
සේපාල ගුණසේකර ප්‍රමුඛ බසිම් බීස්

එම තරගයෙන් හොඳම කණ්ඩායම් පහට ඔවුන් තේරී පත් විය. ඔවුන්ගේ ආරම්භයට එය මහත් පන්නරයක් විය. එම තරගය සඳහා ඔවුන් ගායනා කලේ නිදි කුමරිය, සමනලියේ, දුන්හිඳ මනමාලි යන ගීතයන්ය. එහි “දුන්හිඳ මනමාලි” යන ගීතය පද රචනා කලේ ක්ලින්ටන් ගුණවර්ධන විසිනි. තනුව සේපාල ගුණසේකර ගෙනි. මෙම ගීතය පසු කාලීනව ගුවන් විදුලියෙන් ප්‍රචාරය වීම නිසා රසිකයන් අතර ජනප්‍රියවිය. ඒ 1973 දසකයේය. එම ගීතය ලයාන්විතව ගායනා කළ උසස් පදමාලාවකට හිමිකම් කියු ගීතයකි. පසුකාලිනව වසන්ත අබේකෝන්ගේ වියෝවෙන් පසු නිහැඩියාවකට ලක් වූ බසිම් බීස් එම දිගු නිහැඬියාව බිඳිමින් 2005 වසරේදී සංයුක්ත තැටියක් එළිදක්වන ලදී.“තොටියා, පාරුවේ, දුන්හිඳ මනමාලි, දියළුම”ඇතුළු ගී 16 ක් එහි අඩංගු වූ අතර ඔවුන්ගේ ශෛලිය වූ kingston trio සංගීත රටාව තුල එම ගීතවල ප්‍රමිතියකට යොදා ගත් Harmony ගායනා සහ වාදන ශෛලිය නිසාවෙන් ගීත රස වඩවඩාත් ඔප්නංවා තිබුණි. සිංහල country & western ශෛලියට සිංහල සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් නිර්මාණ දායකත්වයක් දෙමින් කණ්ඩායම් සංගීතයේ නොමැකෙන නමක් බසිම්බිස් ඉතිරි කරන ලදී.
2014- 03-11 ගී රේඩියෝ සමඟ කළ සාකච්ජාවක් ඇසුරිනි.
1963 දසකයේ රත්නපුර ශා:ඇලෝසියස් පාසැලේ ඉගෙන ගන්නා අතර පාසැලේ පැවැත් වූ සංගීතමය තරගයකට ගිටාරය වයමින් මුලින්ම බටහිර ගීතයක් ගයනා කිරීමෙන් ඔහු සංගීත ලොවට මුල පිරුවේය. ඒ නිහාල් ජයසිංහගේ සහයෝගය ඇතිව ගිටාරය අධ්‍යනය කර තිබුණ හෙයිනි. සුනිල් ශාන්ත, චිත්‍රා සෝමපාල, පී.එල්.ඒ.සෝමපාලයන්ගේ ගීත ඔහුගේ සංගීතමය උද්දීපනය ඇති කළේය.60 දසකයේ American Folk And Pop Music සංගීත කණ්ඩායමක් වූ kingston trio බටහිර ගායක කණ්ඩායමේ වාදන සහ ගායන ශෛලීය බොහෝ සේ ප්‍රිය කළ ඔහු එම ශෛලිය සිංහල ගීත සමඟ සංමිශ්‍රනය වන ලෙස වාදනය සහ ගායනය සකස් කර ගනිමින් 1967 දී මුලින්ම “බසිම් බීස්”යන නමින් සැදුම් ලත් සේපාල ගුණසේකර, වසන්ත අබේකෝන්, උපාලි අබේකෝන්, බජි ගුණසේකර, තියඩෝර් ගුණසේකර, ක්ලින්ටන් ගුණවර්ධන, යන කණ්ඩායම මුලින්ම “singer කෝකිල හඬ”යන සංගීත තරඟය වෙනුවෙන් ඉදිරිපත් විය. ඒ අවස්ථාවේ ඔවුන් සහභාගී වුණේ “බසිම් බීස් යන නමින් නොව රැන ගිරව්”යන සිංහල නමිනි.



