
ඩැල්රීන් සුබී



1966 වසරේදී ඇයට ලංකාවේ බිහි වී තිබූ ජනප්‍රිය බටහිර සංගීත කණ්ඩායමක් වූ "ජෙට් ලයින්ර්ස්" (කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී වගේ ගීතය ඔවුන්ගේ ගීතයකි) යන ගායක කණ්ඩායමට ගායිකාවක් අවශ්‍ය වී තිබුණු අතර ඒ සඳහා පරික්ෂණයට සහභාගී විය. නමුත් ඇයට ගායනා කිරීමට නොහැකි බව ඔවුන් පැවසුවෝය. ඇයගේ සිත මෙම පරාජය නොපිළිගත්තාය. ඉන් තම අරමුණට කෙසේ හෝ යා යුතුයැයි අධිෂ්ඨාන කර ගත් ඇය Fire flash යන බටහිර සංගීත කණඩායම ආරම්භ කළාය. ගායනා කිරීමට නොහැකියැයි කියූ ඇය අපුරුවට බටහිර ගීත ගායනා කළාය.
ඇයගේ දක්ෂතාවය නිසා ඇය 1967 "සැවෙජ්ර්ස්" යන කණ්ඩායමට එකතු වී වියට්නාමයට ගායනය සඳහා ගියාය. රාජ් සෙනෙවිරත්න, කැල්වින්, එවර්න් සහ බර්ට්රම් ඩැනියෙල් සමඟ ඇය මෙම කණඩායම නියෝජනය කළ අතර ඒ වන විට ලංකාවෙන් විදේශීය රටකට ගායනය සඳහා ගිය පළමු සංගීත කණ්ඩායම ඔවුන් විය. අත්දැකීම් සහිතව නැවත ලංකාවට පැමිණි ඇය Spit Fires යන සංගීත කණ්ඩායමට එකතු විය. ඇයගේ යොවුන් හඬ අනුකරණයෙන් මිදී තමාට අවේණික වූ ශෛලියට බටහිර ගීත ගායනා කිරීමට පසුබට නොවීය. ඇයගේ දක්ෂතා ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවිය. 1975 වසරේ ඇය ජර්මනයේ දී ඇයගේ ස්වනිර්මාණ E.P තැටියක් නිකුත් කරන ලදී. ඉංග්‍රීසි ගීත 2ක් සහ ජර්මානු භාෂාවෙන් ගීත දෙකක් පටිගත කළාය. "Stranger boy with a little love" ඇතුළු මෙම ගීත ශ්‍රී ලංකික ගායිකාවක ජර්මනියේ කරන ලද පළමු ගීත 04 විය. නැවත ලංකාවට පැමිණි ඇය "ඇමසිං ග්‍රේස්" සංගීත කණ්ඩායමට එකතු විය.

1978 යුගයේ ඇයට මුණ ගැසුණු ක්ලැරන්ස් විජේවර්ධන ඇයට අපුරු යෝජනාවක් කරන ලදී. ඒ බටහිර ගීතයට පමණක් සීමාවූ ඇයගේ හඬ සිංහල ගීත ගායනයට යොමු කිරීමටය. ඔබ මා සතු වෙයි කියා, අප දෙදෙනා, ඔබ හා සැමදා, චුඩා මාණිකේ යන ගීත ඇය තැටි ගත කලාය. "අප දෙදෙනා පමණක් ලොව තනිවී "ගීතය ඇය ක්ලැරන්ස් විජේවර්ධන සමග ගායනා කරන ලදී. ඇය බර්ගර් ජාතික කාන්තාවක් වූ නිසා ඇයට පිහිටියේ බටහිර උච්චාරණ ශෛලියකි. එම ශෛලිය නිසාම රසිකයන් හටමෙම ගීත තුළ විශේෂත්වයක් දැනිණි.

1980 යුගය වන විට ඇය E.P සහ L.P තැටි වෙනුවෙන් "ටික්කි ටිකිරි", "සුරංගී", "රාන් කුරුල්ලා", "ගෙපැලට ආවා" යන ගීත පටිගත කරන ලදී. "සුරංගී" ගීතය බටහිර ගීතයක් වූ "මලයිකා" යන ගීතයේ තනුවට අනුව ගායනා කරන ලදී. නැවත සිල්වර් ලයින් රේකෝඩ් ලේබලය යටතේ "දන්නෝ බුදුන්ගේ" ගීතයද "දුන්හිඳ හැලෙනා" යන ගීත ගායනා කළාය. ඇයගේ වචන උච්චාරණය තුළ ඇත ි වෙනස නිසාම විවේචනයට මෙන්ම ප්‍රසංසාවට ද ඇය ලක්විණ.

ගායනය තුළ ඇති විශේෂත්වය නිසාම තොරාණා ලේබලය CD තැටි දෙකක් සඳහා ගීත ගායනා කළාය. "ටික්කි ටිකිරි" ගීතය දිවයින පුරා සැම පන්තියකම ජනතාව රස විදින ගීතයක් විය. ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශීය රසිකයන් අතර පවා ජනප්‍රියත්වය හිමි කර ගත් ඇයගේ ප්‍රියතම විදේශීය ගායිකාව ටීනා ටර්නර් වුවත් කිසිදා ඇය අනුකරණය නොකරන සහ අනුකරණය හෙළා දකින ගායිකාවකි. ක්ලැරන්ස් විජේවර්ධන, ඩෙස්මන් ද සිල්වා, රජිව් සෙබස්තියන් සමඟ යුග ගී ගායනා කළ ඇය නන්දා මාලනි සමඟ ද යුග ගීතයක් ගායනා කළාය. දෙස් විදෙස් රසිකයන් පිනවමින් විදේශීය ගායන තරග විනිශ්චය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇය ගායනයේ වාදනයේ දක්ෂතා ඇති අත්දැකීම් පුර්ණ ගායිකවකි.

ගායනය දායාදයක් කර ගනිමින් මෙලොවට උපන් බර්ගර් ජාතික ඩැල්රීන් ඩිකර්ට්සර් (ඩැල්රීන් සුබී) පොප් සංගීත ලෝකයේ සිටින දක්ෂ ගායිකාවකි. වෘත්තීමය සංගීත ශිල්පීණියක් වූ ඇයගේ මව පියානෝ වාදනය කළ අතර අගේ පියා ඩග්ලස් ඩිකර්ට්සර් දක්ෂ බැන්ජෝ වාදන ශිල්පියෙකු විය. ඇයගේ මවගේ පාර්ශවයේ දෙමාපියන් ද දක්ෂ වයලින් වාදකයින් වූ නිසා ඩැල්රීන් සූබී නම් ඇයට ඇයගේ පවුල් පරිසරය සංගීතමය උද්දීපනයක් ඇති කරන ලදී. ඇයට වයස අවුරුදු 9ක් වන විට ගුවන්විදුලියේ සංගීත තරඟ සඳහා සහභාගී වූ ඇය ඉන් ජයග්‍රහණය කළාය. කුඩා වයසේ පටන් තම මවගෙන් පියානෝ වාදනය ඉගෙන ගත්තාය.
2014-07-25 දින ගී රේඩියෝ සමග චන්දිමාල් ප්‍රනාන්දු කළ සාකච්චාවක් ඇසුරෙනි
