
සිසිර සේනාරත්න


1956 ලෙස්ටර් ජේමිස් පිරිස් අධ්‍යක්‍ෂණය කළ රේඛාව චිත්‍රපටියේ සුනිල් ශාන්තයන් හා B.S පෙරේරාවන්ගේ සංගීත මුසුවට එකතු වූ හඬ ද සිසිර සේනාරත්නගේ විය. එම චිත්‍රපටියට ඔහු ගායනා කළ ඕලු නෙලුම් නෙරිය රඟාලා ජනප්‍රියත්වයේ ඉහළ තලයක ඇති ගීතයකි. චිත්‍රපටි ගණනාවකට තම හඬ මුසුකරමින් ආලෝකේ පතුරා (හඳපාන) කොහෙදෝ කියා (සුදු පරවියෝ) අම්මා සිහව (ලේ කඳුළු) ඈත අහසේ (හඳපාන ) කෝ යුක්ති ධර්මේ (පොඩිපුතා ) මංගල මධු, නන්දා මාලනී සමඟ (සමනල කුමරියෝ) නුහුරු නුපුරුදු (ගොළු හදවත) කෝකිල දේවිය (දස්කොන්) පිදුරු සෙවිකල (හඳපාන) ප්‍රහේලිකාවක් වගේ (මා ආලේ කළ තරුණිය) චන්ද්‍රයා පායා (හිතට හිත ) මේ ලෝකේ නවා තැනේ (පොඩි පුතා) මංගල මධු ඇතුළු චිත්‍රපටි ගණනාවක් වෙනුවෙන් පසුබිම් ගී ගයනා කළේය. ගායනයට අමතරව ඔහු චිත්‍රපටි සංගීත අධ්‍යක්ෂණය ද කළේය.


2014-05-27 සිසිර සේනාරත්න ගී රේඩියෝව සමඟ කළ සාකච්ජාවක් ඇසුරිණි
1950 යුගය තුළ සංගීත ලොව ඒකා ලෝක කළ සිසිර සේනාරත්නයන් අධ්‍යාපනය ලැබුවේ හලාවත ශාන්ත මරියා පාසලෙන් සහ කොළඹ නාලන්දා විදුහලෙනි. සංගීතයට තිබු ලැදිකම නිසාම එය අධ්‍යාපනය ලැබීමට හොරණ හේවුඩ් ආයතනයට ගිය මුත් තමාගේ නිදහස තුළ සංගීතය හැදෑරීම අගය කළ හෙතෙම ඉන් ඉවත් වී සංගීතය පිළිබඳ ස්වඅධ්‍යනයනයේ හි නිරත විය. 1955 යුගයේ සිරිසේන විමල වීරයන්ගේ පොඩි පුතා චිත්‍රපටියට T.Fලතිෂ් සංගීතඥායාගේ සංගීතනිර්මාණයට හඬ මුසු කිරීමට ලැබීම ඔහුගේ වාසනාවකි. මේ ලෝකේ නවාතැනේ ඔහුගේ කුළුදුල් ගීතය ගැයුවේ එම චිත්‍රපටිය වෙනුවෙනි. තාරුණ්‍යයට එකළ එකතු වූ සෞම්‍ය හඬ සිසිර සේනාරත්න විය.
O C I C, සරසවි, ස්වර්ණ සංඛ, සහ ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබූ සිසිර සේනාරත්න තම ස්වනිර්මාණ නව පරපුරට තිළිණ කිරීමට තම පුතු සමීර සේනාරත්න කලා ලොවට හඳුන්වාදී ඇත. පෞර්ෂත්වයකින් හෙබි හඬකට හිමිකම් කියූ සිසිර සේනාරත්නයන් සංගීත ලොවට දායාද වූ ගීත නව පරපුරට ශ්‍රවනය කිරීමට ගී රේඩියෝව කටයුතු සලසා ඇත.
ඔහු සමඟ එවකට යුග ගී ගණනාවක් ගායනා කළ ඉන්ද්‍රානි විජේබණ්ඩාර යන ප්‍රබුද්ධ ගායිකාව සමඟ 1962 වසරේ විවාහ විය. පසුව ඔවුන් දෙදෙනා ගායනා කළ යුග ගීත 50 ට අධිකය. ගයා ගීතයන් ගමේ, හඳපානේ මල් පිපුණා, නිල් පැහැ තරුවයි, ඈත අහසේ, නුහුරු නුපුරුදු, ඔබේ දෑස, සඳ පාන, සයුර වෙත යන, සුජාතා, ඉන් කීපයකි. කරුණාසේන ජයලත්ගේ නවකතාවක් වූ ගොළුහදවත හි සුගත් දම්මි චරිත දෙක අලලා ඔහු ඉන්ද්‍රානි විජයබණ්ඩාර සමඟ ගායනා කළ ආදරෙයි මං ආදරෙයි ධම්මි තවමත් ආදරෙයි ගීතය හදවතට දැනෙන හැඟෙන අදර ගීතයකි.
ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ හඳපාන චිත්‍රපටියට හොඳම සංගීත අධ්‍යක්ෂක සම්මානයෙන්ද, පුංචි බබා චිත්‍රපටියේ "මාගේ පුතුට මල්" ගීතය ගායනය වෙනුවෙන් වසරේ හොඳම ගායකයා සම්මානය ද දිනා ගන්නා ලදී. චිත්‍රපටි පසුබිම් ගීතයක් වූ මගේ පුතුට මල් ගීතයේ ගායනය තුළ ඇති හැඟුම් බර සෞම්‍ය බව ඔහුගේ ගායනයේ විශේෂත්වය ඉස්මතුවේ. පුංචි පුතුණි ඇයි කිරට හඬන්නේ යන පද තුළ හැඟුම්බර ගායනය හදවතට දැනෙන සේ ගායනා කර තිබීම ඔහුගේ විශේෂ ගායන කුසලතාවයකි. වර්තමානයේ එම ගීතය තම පුතු සමීර සේනාරත්න නැවත ගායනා කළේය. එම චිත්‍රපටියට මාලනී ෆොන්සේකා නම් වූ නිලි රැජිණ සිනමාවට හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේද ඔහුටය. දස්කොන් චිත්‍රපටියට රුක්මනී දේවි සමඟ කෝකිල දේවි ගීතය ගායනා කළ අතර රුක්මනී දේවි වෙනුවෙන් ඇයට උපහාර ලෙස කුමරි හෙළ රිදී ගීතය ඉන්ද්‍රානි සමඟ ගායනා කළේය.
එහි ඔහුගේ ගායන විලාසය එම නවකතාවේ චරිතය රසිකයාට සමීප කිරීමට තරම් සමත් විය. එකින් එක ගීතය ගැන ඇගයීමක් නොකළ ද ඔහුගේ හඬ පරාසය තුළ ඇති සෞම්‍ය භාව්‍යමය ස්වරුපය රසිකයාගේ මනස නිවීමේ ප්‍රවනතාවයක් ද ඇත. ගුවන් විදුලියේ සරළ ගී ගායකයෙකු වූ සිසිර සේනාරත්න 1950 යුගයේ සිට 1980 යුගය දක්වා ගායනා කළ ගීත 400 ඉක්මවා ඇති අතර
-
නිල්මිණි දෑසේ
-
නුහුරු නුපුරුදු
-
නීල ජලාසේ
-
රිදී කුමාරි
-
සල් මල් විමනේ
-
මංගල මල් දම් (වික්ටර් රත්නායක සමඟ)
-
උතුරු සළු
-
ආදරෙයි මං ආදරෙයි
-
පිදුරු සෙවිකල ...........ඉන් බිඳකි
