top of page

බැලඩියස්

1967 වසරේ සංගීතයට දැක්වූ ඇල්ම නිසා ම ඔහු නොයෙල් රණසිංහ මුණ ගැසින. ඒ හඳුනා ගැනීම ක්‍රමයෙන් වැඩිදියුණු වී, ලා සිලොනියන්ස්
කණ්ඩායමේ වාදකයෙකු ලෙස සම්බන්ධ වීමට ඔහුට නොයෙල් රණසිංහ ආරාධනා කරන ලදී. ක්‍රමානුකූලව වාදනය හදාරමින් මුලින් තාල තරංග වාදකයෙකු ලෙස සම්බන්ධ වී පසුව ඔහුගේ වාදනයේ තිබූ විශේෂත්වය නිසාවෙන් ගිටාර් වාදකයෙකු ලෙස සම්බන්ධ විය. ඔවුන්ගේ පටිගත කිරීම් වලට සම්බන්ධ වීමට ඔහුට අවස්ථාව උදා විය.

 

2014-02-26 ගී රේඩියෝව සමඟ කළ සාකච්ජාවක් ඇසුරිණි

 

1960 යුගයේ ආරම්භ වුණ කණ්ඩායම් සංගීත ශෛලිය හේතුවෙන් ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රය තුළ මහත් පෙරළියක් ඇති විය. ගුවන් විදුලියේ ඉංග්‍රීසි සේවයේ ප්‍රචාරය වූ සමහර වැඩසටහන් තුළින් මෙම ශෛලියේ ගීත ප්‍රචාරය වීමත් සමඟම බටහිර ගීත ශ්‍රවණය කරන රසිකයන්ට ද මෙම කණ්ඩායම් ගීත වලට සිත ඇදී ගිය අතර ඉංග්‍රීසි සේවයේ ප්‍රචාරය වූ නෙවිල් ප්‍රනාන්දුගේ උඩරට මැණිකේ ගීතයට සවන් දී එහි ගායන විලාසය සහ Harmony ගායනයට අනුර ජයසිංහගේ සිත ඇදී ගියේය. ගිටාර් වාදන ශිල්පය මෙන්ම ගායනයටද එකසේ දක්ෂ අනුර ජයසිංහ නමැති සංගීත ශිල්පියාට සංගීත ක්ෂේත්‍රයට එන්නට මඟ සෑදුනු තෝතැන්න එය විය. එම ගීතය ගායනා  කළ "ලොස් කැබලේ රොස්" කණ්ඩායමට වඩා වෙනස් මඟක ගායනය සහ වාදනය කරමින් සිටි, ලා සිලොනියන්ස් කණ්ඩායමේ වාදන ශෛලියටද ඔහුගේ සිත තදින් ඇදී  ගියේය.
 

 

 

1984  එම අධ්‍යායනයේදී  කොතෙක් දුරට තනුව සහ සංගත ගායනාව ( Harmony) ගැලපේද යන්න අධ්‍යනය කරන ලදී. නැවතත් "ලයිලි ගොඩ්රිච්" යටතේද ගායනය ප්‍රගුණ කරගත් ඔහුට 1986 මුණ ගැසුණු ප්‍රංශ ජාතිකයෙකු ඔහුගේ ගායනය ගැන පැහැදී ප්‍රංශයට ගොස් ඔහුගේ වාසනාව උදා කරන්නට ආරාධනා කරන ලදී. මෙම අභියෝගයට මුහුණ දෙමින් ඔහු ප්‍රංශයට ගියේය. එහි දී ඔහුට ප්‍රංශයේ ගුවන් විදුලියේ වැඩසටහනකට අවස්ථාවක් උදා වුයේ නොසිතූ විලසිනි.

සඳ පායන, බොරු කියන්න එපා, පුංචි නංගි, නැළවිල්ල, කම්කරුවා, යන ගීත වලට වාදනයෙන් සහ ගායනයෙන් සම්බන්ධ විය. Harmony ගායනයට සම්බන්ධ ව සිටිය ද තනි ගායකයෙකු ලෙස හඬ පෞර්ෂය ඉහළ තලයකට ගෙන ඒමට ඔහු ස්වඅධ්‍යයනයක යෙදුණි. වාදනයට අමතරව ගීත නිර්මාණය කිරීමකෙරෙහි ද  ඔහු උනන්දු විය.

