top of page

 අනිල් භාරති

1962 වසරේ obsever Talent search ගායනා තරඟයට සහභාගීවීමට අවස්ථාව උදා විය. එම වැඩ සටහනින් ජයග්‍රහණය කරා පැමිණි අනිල් භාරති ට ඔහුගේ  දස්කම් දුටු සංගීතයට ලැදී මිතුරන් පානදුරේ රේන්ජර්ස් සංගීත කණ්ඩායමට එකතු විය. එම කණ්ඩායමේ නිත්‍ය ගායක ලෙස කටයුතු කළ ඔහු ඉන්පසුව නිශ්ශංක විමලසුරිය ප්‍රමුඛ වීල්ස් කොම්බෝ ඩාන්ස් (Wheels Combo Dance Band) සංගීත කණ්ඩායමට එකතුවිය. ඒ ඔහුට තිබූ ගැඹුරු හඬ පෞර්ෂය නිසාය. ඔහු බොහෝ විට ගායන කලේ එංගල්බර්ට් හම්පර්ඩින්ක් (Engelbert Humperdinck), එල්විස්  ප්‍රෙස්ලි ( Elvis presley), ටොම් ජෝන්ස් (Tom Johns) යන බටහිර ගායකයන්ගේ ගීතයන්ය.

1972 වසරේ ඔහුගේ ජීවිතයේ නව පිටුවක් පෙරළිණි. ඔහුට ක්ලැරන්ස් විජේවර්ධන ආරම්භ කළ ගෝල්ඩන් චයිමිස් කණ්ඩායමට එකතු වන්නට අවස්ථාව උදාවිය. ඒ එවකට ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයා වූ ඔහුගේ ඥාති සොයුරු ශානක පෙරේරා ක්ලැරන්ස් විජේවර්ධනට ඔහු හඳුන්වාදිමෙනි.

1973 ඔහුගේ කුළුඳුල් ගීතය පටිගත විය. ඒ "අද වෙයි ඉරු දින ගීතයයි". කණ්ඩායම එළිදැක්වූ  නවතම තැටියට එය අඩංගු විය.එම තැටියටම කණ්ඩායමේ ගායිකා ලංකිකා පෙරේරා සමඟ "සඳයි තරුයි" යන ගීතයද ගායනා කරන ලදී. බටහිර ගායකයන්ගේ ගීත ගයා තිබු අනිල් භාරතිගේ ගැඹුරු හඬ රසිකයන්ට නවතාවයක් එකතු කළේය.ඉන් පසුව ඔහු ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායම සමග ,මා ආදරේ නංගී ,බෙත්ලෙහෙම් පුරේ යන ගීත  ක්ලැරන්ස් විජේවර්ධන ගේ නිර්මාණයන්ට ගායනා කරන ලදී. 1974 දී  ලක්ප්‍රිය දසිල්වා නිර්මාණය  කළ හිරු ඉපදෙන විට, සිහිනිඟ වටකුරු ,සිහිවේ ආදරයක් යන ජනප්‍රිය ගී රැසක් ඔහු කණ්ඩායම සමඟ ගායනා කරන ලදී.

1975  වසරේ ඔහු සුපර් ගෝල්ඩන් චයිමිස් කණ්ඩායමට  එකතු වී පසුව ඒක පුද්ගල ගායකයෙකු ලෙස සංගීත ලොවට පිවිසියේය. පසුව ඔහු වර්ණන් පෙරේරා රචනා කොට ක්ලැරන්ස් විජේවර්ධන සංගීත නිර්මාණය කළ ටිකිරිමලී, පෙම්පත, වැනි ගීත එළි දක්වන ලදී. වේග රිද්මයට ද ගැලපෙන ගැඹුරු හඬක් හිමි ඔහුගේ ගායනා විලාසය තමන්ටම අවේණික හඬක් වීම ඔහුගේ ජනප්‍රියත්වයට හේතු විය. රංජිත් බෝලෝන්ඤ නිර්මාණය කළ සරෝජනී, බඹරෙකු ඇඳුනා, දෑස විදලා, ලාල් තෙන්බදු  නිර්මාණය කළ "සිතල සඳ එළියේ" යන ගීත එළි දක්වන ලදී. බටහිර ශෛලියට නිර්මාණයවූ බොහෝ ගීත ගායනා කළ ඔහු බටහිර ගීතයක් වූ "Dazy Dazy"යන ගීතයේතනුව ඇසුරෙන් "රෝසි මගේ රෝසි 'වේග රිද්ම ගීතය එළි දක්වන ලදී.

රූකාන්ත ගුණතිලක නිර්මාණය කළ "වෙරළු නෙලන කොට" ඇතුළු ගීත රැසක් එළි දක්වන ලදී. 80 යුගයේ වන විට සත්තු වත්ත,සිහිවේ, සමාවෙන්න,පෙම් කළ වරදට. සිරිපොද වැස්සේ ,පාලා කරුණා දයා (ඉන්ද්‍රානි සමඟ) ඔබ හමුවන්නට ආසයි (ලංකිකා සමඟ ) ඇතුළු ගීත 60 කට අධික ප්‍රමාණයක්  ගී ගයා ඇති ඔහු "සඳයි තරුයි" ගීතය  නිරෝෂා විරාජිනී සහ රූපා භාරති සමඟ නැවත පටිගත කරන ලදී. කිතුණු භක්තිකයෙකු වූ අනිල් භාරති කිතුණු ගීත 40 ට අධික ප්‍රමානයක් ගායනා කර ඇත. ක්ලැරන්ස් විජේවර්ධන, රංජිත් බොලොන්නේ, වර්ණන් පෙරේරා, ලකී දේවා, ලාල් තේනබඳු, ලක්ප්‍රිය ද සිල්වා යන සංගීත ශිල්පින් ගේ නිර්මාණයන්ට ගී ගැයූ අනිල් භාරති ගායනා කර ඇති මුළු ගීත සංඛ්‍යාව 100 ට අධික වේ.

1950-01 -08  වන දින උපන් අනිල් භාරති ගායනයට දස්කම් දක්වන ලද්දේ පාසලේ වියේදීමය.  මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු කුඩා කල සිටම බටහිර ගීත  ප්‍රිය කළේය.නිතර එම ගීත ගායනා කිරීම ඔහුගේ විනෝදාංශය විය.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page