
චන්දිමාල් ප්‍රනාන්දු



පසුව 1980 පාසලේ ශිෂ්‍ය භට (Brass Band) පිත්තල සංගීත භාණ්ඩ වාදනය කරන සංගීත වෘන්දයට එකතු විය. පෙරදිග සංගීතයේ මෘදු තැන් අධ්‍යයනය කළ හෙතෙම රන්වල මහතා යටතේ සංගීතමය දැනුම පුළුල් කරගෙන සිටියේය. හඬ පාලනය, සංගීත භාණ්ඩ නාද මුසු කිරීම ඇතුළු සංගීතමය තරඟයකට මුහුණ දීමේදී සෞම්‍ය සංගීතයක් ගොඩනැගීම ගැන පූර්ණ අවබෝධයක් ගුරුතුමාගෙන් ලබාගෙන තිබුණි. කෙමෙන් ඔහු පෙරදිග වාදන ශෛලියෙන් බටහිර වාදන ශෛලියට පියවර තබන විට ඒ අත්දැකීම් මත පාසල් තරගවලට මුහුණ දීමට ඔහු අත්දැකීම් පිරුණු නිර්භීත ශිෂ්‍යයෙකු විය. රාජකීය විදුහල් "සාගා" සංගීත වැඩසටහන ආරම්භ කළේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. එකල හමුදාවේ සංගීත උපදේශකවරු යටතේ පුහුණුවීම් ලැබූ හෙතෙම 1980 වර්ෂයේ කණ්ඩායමේ පළමු සාජන් සහ 1981 සාජන් මේජර් තත්වය ලබා ගත්තේ සංගීත භාණ්ඩ කිහිපයක් වාදනය කිරීමේ දක්ෂතාවය දක්වමිනි. ට්‍රම්පට්, ට්‍රොම්බෝන්, ක්ලැරිනට්, ඊ ෆොනියම්, කෝනට් යන සංගීත භාණ්ඩ ඔහු වාදනය කළේය. එම දක්ෂතාවය නිසා එම සාජන් මේජර් තනතුර ඔහු වෙත යුධ හමුදාවෙන් පිරිනැමුණි. පසුව ඔහු විසින් ම පාසල් සංගීත වෘන්දයේ උපදේශකයා බවට පත් විය. මෙම යුගයේම ඔහු ඔර්ගන් වාදනයට පියවරක් තැබුවේය. Yamaha D:600 ඔර්ගනයක් පියාගෙන් ඔහු වෙත ලැබුණේය. එකල මිලෙන් අධික වූ එවැනි ඔර්ගන් වාදනය කළේ සුළු පිරිසකි.
සංගීතමය දැනුමත් සමඟ ඔහු රැකියාවක් ලෙස යුධ හමුදාවට සම්බන්ධ වුවද ඔහුගේ නිවසින් තිබූ විරුද්ධතාවය නිසාවෙන් ඔහු ඉන් ඉවත් විය. 1982 වසරේ Air Lanka හී රැකියාවකට ගියේ හමුදාවට යන සිහිනය අමතක කරමිනි. එනමුදු සංගීතය අධ්‍යනය කිරීම ඔහු අත් නොහැරියේය. මෙම වසරේම ඔහු ස්වඋත්සාහයෙන් අධ්‍යයනයේ යෙදී වෘත්තීය ඔර්ගන් වාදකයෙකු බවට පවත්වන්නේ කොළඹ තරු පහේ හෝටල් සංකීර්ණයේ ඔර්ගනය වාදනය කිරීමට අවස්ථාව උදා කරගනිමිනි. ඔහු වාදනය කරන මිහිරි නාදවලට රසිකයන් ගෙන් ලැබෙන ප්‍රතිචාර තුළින් ඔහු දිරිමත් විය. ඝෝෂාකාරී සංගීතයට වඩා මනස නිවන, බටහිර, සිංහල යන සෑම ශෛලියකටම ගීත ඔහු වාදනය කළේය. 1986 වසරේදී ඔහුගේ සංකල්පයක් මත සියක් හඬ කැරෝල් ගායනා ශෛලියක් ගුවන් සේවයට හඳුන්වා දෙමින් කුවේණි ප්‍රේමරත්න, ඩිලුප් ගබඩාමුදලිගේ යන ශිල්පින්ද සම්බන්ද කරගනිමින් ඔහු වාදනය මෙහෙවිය. එය ගායනයේ නව හඳුන්වාදීමක් විය. පෙර ලැබූ අත්දැකීම් මත සියක් හඬක් එකට මුසු කරන ලදී.