1984 දී මත්ද්‍රව්‍ය ලංකාව ග්‍රහණය කරගැනීමට උර දරණ කාලයේ "මිහිරියාවකි මහඟු යුගයකි තරුණ විය ජීවිතයේ" මත්ද්‍රව්‍ය විරෝදී වෙළඳ දැන්වීම් ඔහු පටිගත කරන ලදී. එය ගුවන් විදුලියෙන් එවකට නිතර ප්‍රචාරය වූ දැන්වීමකි. ශ්‍රී ලංකාවේ දී කරන ලද මෙම  මත්ද්‍රව්‍ය විරෝධී ගීතය එම අවස්ථාවේ ප්‍රංශ ගුවන් විදුලිය විසින් අගය කරන ලදී. පසුව 1989 ප්‍රංශ ගුවන් විදුලියේ පුර්ණ කාලීන සාමාජිකත්වය ලබා ගත් ඔහු ලෝක සංගීත නිෂ්පාදනයන් සමඟ Welcome to Sri lanka, Srilanka Sitting Pretty In The Ocean යන ගීත නිර්මාණය කරන ලදී. ඉංග්‍රීසි බසින් හැඳින්වුවද  එම ගීත සිංහල ගීත විය. ඔහුට අවශ්‍ය වුයේ ශ්‍රී ලංකාවේ භාෂාව තුළ ගීත ගායනා කිරීමටය. මේ අනුව එක් ඉංග්‍රීසි ගීතයක් සමඟ හිරු බැස යන කල, හිමිදිරියේ, සටහන් ලෙසින් දෛවේ, ජයවර්ධන පුර, නිදි නැති රෑ යාමේ, මේ කජු ගස් සෙවණේ, ඔරුවේ පාවෙනා ඇතුළු ගීත 14  එළි දක්වන ලදී. මෙම ගීත ශ්‍රී ලංකා ගුවන් විදුලියේදී ප්‍රචාරය වුණ අතර ප්‍රංශ ගුවන් විදුලියේ Caribbean සහ Affrican නාලිකා තුළින් අදටත් ප්‍රචාරය වේ. මෙම ගීතයන්හි සංගීත නිර්මාණය වී ඇත්තේ බටහිර Country සහ Calipso ගීත ශෛලිය සිංහල  පද රචනාවන් සමඟ සම්මිශ්‍රණය වීමෙනි.
 

ශ්‍රී ලංකාවට නිර්මාණය වූ පළමු සංයුක්ත  තැටිය මෙය වන අතර සංගීත සංයෝජනය තුළ ඇති මිහිරියාව එක් එක් ගීතය අනුව වෙනස්ව නිර්මාණය කිරීම ඔහු තුළ ඇති දක්ෂතාවයකි. හිරු බැස යන කල සරල පද මාලාවක් වුවද ගයනාවන් හි Harmony සංයෝජනය ඉතා මධුර ලෙස ගායනා මිශ්‍ර කර ඇත. ඉංග්‍රීසි මැන්ඩලිනය යොදාගෙන නිර්මාණය වී ඇති මෙම ගීතය මරකාස්, ෂෙකර්, කබාසා, තාල තරංග වලින් ගීතයට අවශ්‍ය අත්තිවාරම දමා ඇත.  Ukulele වාදන භාණ්ඩය ඉස්මතු වන ලෙස සංගීත නිර්මාණය වූ කජු ගස් සෙවණේ ගීතය තුළ ඇත්තේද Harmony ගායනා සංකලනයකි.

සාමාන්‍ය ගීත වලට යොදා නොගන්නා සංගීත භාණ්ඩ වල මිහිරි නද ඔහුගේ නිර්මාණයන්ට පාවිච්චි කර ඇත. තාල තරංග වලට මුල් තැනක් දී ඇති මේ ගීතයේ ඇත්තේද කැලිප්සෝ ගී ශෛලියේ ලක්ෂණයන්ය. ඔහුගේ ගිටාර් වාදන තුළ ඇත්තේද Country ශෛලියේ වාදන රටාවකි. Padal Steel වාදන භාණ්ඩය යොදාගෙන ඇති හිමිදිරියේ පිපිදෙන ගීතයේ මවන රසයද සාමාන්‍ය ගීත වලින් විඳින්නට නොහැකි වූ රසයකි. මෙම ගීත ශ්‍රී ලංකාවේ දයානන්ද පෙරේරා ශබ්ද පරිපාලකයා යටතේ පටිගත වුණු අතර ඔහුගේම සංගීත කණ්ඩායම වන බැලඩියස් සංගීත කණ්ඩායම සංගීතය සපයන ලදී. Padal Steel ගිටාරය රොහාන් ද සිල්වා බේස් ගිටාරය අසෝකා  තාල තරංග (percussion) ලක්ෂමන් පෙරේරා සහ Ukulele, Spanish ගිටාරය ඔහු විසින්ම වාදනය කර ඇති අතර එය Fleminco වාදන ශෛලියට සමීප ඔහු විසින්ම ගොඩනඟා ගත් වාදන ශෛලියක් විය. සංගීත ලොවේ ඇති ගීත අතර මෙම ගීත තුළ යම් විවිධත්වයක් ඇත. සෑම ගීතයක් ආරම්භයේ මුහුදු රැළි ශබ්දය ඇතුළත් කර ඇත්තේ අප දිවයිනකින් නිර්මාණය වූ ගීත බව පැවසීමටය.

අදටත් ඔහුගේ ගීත ප්‍රංශ ගුවන් විදුලියෙන් වාදනය වන අතර එය ශ්‍රී ලංකාවට සතුටු විය හැකි කරුණකි. බොහෝ සංගීත ශෛලින් මිශ්‍ර කරමින් නව අත්හදාබැලීම් කරන ඔහු නව නිර්මාණයකට සැරසෙමින් සිටි.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page