top of page

වින්සන් ඩි පෝල් 

1922 නොවැම්බර් 03 වන දින උපත ලැබූ ඔහු මොරටු පුත්‍රයෙකි. කොටහේන ශාන්ත බෙන්ඩික් විදුහලෙන් හා මෝදර "ඩි ලාසාල්" විදුහලෙන් අධ්‍යාපනය ලැබූ හෙතෙම පාසල් කාලයේ සිටම සංගීතයට දැක්වුයේ මහත් රුචිකත්වයකි. දෙව් මැඳුරේ ගීතිකා ගායනා කිරීමෙන් ලැබූ පන්නරයත් ඔහුගේ ඉදිරි ගමනට ආශීර්වාදයක් විය. ගිටාර් වාදනයට හුරු වූ  ඔහු පාසැල් යන කාලයේදී  එනම්  1940 දෙසැම්බර් මස 15 වන දින වේදිකාවට ගොඩ වී "මගේ මව්ණි" ගීතය ගායනා කළේය. එදා ඔහු එම ගායනා කරන විට රසිකයන් වේදිකාවට මුදල් ද විසි කළේය. ඒ එම ගීතය එතරම් අසන්නට ප්‍රිය වූ හෙයිනි. 

2014 -07-23 වන දින එතුමාගේ දියණිය මැණිකාන්ති මහත්මිය ගී රේඩියෝවට ලබා දුන් විස්තරය අනුව සකස් කරන ලදී.

1940 යුගයේ බිහි වූ ගීත බොහෝ විට අමරණිය ගීත යනුවෙන් හඳුන්වන්නේ අදටත් එම ගීත රසිකයන් මුමුණන ගීතයන් නිසාවෙනි. සිරිපාදේ සමනොළ කන්දපෙනේ, අසෝකමාලා, බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ, මහජන සේවය යන ගීත ඊට නිදසුන් වේ. මෙම අමරණිය ගීත සංගීත ලොවට තිළිණ කළ යුගපුරුෂයෙකි වින්සන් ඩි පෝල් පීරිස් කලා ශිල්පියා.

ප්‍රේම තරගය, පොඩි පුතා ඇතුළු චිත්‍රපටිවල පසුබිම් ගායනා කළ වින්සන් ඩි පෝල් කලා ශිල්පියා 1990 වසරේ කලා භූෂණ සම්මානයෙන්ද පිදුම් ලැබිය. පේරාදෙණියේ මල්, මාත් එක්ක තරහා වෙන්න, රූපිකා මගේ මැණිකා පොඩි ගම්මානේ, බටහිර තනුවක් වූ ලගුගරාජා තනුව අනුව ගායනා කළ ගෑණු මායම්, සිරි පාදේ, සමනල කන්ද පෙනේ, සුකුමල කුමරිය, මල් මාලා ගොතා, දරුවන් හදලා, සුමිහිරි දෙතොල, සීගිරියේ, මාගේ මවුණි, මහජන සේවය, ඇතුළු රසබර ගීත 100 ට අධික සංඛ්‍යාවක ගායනා කළ ඔහු දසක හතක කාලයක ගායන දිවිය අවසන් කරමින් 2014 07- 22 දින කිතුදෙව් තුරුලට ගියද ඔහුගේ ගී හඬ සංගීත ලොව තුළ සදා අමරණීයව පවතී.

පසුව ගුවන් විදුලියේ ගායනයට පිවිසි වින්සන් ද පෝල්, සමාවෙන්න කොන්දොස්තර මහත්තයෝ, මා නැළවූ පෙම්බර මෑණියනි, ඉඟ සුඟ නලවලා ඇතුළු ගීත රැසක් ගායනා කළ අතර ඔහුට ඉංග්‍රීසි  සිංහල සහ දමිළ  යන තුන් බසින් ගායනා කිරීමට දක්ෂතාවයක් ඇත. H.M V (His Master's Voice) ඇතුළු කැසට්  සංයුකත්ත තැටි සඳහා ගීත 100 ට අධික සංඛ්‍යාවක් ගායනා කළ ඔහුට යුඩ්ලින් ශෛලියට ගායනා කිරීමට දක්ෂතාවයක් ඇත.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page