top of page

එච්.ආර්. ජෝතිපාල

1950-60 යුගය තුළ චිත්‍රපටයකට ගීතයක් ගායන කිරීමට අවස්ථාවක් ලබාගැනීම දුෂ්කර කාර්යයකි. මෙම දුර්ලභ අවස්ථාව එකල ඔහුට උදාවිය. දාහක් කම්කටොලු මැද "පොඩි පුතා" යන චිත්‍රපටියට ගීතයක් ගායනා කිරීමට ගිය ජෝතිපාලයන්ට ගීතය ගායනා කිරීමට දීම නිෂ්පාදක තුමා ප්‍රතික්ෂේප කරන ලදී. සිත මදකට සැලුනත්, සිත් තැවුලට වේදනාවට පත් වනවාට වඩා වේගයෙන් ධෛර්ය සහ අධිෂ්ඨානය ඔහු තුළ ඉස්මතු විය.

2014-08-15  දින ක්‍රිෂ්ණි ජෝතිපාල මහත්මිය සහ පද්මසිරි කොඩිකාර මයා (එච්.ආර් ජෝතිපාල පදනම) ගී රේඩියෝ වෙතට ලබාදුන් තොරතුරු ඇසුරෙනි

   හදවත රත්තරන් යන විරුදාවලිය ලද සංගීත ලොවේ රත්තරන් හඬකට හිමිකම් කියූ හෙට්ටිආරච්චි ගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් H.R ජෝතිපාලයන් 1936 පෙබරවාරි 12 වන දින උපත ලැබිය. H.R ජේමිස් සහ පොඩි නෝනා පෙරේරා ඔහුගේ දෙමාපියන් වේ. මරදාන ශාන්ත ලෝරන්ස් විදුහලෙන් සහ දෙමටගොඩ ශා:ජෝන් විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු කුඩා කළ සිටම සංගීතයට ඇල්මක් සහ හැකියාවක් දැක්වූ අතර තරුණවියට එළඹෙත්ම මිතුරන් සංවිධානය කරන සාදයන් හි ගී ගායනයට නැතුවම බැරි මිතුරෙකු විය.

 

එතෙක් රිදී තිරයේ සෙවූ දුර්ලභ හඬ ඔහුගේ විය. 1958 වසර තුළ එකමත් එක රටක, දෙයියන්ගේ රටේ, දස්කම, වනමෝහිණි යන චිත්‍රපටිවලට ඔහු ගී ගායනා කළේය. සිත සුනිල් දිය දහරා, කොළ කඩ කඩ බොරුවට දෙනවා, වාසනාව පැදෙවී යන ගීත ඔහු විසින් රිදී තිරය ඔප කළ ගීත වේ. පසුව අවිශ්වාසය (1959) ශ්‍රී 296 (1959) ගැහැණු ගැට (1959) සුභද්‍ර (1960) යන චිත්‍රපටි වල ගීත ගායනා කළ අතර ලෙස්ටර් ජේමිස් පිරිසගේ සංදේශය චිත්‍රපටියට ඔහු "පෘතුගීසිකාරයා" ගීතය අරිසෙන් අහුබුදුගේ පදමාලාවකට ආර් මුත්තුසාමිගේ සංගීතයට ඔහු ගායනා කළේය. ඒ ඒ ගායකයාගේ රංගන රටාවට සහ පෞර්ෂත්වයට සැසදෙන ලෙස හඬ හසුරුවා ගත් ඔහු ආනන්ද ජයරත්න, විජය කුමාරතුංග ඔස්වල්ඩ් ජයසිංහ, සේනාධිර රූපසිංහ, ගාමිණී ෆොන්සේකා, සනත් ගුණතිලක, ජයන්ත දාස් රන්ජන් රාමනායක, ඇතුළු යුග ගණනාවක නළුවන් හට තම මධුර  හඬ මුසු කළේය. එකින් එකට වෙනත් තේමාවන්ට හසුවූ ගීත ඒ ඒ හැඟුම් රටාව මුසු කරගනිමින් සජීවී ගයනාවකට හඬ මුසු කිරීමේ පෞර්ෂත්වය සහ  දක්ෂතාවය ඔහු සතුවිය.  මේ ජීවනයේ, ආරාධනා සංසාරයේ, රත්තරන් අම්මා බලන්න ආවේ, වැනි වේදනාත්මක ගීත මෙන්ම තුෂාරා, චන්ද්‍රමේ රැ පායා ආවා, සොඳුරු ලොවට මල් වහැලා, සිත මෝසම් වැනි ආදර හැඟුම් මතු කරන ගීත ද ඔහු විසින් අපුරුවට ගායනා කළ අතර චන්දන ඇල්ලෙන් නාලා, සුසුදු රැල්ල, සුදුපාට මිදුම් ගලලා, මා  ප්‍රර්ථනා ආශාවෝ වැනි ගීත ඒ ඒ රංගන ශිල්පියා පවා ඉස්මතු වන ලෙසින් සජීවී ලෙස හඬ උස් පහත් කරමින් ගායනා කිරීමේ දක්‍ෂතාවය ඔහු තුළ විය. රෝයි ද සිල්වා,විජය කුමාරණතුංග, ගාමිණී ෆොන්සේකා, ටොනී රණසිංහ වැනි රංගන ශිල්පින් ඔහු ගැයූ ගීත හේතුකොටගෙනද සිනමාව තුල ඉස්මතු වූ බව අතිශයෝක්තියක් නොවේ.එය ඔහු උපතින් ගෙන ආ ගායන හැකියාවයි.

