top of page

සුජාතා අත්තනායක

 

     1972 කුමාරතුංග සමරු  සම්මානය පුංචි දවස්වල ගීතය වෙනුවෙන් ඇය හිමිකර ගත්තාය. ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාවක වූ ඇය සංගීත විශාරදවරියක් සහ විශ්ව විද්‍යාල උපදේශකවරියකි. සුජාතා අත්තනායකයන් සිංහල ගීත මෙන්ම දමිළ ගීත ගායනයටද දැක්වූ නිපුණතාවය ඉතා ඉහළ වේ. ඇයගේ ගායනය තුළ දමිළ ගායිකාවකවූ බාල සරස්වතී ශිල්පිනියගේ ගායන ශෛලිය හා සමීප වූ තමාටම අවේණික හඬක් ගොඩනගා ගෙන ඇත. එම නිසා හින්දී තනු අනුව ලියවුණු සිංහල ගීත පණ ගැන්වුණේ ඇයගේ මධුර හඬ සහ හැඩය ඒ ගීතය ප්‍රාණවත් කිරීමට සමත් වූ නිසාවෙනි. චන්ද්‍රමේ රෑ පායා, හර්දේ රස මාලිගේ වැනි ගීත ඊට නිදසුන් වේ. කල්‍යාණි ගංගා චිත්‍රපටියට ගායනා කළ "පුතුනේ මේ අහගන්න" ගීතය තුළ හැඟුම්බර  බව එම ගීතය චිත්‍රපටිය දර්ශන තලයෙන් බැහැර වුවද රස විදිය හැකිය.

2014- 07-08 ඇයගේ නැගණිය රංජනී පෙරේරා ගී රේඩියෝ සමඟ කළ සාකච්ජාවක් ඇසුරිණි.

 

     ශ්‍රී ලංකා සංගීත ලොවේ ගීත කෝකිලාවිය වූ සුජාතා අත්තනායක 1942 මැයි 12 වන දින උපත ලැබූ අතර ඇයගේ මව එකල ජනප්‍රිය ටවර් හෝල් කලා ශිල්පිනියක වූ විමලා කාන්තාය. කුඩා කළ සිටම ගායනයට දක්ෂතාවයක් දැක්වූ සුජාතා අත්තනායක කැලණියේ වෙදමුල්ල විදුහල් මාතාවගෙන් අධ්‍යාපනය හදාරන්න්නට පය එසවූයේ 1947 වසරේය. දක්ෂතාවලින් පිරිපුන් තම නැගණිය වූ රංජනී පෙරේරා සමඟ රඟමින් පාසලේදී එකල ගායනා කළ ගීත කාගේත් පැසසුමට ලක්විය. 1950 යුගයේ ඇයට ගුවන් විදුලියේ ගායනයට දොරගුලු විවර විය. සිසිර කුමාර මැණික් ආරච්චි රචනා කළ  ඒ.ජේ.කරිම් සංගීතවත් කළ මල් සේ දිලේවා ගීතය ඇය ගායනා කළාය. එය ඇයගේ මුල්ම ගීතයයි. ගුවන් විදුලියේ සරල ගීත වැඩසටහනකට සාධු දන්ත දා ගීතය ගායනා කළ පසු ඇයගේ හඬ රිදී තිරය ඔප කිරීමට සමත් බව දැනගත් සංගීත අධ්‍යක්ෂකවරයෙකු වූ ආර්. මුත්තුසාමි මහතා සහ ඩබ්.බෙන්ඩික් ප්‍රනාන්දු මහතා ඇය සොයාවිත්1956  සොහොයුරෝ චිත්‍රපටියට    සුරතල් මගේ මුව පැටියා ගීතය ගායනා කිරීමට ඇය තෝරා ගත්තෝය. ඉන් පසුව 1960 දී වනමල, 1961 දී වැදී බිම, 1962 දී සංසාරේ, ඇතුළු දිගින් දිගටම චිත්‍රපට පසුබිම් ගීත ගායනා කළාය. 1965 වසරේ ඇය යටගිය දවස චිත්‍රපටියේ ගායනා කළ "දුක එන කළ" ගීතයට හොඳටම පසුබිම් ගායිකාව ලෙස  සම්මානය ද ලැබිය. 1966 වසරේ ඇය පරසතු මල් චිත්‍රපටියේ අනුලා කරුණාතිලක වෙනුවෙන් පසුබිම් ගායනය මුසු කළ "පරවුණු මල්වල" ගීතයට ස්වර්ණ සංඛ සම්මානය සහ සරසවි සම්මානයෙන්ද පිදුම් ලැබිය. සරසවි සම්මාන උළෙලේ හොඳම සංගීත අධ්‍යකෂණයට සම්මානයක් නොතිබුණු හෙයින් හොඳම ගායනයට හිමි වූ සම්මානය ගැනීම ඇය ප්‍රතික්ෂේප කළේ සංගීතමය ප්‍රතිපත්ති ආරක්ෂා කරමිනි. මෙහි පදරචනය මහගම සේකරයන් වූ අතර සංගීතය ලයනල් අල්ගම විසිනි. 1967 වසරේ එය නවරත්න අත්තනායක සමඟ විවාහ විය. 