1986 වසරේ මුල් අවධියේ ඔහුගේ කුළුඳුල් වාදන කැසට් පටය "One way wind" සංගීත ලොවට හඳුන්වාදෙන ලදී. එය ඒ වන විට බිහි වූ පළමු වාදන කැසට් පටය විය. එම වාදනයන් තුළ ගැබ් වූයේ සිත නිවන ගීත අනුවාදන වේ. නවක හඳුන්වාදීමක් බැවින් එවකට රසිකයන්ට මෙය නුහුරු අත්දැකීමක් විය. එනමුදු වාදකයෙකු ලෙස කාර්යබහුල පුද්ගලයෙකු විය. 1986 වසරේම ඔහු රැකියාවෙන් ඉවත්විය. එම වසරේම මොරටුවේ පදිංචි දිළිනි වීරසිංහ මෙනවිය සමඟ විවාහ විය.

1987 ඔහුගේ දෙවන වාදන කැසට් පටය නිකුත් කරන ලදී. ඕගන් (D 60 Piano) වාදනයන්ට (doctor rythm drum machine) වාදන විද්‍යුත් භාණ්ඩය භාවිතා කරන ලදී. "ඕලු පිපීලා" "Cherry pink","Never on sunday"යන බටහිර, දේශීය ගී තනු එම වාදනයන්හී අඩංගු විය. මෙම ශෛලියේ කැසට් සංගීත ලොවට හඳුන්වාදීමට ඔහු නොයෙක් උපායන් යොදන ලදී. මෙම ගීත පසු කලක රසිකයන්ට තිළිණ කළේ ෆාමසි මඟනි. මනසනිවන වාදන ඇතුලත් මෙම ගීත රසිකයන්ට ඖෂධයක් ලෙස රසය ගෙන දෙන ලදී. මෙම කැසට් පටය එතුලින් බොහෝ ජනප්‍රියත්වයට පත්විය. ඉන් පසුව "Dreams" "Flames" "champ" ඇතුළු ගී වාදන කැසට් 06ක් ඔහු එළිදක්වන ලදී චන්දිමාල් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ ප්‍රථම "one man" සංගීත කණ්ඩායම් ශිල්පියා විය.

නැවතත් 1982 ඔහු බෙවලි බෙරෙන්ජර් සමඟ (duo) යුගල සංගීත කණ්ඩායම් ශෛලියක් හඳුන්වා දුන්නේය. පසුව බෙවලි වෙනුවට නලින් ප්‍රනාන්දු සම්බන්ධ විය. 1993 "Inspiration" යනුවෙන් වාදන සංයුක්ත තැටියක් එළි දක්වන ලදී. මෙය ශ්‍රී ලංකාවේ ශිල්පියෙකු ලෙස එළිදැක්වූ වූ පළමු සංයුක්ත තැටිය වේ. ඔහු විසින් සංගීත ලොවට නව හඳුන්වාදීමක් විය. එම සංයුක්ත තැටියේද අඩංගු වූ ගීත තුළද තිබුණේ මනස නිවාලන සංගීත කාණ්ඩයන්ය. බටහිර ශෛලිය මිශ්‍ර වූ සිංහල ගී අනුවාදනයන්ය. ඉන්පසු "celebration" "sensation" යනුවෙන් සංයුක්ත තැටි එළි දක්වන ලදී. 1987 -1988 යුගයේ නැවත ඔහු සංගීත ක්ෂේත්‍රයට නව හඳුන්වාදීමක් කළේය. එනම් ත්‍රි පුද්ගල සංගීත කණ්ඩායම් හඳුන්වා දීමයි. (Trio) ඒ ඔවූන් සමඟ අශෝක් ඇන්ටන් සම්බන්ධ කරගැනීමෙනි. මෙම නවක හඳුන්වාදීම් තුළින් පියවර තබද්දී 1991 නැවත ඔහු චන්දිමාල් "2nd Conection"යනුවෙන් කණ්ඩායමක් ආරම්භ කරන ලදී. එවකට කොළඹ ගලධාරි හෝටලයේ කළමනාකරුවෙකු ඔහුට දුන් අදහසක් අනුව මෙම නම පාවිච්චි කරන ලදී.

