top of page

පෝල් ප්‍රනාන්දු

     1972 වසරේ රවී රණසිංහ රචනා කොට මිල්රෝයි ධර්මරත්න තනු නිර්මාණය කල “එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ” ගීතය මහත් ජනප්‍රියත්වයට පත් විය. නිශ්ශංක විමල සුරිය නිර්මාණය කළ “සුපුන් සඳ පායලා නෑ” යන ගීතය තනුව සහ පදරචනය වඩා ඉස්මතුවෙන ලෙස ඔහුගේ ගැඹුරු හඬ මුසු කරමින් අපුරු නිර්මාණයක ලක්ෂණ කියා පැවේය.“සුපුන් සඳක් අහසේ පා වුණා, නෙලුම් කුමාරි” ඔහුගේ ගීත අතර විශේෂ ගීත වේ. 1974 ඔහුගේ කුළුදුල් යුග ගීතය එළි දැක්විණ. “ආවේ වන බඹරෙක් වගේ” ගීතය ඔහු සමඟ ගායනා කලේ අනුලා ප්‍රනාන්දු විසිනි. පසුව එම ගීතය කොරීන්  අල්මේදා සමඟ ද ගායනා කරන ලදී. එම වසරේදීම එළි දැක්වුණු “පාන් මාමා” ගීතය ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය ගීත අතරට එකතු විය.

     1980 දසකය වන විට දෝන කතරිනා, මමත් Fernando, ශකිලා ප්‍රනාන්දු සමඟ ගායනා කළ “සමනල කුමාරි” මරියසෙල් ගුණතිලක සමඟ ගායනා කළ “කතරිනා” යන ගී කෙම්ටෝ රිද්මයට අනුව ගායනා කරන ලදී. 1990 වන විට ගුවන් විදුලි සරල ගී ගායකයෙකු ලෙස සමත් වී ගී ගැයු පෝල් ප්‍රනාන්දු 2000 සහශ්‍ර වසර තුළ දී ද නිර්මාණ කරනයෙන් බැහැර නොවිය. 

     “අරුණලු පැතිරෙන, රුවන් මාලිගා නැත මා හට, මගේ පාසල් කාලය, බ්‍රෝකර් බිල්ලා” සහ ඔහු විසින්ම තනු නිර්මාණය කළ “සමන් මලී කොහේ සිටන් ඔබ” ඇතුළු මාධ්‍යවලින් ප්‍රචාරය වූ සහ නොවූ ගීත 150 අධික ප්‍රමාණයක් ඔහු විසින් එළි දක්වා ඇත. ක්ලැර්න්ස් විජේවර්ධන, ලාල් තේනබදු, නිශ්සංක විමල සුරිය, ප්‍රියා පිරිස්, සුනිල් ධර්මසේන ඇතුළු බොහෝ සංගීත ශිල්පීන්ගේ තනු නිර්මාණවල සහය ලැබුණ ස්වින්ටන් ප්‍රනාන්දු,  ප්‍රියා පිරිස්, හේමසිරි හල්පිට, රොලින්සන් ප්‍රනාන්දු, ඇතුළු බොහෝ ගීත රචකයන්ගේ පද වැල් ඔහුගේ ගමනට අත්වැලක් විය.                                                                              

2014 -04-29 පෝල් ප්‍රනාන්දු ගී රේඩියෝ සමඟ කළ සාකච්ජාවක් අසුරිනි.

      M.H ලියොන් ප්‍රනාන්දු සහ කුසුමාවතී ප්‍රනාන්දු ගේ පුත් මඩවල හේවගේ පෝල් ප්‍රනාන්දු 1951 නොවැම්බර් 24 වන දින උපත ලැබිය. Prince of Baila (බයිලා කුමාරයා) යන විරුදාවලිය ලැබු පෝල් ප්‍රනාන්දු වේල්ස් කුමර විදුහලෙන් සිප්සතර හැදෑරිය. පාසල් කාලයේ සිටම ගී ගායනයට ආශාවක් දැක්වූ පෝල් ප්‍රනාන්දු 1969 දී මොරටුවේ පැවැත් වූ Talent 69 ආධුනික pop ගීත තරඟයෙන් එම්.එස් ප්‍රනාන්දු ගායකයාගේ “අසෝක මල් මාල නෙළාලා” ගීතය ගායනා කොට ජයග්‍රහණය කළේය. එය ඔහුගේ ජීවිතයේ නව පිටුවක් පෙරළිය. එවකට ලාබම්බාස් කණ්ඩායමේ ප්‍රියා පිරිස් ඔහුට කලඑළි බසින්නට අත දුන්නේය. ඔහු විසින්ම නිර්මාණය කළ මාලා සහ තොප්පි වෙළෙන්දා යන ගීත දෙක ඔහුට ලබා දෙමින් ජේර්ල්ඩ් වික්‍රමසුරිය මහතාට හදුන්වා දීමෙන් පසු පෝල් ප්‍රනාන්දුගේ පළමු ගී තැටිය 1970 දී එළි දැක්විණි. මාලා ඔබ ගැනම සිතාලා ගීතය ද ස්වින්ටන් ප්‍රනාන්දු රචනා කළ තොප්පි වෙළෙන්දා සහ සුදු රෝස මලක්  ගීත වෙනුවෙන් ප්‍රියා පිරිස් සහ නිශ්සංක විමල සුරිය තනු නිර්මාණය කරන ලදී. 

 

     මෙම ගීත  ශ්‍රී ලංකාව පුරා මහත් රසික ප්‍රසාදයක් දිනා ගන්නා ලදී. බයිලා ගී ශෛලියට බොහෝ ගී ගැයු පෝල් ප්‍රනාන්දුට “බයිලා කුමරු” යන නම පටබැඳුනේ එවකට සිටි බයිලා දැවන්තයින් අතර ඔහු යෞවනයකු වීම නිසාමය.

     ඔහුටම අවේණික ගැඹුරු හඬ පෞර්ෂයත් රැගුම් ශෛලියත් ඔහුගේ ගීතවලට ආලෝකයක් එකතු කළේය. මගේ පාසල් කාලය ගීතය අදටත් තරුණ වැඩිහිටි කාගෙත් ප්‍රසාදය දිනා ගත් ගීතයක් විය. 1970 දසකයේ සිට සහශ්‍ර වසර දක්වා ම එකලෙස තම ගීතවල ජනප්‍රියත්වය රඳවා ගන්නට හැකි වූ ඔහු නිර්මාණ දායකත්වය තුලින් පොහොසත් ගායකයෙකු වේ. සරල ගී,පොප්, සහ බයිලා, යන සැම වර්ගයේම ගීත ගැයු ඔහු මොරටුව කලා එකමුතුවේ ප්‍රබලතම සාමාජිකයෙකි. 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page