 

 

ආරාධනා සංසාරයේ (නීලා) 

ආදර ලොවේ (සකුන්තලා)

ආදර පුජාසනේ -වික්ටර් සමඟ (දෙවියනි ඔබ කොයිද)

ආදරේ ආදරේ -මිල්ටන් සමඟ (යළි ඉපිදේ)

ආදරේ මන්දිරේ- ඔක්කොම හරි

පාඩම් එන්දන් නෙන්ජිල්-වාඩයි කට්ටු 

ආලය කරලා- සැඟවෙන සෙවනැල්ල 

ආත්මයකින් ආත්මයට -සකුන්තලා 

ආවා පෙම්වත-සවිප් ටිකට්

අපගේ සිත් මෝරා- රහස කුමන්ත්‍රණය 

ආනන්ද මේ රැ - සුදු දුව -හරුන් ලන්ත්‍රා සමඟ 

අනුරාග ඔටුණු -ඔබයි මමයි 

ඈත වනපෙත -සුජීවා

නුපුරුදු හැඟුමකි- සුජීවා -ජෝති සමඟ 

බොඳ මිදුම්- දුහුළු මලක් අබේවර්ධන බාල සුරිය සමඟ 

චංචල නුපුර- හිතක පිපුණු මල්

චන්ද්‍රමේ රැ පායා -ජෝති සමඟ (සත පනහ)

හර්දේ රස මාලිගේ-සකුන්තලා

 

 අද හවසට, සුරංගනා මල් ඇති රූ මාවතේ, මංගල කාසි සළු, ඉරමුසු මල් දම්, පුංචි දවස්වල වැනි බටහිර ශෛලිය මිශ්‍ර වූ ගීතයන්ට ඇයගේ හඬ අපුරුවට මුසුවී තිබුණි. ඒ ඇයට බටහිර ගීත ගායනයේද දක්ෂතාවය සහ ඇයගේ හඬේ ඉහළ සහ පහළ ස්වර ගායනයට තිබු හැකියාව නියාවෙනි. සාදු දන්ත දා, දුනුකෙයියා මලක් වගේ වැනි හැඟුම්බර ගීත ද මම දෙවිදුනි දෙවොලට ආවේ වැනි ගීතද ධර්මරත්න සහෝදරයෝ සමඟ ගායනා කළ Harmony ගායනා ඇතුළත් වූ රෝමියෝ මමයි වැනි ගීත ද බොලං පොඩි නංගි, වික්ටර් රත්නායක සමඟ ගායනා කළ සඳට අහස ආදරෙයිදෝ, හතර වටින් කළු කරගෙන වැනි එකීනෙකට විවිධ වූ ගීත ගායනයනයත් චිත්‍රපටිවල ආදර ගීතයන් වූ සිතල රටේ, පැන පැන එන සඳේ, මිදුම් ගලා වැනි ගීත ඇය අපුරුවට ගෙන ගායනා කළාය. හරියට හ‍රි චිත්‍රපටයේ පසුබිම සංගීතය අධ්‍යක්ෂණය  ඇය ශ්‍රී ලංකාවේ ප්‍රතම කාන්තා චිත්‍රපට අධ්‍යක්ෂක වරියයි.

 

සොදුරු ලොවට මල් වහැලා ඇතුළු චිත්‍රපටි 150 ට අධික ප්‍රමානයක් ගායනා කළ ඇය වික්ටර් රත්නායක, W.Dඅමරදේව, H.R ජෝතිපාල, හරුන් ලන්ත්‍රා ඇතුළු බොහෝ ගායකයන් සමඟ ඇයගේ හඬ මුසු කළාය. 1957 සිට 2000 වසර දක්වා ගීත 1000 ට අධික ප්‍රමාණයක් ගායනා කළ ඇයගෙන් සංගීත ලොවට වූ සේවය මෙතකයි කීමට නොහැකිය.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page