් හට තිළිණ කිරීමට කටයුතු කරගෙන යන සුහදශීලි ගායිකාවක් වන අතර ජේම්ස් මහතා සමඟ විවාහ වී දයාබර බිරිඳක් සහ දරුවන් දෙදෙනෙකු ගේ දයාබර මවකි.

"කණ්ඩායම් සංගීත කලාවේ ජනප්‍රිය සහ ප්‍රසිද්ධ යන අංශ දෙකම ජයගත් ගීතයක් විය. එම ගීතය ගායනයේදී මුන්ස්ටෝන්ස් ගායක කණ්ඩායම සමග  මුසු වූ හඬක්විය. ඒ හඬ ඉන්ද්‍රානි පෙරේරා නම් කෙවිලියගේ විය. ගීතය 'දිල්හානි දුවණී' නම් ගීතයයි."

ලපලු සෙවණේ - ක්ලර්නස් විජේවර්ධන සමඟ
පවුරු වළල්ලක් - ඇනස්ලි මාලවන සමඟ
සමුගෙන යන්නෙමි - වර්ණන් පෙරේරා සමඟ
පාලා කරුණා දයා - අනිල් භාරති සමඟ
සමනළ රෑනක් සේ -  මිල්ටන් මල්ලවආරච්චි සමඟ
නිරංජලා කාටදෝ - ප්‍රියන්ත ප්‍රනාන්දු සමඟ
සඳ තනි වෙලා - ලකී දේවා සමඟ
පාර දිගේ - ශාමල් උඩවත්ත සමඟ
කතිරිනා - ඩෙස්මන් ද සිල්වා සමඟ
ආශා වෙතට -  රෝහණ වීරසිංහ සමඟ
කොඩි ගහයට - ඇන්ජලින් ගුණතිලක සමඟ
මල්සර හදකට -  H.R ජෝතිපාල සමඟ
මා දෑස -  සමන් ද සිල්වා සමඟ
රාබු තේර සිවා - සුනිල් සහ පියල් සමඟ
වැලිබත් ඉව්වා - අබේවර්ධන බාලසුරිය

බටහිර සංගීත කණ්ඩායමක් සමඟ ගායනා කිරීමට ඇය තුළරුචිකත්වයක් ඇති විය. එවකට බටහිර ගී ගායනා කරන දේශීය ගායිකාවන් වූ ඩැල්රින් අනෝල්ඩා, ජෙට් ලයිනර්ස් කණඩායමේ මිනෝන් රත්නම් ඇය ප්‍රිය කළගායිකාවන් විය. පාසලේදී බටහිර සංගීතය හැදෑරු ඇය ඉංග්‍රීසි ගීත ගායනයට දක්ෂතාවයක් දක්වන ලදී. සංගීතයට ඇල්මක් දැක්වුවද වෛද්‍යයවරියක් වීමටද සිත තුලඅධිෂ්ඨානයක් තිබිණ. එම නිසාම ඇය කොළඹ කාන්තා විදුහලට ඇතුලත් විය. අධ්‍යාපනය අතර සංගීතයට ඇති රුචිකත්වය වරින් වර ඉස්මතු විය. 1966 වසරේඩැල්රින් ආනෝල්ඩා ආරම්භ කර තිබු "fire flies" කණ්ඩායමට  ගායිකාවක් ලෙස සම්බන්ධ වීමට ඇයට අවස්ථාව උදා විය. නමුත් එම කණ්ඩායම සමඟ ගී ගයන්නටත් පෙර ඇයට "මුන්ස්ටෝන්ස් " කණ්ඩායමට සම්බන්ධ වීමට ඇයගේ මිතුරියකගේ මාර්ගයෙන් අවස්ථාව උදා විය.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page