පසුව 1956 දී සිරිල් පි.අබේරත්න අධ්‍යක්ෂණය කළ සුරතලි චිත්‍රපටියට එහි නිෂ්පාදක තුමා ජබිර් කාඩර් ටි.ආර් රාෆා වෙත හඳුන්වා දී ඉන්දියාවේ "වාහිනී " ශබ්දාගාරයේ ඔහු 1956 වසරේ "සිරියා මේ සාරා" ගීතය ගායනා කළේය. කාගේත් සිත් මවිත කරමින් එම ගීතය චිත්‍රපටි සාහිත්‍ය තුළ ජනප්‍රිය ගී අතරට එකතු විය. මෙම ගීතය සමඟම "ආලෝකේ දේය මා හර්දේ" ගීතය ස්වරණා අබේරත්න සමඟ ගායනා කළේය.

1965 සතපනහා - චන්ද්‍රමේ රැ පායා

1966 සුදු දුව - ආවා සොයා ආදරේ (ඇන්ජලින් ගුණතිලක සමඟ)

1969 හලෝ මිස් කොයිබද යන්නේ - ප්‍රවේසම් වෙන්න

1969  ආදරේ සිහිනයකි (සුජාතා පෙරේරා සමඟ)

1972 සුදු පාට මිදුම් ගලාලා- එදත් සුරයා අදත් සුරයා

1972 චන්දන ඇල්ලෙන් නාලා- සුජීවා

යන චිත්‍රපටිවල ගැයූ ගීත අදටත් අප තුළ මතකයේ රැදී ඇත. හින්දි තනු අනුව එම මුල් ගීතයට හානියක් නොවන ලෙස ඔහු ගායනා කළ අතර ටජ්ම හලක් තනවන්න බැ,  ඔබ නිදන්න, මල් පිපිදෙන, නීල දෑස වැනි ස්ව නිර්මාණයද ඔහු ගේ හඩින් රසවත් විය. චිත්‍රපට 100 අධික ප්‍රමාණය ගීත ගයා ඇති H.R ජෝතිපාල, l.p තැටි, කැසට් සංයුත්ත, තැටි සඳහා ගීත 5000 ට අධික සංඛ්‍යාවක් ගායනා කරමින් සංගීත ක්ෂේත්‍රය තුළ අමරණිය බව තහවුරු කරමින් 1987 ජුලි 07 වෙනි දින දෑස පියාගන්නා ලදී. අද වාර්තාමානයේ ඔහු ගැයූ බොහෝ ගීත නව පරපුර විසින් ගායනා කරන්නේද මුල් ගීතය ගායනයේදී  දුන්න ප්‍රාණය සහ එම ගීතය ජනප්‍රියත්වයට ගෙන ඒමට ඔහුගේ හඩේ තිබු පෞර්ෂත්වය නිසාවෙනි. අද ඔහුගේ ගීත ගායනා කරන තාරකාවන්ට ආලෝකය දෙන සුර්යයා එච්. ආර් ජෝතිපාලයන්ය. අදටත් ඔහුගේ ගීත ගායන කරමින් ජීවත් වෙන සංගීතකරුවන් බොහොමයක් ඇත.මහමග යාචකයන් පවා දිවි රැකගන්නේඔහුගේ ගීතයක් ගායන කිරීමෙනි. ඔහුගේ වියෝවෙන් පසුවත් 2014  වසර වෙනතෙක් ඔහුගේ ගී හඬ චිත්‍රපටි 83 කට යොදා ගැනීම වාර්තාවකි. සංගීතය වැඩිදුර අධ්‍යනය නොකළ මුත් අද්යනයට වැඩ හැකියාව උසුබලවත් යව තර්කයෙන් ඔහු ජයගෙන ඇත. ඔහුගේ හඬ නොමැති වීමෙන් සිංහල රිදී තිරයට වැටුණු කඳුළු බිඳ  බොඳ වී ඇති මුත් තවම වියලී  නැත. ඒ තරමට ඔහුගේ  හඬ රිදී තිරය පණ ගන්නවන ලදී. (H) හදවත (R) රත්තරන්  යන නම ඔහුට පට බැදුනේ මනුෂත්වය අගය කළ  ගායකයන්  අතර ඔහු ඉහළ අත්තක පිපි ඇති නිසාවෙනි.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page