චන්දිමාල් ප්‍රනාන්දු සංගීත ලෝකයට නව සංගීත නිර්මාණ හඳුන්වා දුන් කලා ශිල්පියෙකි. 1964 ජුනි මස 8 වන දින මොරටුවේ කොරළවැල්ලේ උපන් ඔහු කොළඹ රාජකීය විදුහලේ අධ්‍යාපනය ලැබුවේය. පාසලේ සංගීත ගුරු පියාණන් වූ ලයනල් රන්වල ගුරු පියා යටතේ සංගීතය හැදෑරූ චන්දිමාල් වයලීනය අධ්‍යයනයට ද අවධානය යොමු කළේය. පසුව ඔහු පාසලේ සංගීත වෘන්දයේ වයලීන් වාදකයෙකු ලෙස 1980-1981 යුගයේ දස්කම් දැක්වූ අතර එකල අන්තර්පාඨශාලා හොඳම සංගීත වෘන්දය ලෙස ඔවුන් තේරීපත් වූහ.
පසුව ගායන සහ වාදන යුගල CD තැටිය හඳුන්වා දෙන ලදී. මෙහි ඇති විශේෂත්වය සවනට මිහිර ගෙන දෙන අයුරින් සංගීතය නිර්මාණය වී තිබීම විය. 1992 -1993 යුගයේ නැවතත් ඔහු වීඩියෝ සි.ඩී පටයක් එළිදක්වන ලදී. එහි ස්ව නිර්මාණ 14ක් අඩංගු විය. තම දෙටු දියණිය වෙනුවෙන් නිර්මාණය වූ රුක්ෂිකා ගීතය එහි අඩංගු විය. "රතු රෝස, දෙතොල් විදා රංගා (ආරාධිත ගායනයක් ලෙස අයේෂා ගුණසේකර ගායනා කරන ලදී.) ඇතුළු මෙම ගීත රසිකයන් අතර ජනප්‍රිය විය.
ඉන්පසු නව හඳුන්වාදීමක් ලෙස ඔහු කැලිප්සෝ ශෛලිය නැවත ඉස්මතු කරනු වස් ජනප්‍රිය සහ ප්‍රසිද්ධ ගීත ඇතුළත් කරමින් නව සී.ඩී.තැටියක් හඳුන් වාදෙන ලදී. මෙම CD තැටියට බටහිර ඉන්දීය කොදෙව් වලට පමණක් සීමාවූ "කැලිප්සෝ" ගීත ශෛලියට අඩංගු නොවන ගීත පවා කැලිප්සෝ සංගීත රටාවේ රසය මතුවන ලෙස ඔහු නිර්මාණය කරන ලදී. මෙම ගීත මුල් ගායකයා සහ ගායිකාව වෙනුවට වෙනත් ගායකයන් විසින් මෙම ගීත සඳහා හඬ මුසු කරන ලදී.
