top of page

ලා සෙලොනියන්ස් 

                     

     බටහිර ඉන්දීය කොදෙව් දුපත්වලට සිමා වූ අප්‍රිකානු-කැරිබියානු සංගීත විශේෂයක් වූ කැලිප්සෝ සංගීත රටාව සහ ශෛලිය සිංහල භාෂාව හා අපේ සංගීත ශෛලිය සමඟ සම්මිශ්‍රණය කොට එහි රසය නොබින්දෙන අයුරින් අපට හඳුන්වාදීමට පුරෝගාමී වූ දැවන්තයෙකි නොයෙල් රණසිංහ.

 

     ප්‍රෙස්බිටෙරියන් දෙව් මැඳුරට අයත් තම දෙමාපියන් වූ චාල්ස් විලියම් රණසිංහ සහ හේසල් ඔගස්ටා රණසිංහ යන දෙපලගෙන් ලැබුණු සහයෝගයත් දේවස්ථානයේ සංගීත කන්තාරු කණ්ඩායමෙන් ලත් අභාශය සහ හඬ හැසිරවීමේ පන්නරයත් ඔහුගේ සංගීත දිවිය ඔපවත් වීමට හේතු විය. බටහිර සංගීත වාදන ශෛලිය වූ Blue Grass ශෛලිය ඔහුගේ සංගීත නිර්මාණයන්ට අභාෂයක් ගෙනෙන ලදී. එහි බැන්ජෝ සහ බොක්ස් ගිටාරය තත් හැඩවීමේ රටාව තුළ ඇති විශේෂත්වය ඔහුගේ ගීතවලින් පිළිබිඹු විය. එම වාදන රටාව සහ ශබ්ද රසය මතු කර ගැනීම අපහසු කාර්යකි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

     නමුත් ඔවුන් එය ජය ගත් අතර 1950 යුගයේ අවසාන භාගයේ Blue Bells යන සංගීත කණ්ඩායම ආරම්භ කරමින් තම අරමුණට පියවර එසවිය. අනතුරුව Moon Beams සංගීත කණ්ඩායම ආරම්භ කළ අතර කාලය සමඟ එහි සාමාජිකයන් විසිර යද්දී තම සිතට ඇති වූ නව සිතිවිල්ල ක්‍රියාත්මක කරමින් 1962 යුගයේ ලා සිලොනියන්ස් ගායක කණ්ඩායම ආරම්භ කරන ලදී. "ස රි ග ම ප ද නි " ( Do Re Me Fa So La Ti) යන ස්වරහි  "ද"ස්වරය ඉංග්‍රීසි බසින් කියවෙන "ලා" යන වචනය පෙරට යොදමින් ලාංකික යන අරුත ගෙනෙන Ceylonians යන වචනය එකතු කරමින් La Ceylonians කණ්ඩායම ආරම්භ කරන ලදී. 

     1969 විවාහ වූ නොයෙල් රණසිංහයන් තම බිරිඳ වූ මංගලි තම පෙම්වතිය සිටි කාලයේ ඇය වෙනුවෙන් "මාලි රුවන් මාලි" ගීතය නිර්මාණය කරන ලදී. මේ ගීතවලට රසික ප්‍රතිචාර ඉහලින් ලැබිණ. ගායනය මෙන්ම කණ්ඩායමේ බාහිර පෙනුමද වෙනත් ආකාරයකින් වෙස් ගැන්විණ.බතික් සරම, කමිසය, ඉනපටිය, පන් තොප්පිය,  කැලිප්සෝ සංස්කෘතියක ලක්ෂණ පිළිබිඹු විය. පාවහන් රහිතව ගී ගැයූ එකම කණ්ඩායම එවකට ඔවුන් විය. වාදන ශෛලිය මෙන්ම ගායනා ගොඩනැගුනේ සංගත ගායනා  (Harmony) මුසු කරමිනි. එහිද නැවුම් බවක් තිබුණි. මෙම ගී තැටියෙන් පසු ඔවුන් තව ගී තැටි කිහිපයක්ම එළි දක්වන ලදී.

 

     1976 වසරේදී අනුර ජයසිංහ සහ රොහාන් රුවන් වැල්ල සමඟ ජපානයේ පැවති World Music Festival in Japan ගායන තරගයට ලංකාව නියෝජනය කරමින් රටවල් 50 ක් තරග වැදුණු මෙම තරගයේ අවසාන වටයට සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකාවට කීර්තියක් ලැබීමට හේතුවිය. තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නියෝජනය කිරීම එම තරගය ගැන කාගෙත් කතා බහට ලක්විය. ඒ  ඔවුන්ගේ  Bluegrass වාදන  රටාව සහ ගායනාවල  උසස් බව නිසාය.දිය බැස යනවා, සුවඳ මල්, කන්ද උඩින්,  ගීත 200 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කළ නොයෙල් රණසිංහ නම් ප්‍රතිභාපුර්ණ කලා ශිල්පියා 1997 ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්ඩායම වෙනුවෙන් Lovely Cricket යනුවෙන් විශේෂ ගීයක්  නිර්මාණය කරන ලදී. ලන්ඩන් හි P. R. S. For Music සාමාජිකත්වය (Performing Rights society Ltd) ඇති නොයෙල් රණසිංහයන් සිංහල සංගීත ක්ෂේත්‍රයට කැලිප්සෝ සංගීත රටාව හදුන්වා දෙමින් ශ්‍රී ලංකා කැලිප්සෝ සංගීතයේ පුරෝගාමියා යන විරුදාවලිය ලැබිය.

     50 යුගයේ සිට 2014 දක්වා වූ කාල පරාසය තුළ තම නිර්මාණ ශෛලිය එක සේ ආරක්ෂා කරගත් නොයෙල් රණසිංහ සංගීත ලොවේ රන් අකුරින් ලියවෙන නාමයක් වන අතර ඔහු 2013 වසරේ රාජ්‍ය කලා භූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබිය.

 

                               2014 -03-17 නොයෙල් රණසිංහ ගී රේඩියෝව සමඟ කළ සාකච්ජාවක් ඇසුරිණි.

සාමාජිකයන් තිදෙනෙකුගෙන් යුක්ත වූ මෙම කණ්ඩායම 1967 දී තවත් සාමාජිකයන් එකතු කරගනිමින් ඔවුන්ගේ කුළුඳුල් ගී තැටිය එළි දක්වන ලදී.  නොයෙල් රණසිංහ ප්‍රමුඛව ලෙස්ලි ගෝමස්, එඩ්වඩ් ඇන්තනි, චිකෝ රුක්ස්, මිල්ටන් මල්ලවආරච්චි, කුමාර පතිරණ යන දක්ෂතා පුර්ණ සාමාජිකයන්ගේ එකමුතුවෙන් "හෝයියා හෝයියා, දහදුක විඳලා, තරුණ ජීවිතේ අපේ විනෝදයෙන් සහ මාලි රුවන් මාලි ගීත එළි දැක්විණ. මාලි රුවන් මාලි ගීතයට යුග ගායනයෙන් ක්‍රිස්ටීන් ගුණවර්ධන එකතු විය.බටහිර වාදන ගායන ශෛලිය සිංහල ගීතයකට මුසුවීමේ පෙරළිය මුළු සංගීත ලොව පුරා රැව් දෙන්නට විය. එය නව ගී රසයක් එකතු කරන ලදී. 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page