මේ ආකාරයට CD තැටි තුනක් ඔහු විසින් නිකුත් කරන ලදී. ස්වභාවික ශබ්ද රසය මතුවෙන ලෙස සංගීතය නිර්මාණය වී තිබීම නිසා අසන්නන් අතර මෙම ගීත ජනප්‍රිය විය. 2010 වන විට ඔහු තවත් හඳුන්වා දීමක කරන ලදී. "Re Make" යනුවෙන් හඳුන්වන මෙම නිර්මාණ තුලෙන් සිදුවන්නේ පෙර බිහිවූ ජනප්‍රිය ගීත නවක ගායකයන් යොදවමින් නව පටි ගතකිරීමයි. ශ්‍රී ලංකාවේ ජනතාව විවේචනාත්මක ලෙස නෙත් යොමු වන මෙම නිර්මාණ තුළ තිබුනේද සෞම්‍ය රසයකි. ඒ චන්දිමාල් ප්‍රනාන්දු විසින් unplag යන ස්වභාවික සංගීත නාදයන් හා මුසු කරමින් නිර්මාණය කළ හෙයිනි. ක්ලැරන්ස් විජේවර්ධන ගයන "රම්‍යා" "දීලීප පොඩි පුතු" ඉන්ද්‍රනි පෙරේරා ගයන "අම්මා" ශයමි ෆොන්සේකා ගයන "ගීයකින් කෙසේ" සිසිර සේනාරත්න ගයන "මගේ පුතුට මල්" වැනි, ගීත මෙම සංගීත ශෛලිය හා මුසු කරමින් යම් පෙරළියක් කරන ලදී.
මෙම හඳුන්වා දීම් වලට අමතරව සංගීත ව්‍යාපාර ලෝකයට ඔහු පියවර තබන ලදී. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය , ජාතික කර්මාන්ත මණ්ඩලයට, සංගීතය කර්මාන්තයක් ලෙස ඔහු හඳුන්වා දෙන ලදී. ජාතික අපනයන කරුවන්ගේ මණ්ඩලයට සංගීතය කර්මාන්තයක් ලෙස හඳුන්වා දුන්නේ ඔහු දියත් කළ වැඩ සටහන් නිසාවෙනි. චන්දිමාල් එන්ටටෙන්මන්ට්ස් යන ඔහුගේ සංගීතමය ව්‍යාපාරයට ශ්‍රී ලංකා අපනයන කරුවන් ලබන රිදී සහ රන් සම්මාන ගණනාවක් ලැබිය.ඒ ශ්‍රී ලංකික සංගීතය විවිධ රටවල් තුල රසිකයන් අතර ප්‍රචලිත කිරිම සඳහාත් ඒ සඳහා ශ්‍රී ලාංකික සංගීත කරුවන් ඒ ඒ රටවල සංගීතමය රැකියාවන් සඳහා යෙදවීම නිසා ශ්‍රී ලංකාව ලැබූ විදේශ විනිමය නිසාත් සංගීතමය ව්‍යාපාරයක දැක්ම සහ සමාජයමය මෙහෙවර වෙනුවෙනි.මෙම සම්මානය ගැනීමට අවැසි සංගීතමය දැක්ම සහ සර්ව සම්පුර්ණත්වය රාමුවට ඔහු ඇතුලත් වේ. මෙවැනි ජාතික රන් සහ රීදී සම්මාන 16ක් ඔහු දිනාගෙන ඇත. සංගීත අධ්‍යක්ෂක වරයෙකු, වාදකයෙකු සහ සංගීත ව්‍යාපාරයක් ලෙස ජාත්‍යන්තරයට ගෙන යෑමට දායක වූ චන්දිමාල් ප්‍රනාන්දු ගායනා කර ඇත්තේ එක් ගීතයක් පමණි. අම්බිලි මාමා යනුවෙන් නම් කර ඇති මෙමෙ ගීතය හාස්‍යයෝත්පාදනය වන ගීතයකි. ස්වාභාවික සංගීතය තුලින් රසිකයන්ගේ මනස නිවාලන නිර්මාණ ගණනාවක් හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර "Remake" ශෛලිය තුල ඇති සංගීතාත්මක විවිධත්වය අගය කරන ඔහු ඉදිරියේ නව හඳුන්වා දීම කිහිපයක් සඳහා සුදානම් වෙමින් පවති.
2014-07-25 දින ගී රේඩියෝ සමග චන්දිමාල් ප්‍රනාන්දු කළ සාකච්චාවක් ඇසුරෙනි


