top of page

 මැණික් චන්ද්‍රිකා 

 1976 වසරේ ඇයගේ කුළුදුල් ගී තැටිය ඇය නිකුත් කළාය. ක්ලැරන්ස් විජේවර්ධන නිර්මාණය කළ "මගේ උපන් දිනේ" සහ ක්ලෝඩ් ද සොයිසා නිර්මාණය කළ "මගේ සුරතල් මල්ලි" හේමසිරි ද සිල්වා නිර්මාණය කළ "අම්මා" යන ළමා ගීත එම තැටියේ අඩංගු විය. එකල ගී ගැයූ ළමා ගායිකාවන් අතර ඇය විශේෂ වුයේ බටහිර ශෛලියකින් මිශ්‍ර වූ හඬකින් තමාටම අවේණික වූ ගායන ශෛලියක් ඇයට හිම වූ නිසාවෙනි. චන්ද්‍රිකා දමයන්ති සේනාධිර නොහොත් බේබි චන්ද්‍රිකා ළමා විය ඉක්මවා යොවුන් වියට පා නගද්දී ඇයගේ තාරුණ්‍ය හඬ අවදි කළාය. මැණික් චන්ද්‍රිකා යන තරු නාමයෙන් ඇය සිල්වර්ලයින් රෙකෝඩ් ලේබලයට  ගීත 04 ක් පටිගත කළාය . කරුණාරත්න අබේසේකර පද රචනා කොට සරත් දසනායක තනු නිර්මාණය කළ"මා ආවේ ඔබේ ආදරේ සොයා" යන  ගීතයත් චිත්‍රා නන්ද අබේසේකර නිර්මාණය කළ "කිවේ නෑ දුටුදා ඔයා" යන ගීත එහි අඩංගු විය. එම ගීත තැටි එළි දැක්වීමෙන් පසු ඇයගේ හඬ නිහඬ වුයේ ඇය විදේශ ගත වීමත් සමඟය. වසර ගණනාවක් නිහඬ වූ ඇයගේ හඬ නැවත විකසිත වන්නේ 1986 වසරේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟය.

  2014- 03-10 ගී රේඩියෝව සමඟ කළ සාකච්ජාවක් ඇසුරිනි

 

ඒ මැණික් නමින් ගීත 12 ක් අඩංගු වූ කැසට් පටය එළි දැක්වීමෙනි. මගේ කතාවේ, හද ගොළුවෙලා, ඇතුළු ඇය පෙර ගායනා කළ "මා අවේ ඔබේ ආදරේ, කිවේ නැ දුටු දා " යන ගීත ද එහි අඩංගු විය. හද ගොළුවෙලා ඇතුළු ගීත 6ක් නිර්මාණය කළේ ක්ලැරන්ස් විජේවර්ධන විසිනි. එහි හද ගොළුවෙලා ගීතය ඇය යම් සංයමයකින් ගායනා කළ  ගීතයක් වේ. බටහිර හා දමිළ ගායන ශෛලිය මිශ්‍ර වූ බටහිර ආරයට හඬ හසුරුවමින් එය ඇය ගයානා කර ඇත. බොහෝ ගායකයන් හා යුග ගීත ගායනා කළ මැණික් චන්ද්‍රිකා Non Stop කැසට් පට ඇතුළු වරින්වර සංයුක්ත තැටි සඳහා ගායනා කළ ගීත රැසක් ඇය සතු වේ. ජොලි හලෝ ඇතුළු චිත්‍රපටි රැසකට හඬ මුසු කළ මැණික් චන්ද්‍රිකා 2008 වසරේ සුදු මුදු සිහිනයක්  යනුවෙන් සංයුක්ත තැටියක් එළි දක්වන ලදී. 

        මීගමුවේ නිවුස්ටඩ් විදුහලේ අධ්‍යාපනයෙන් පෝෂණය වූ මැණික් චන්ද්‍රිකා මුලකුරු කියවන කාලයේ පටන්ම ඇයගේ මුවින් පිට වුයේ ගීත කාණ්ඩයන්ය. 1972 මීගමුවේ පැවති මහා සංගීත සංදර්ශනයකට සියැක් සංගීත කණ්ඩායම සමඟ ගීතයක් ගායනා කිරීමට අවස්ථාව උදා කරගන්නට ඇයගේ ඥාතියෙකු ඇය එතනට කැඳවාගෙන ගියේය. එදින සංගීතය සැපයු සියැක් සංගීත කණ්ඩායමේ නායක රෝහිත ජයසිංහ මහතා ඇය වේදිකාවට නංවන්නට පෙර ඇයගේ හඬ පරික්ෂා කර බලා ඇයට වේදිකාවේ ගී ගයන්නට අවස්ථාව ලබා දුන්නේය. ශිරෝමි ප්‍රනාන්දු ගයන "අම්මා පෙම්බර අම්මා" ගීතය ඇය නොබියවම ගායනා කළාය. ඒ වනවිට ඇය වයස අවුරුදු අටක කුඩා දැරියක වුයෙන් ඇය හඳුන්වා දුන්නේ බේබි චන්ද්‍රිකා යන නමිනි. කුඩා චන්ද්‍රිකාගේ ගායනයෙන් පසු රසික ජනතාව ඔල්වරසන් හඬ දුණි. ඇයගේ ගායනයෙන් පැහැදුණු කණ්ඩායමේ නායක ඇයට සියැක් සංගීත කණ්ඩායම සමඟ ගායනා කිරීමට අවස්ථාව උදා කර දුන්නේය. කුඩා බේබි චන්ද්‍රිකා ඉංග්‍රීසි, සිංහල, හින්දි, දමිල, යන භාෂා හතරකින්ම ගී ගැයීමට තරම් දක්ෂ වුවාය. ඇයට වයස අවුරුදු නවය සම්පුර්ණ වන විට එනම් 1974 ඇය "දස මස කුස දරාලා" යන ගීතය H.R ජෝතිපාලයන් සමඟද A.E මනෝහරන් සමඟ "ආසෙ මචානේ" දමිළ ස්වතන්ත්‍ර නිර්මාණයද ගායනා කළාය.

 

ගීත ලොව ආක්‍රමණය කරන විවිධ ගායන ශෛලීන්  හා ගීත රැලි අතර තම අනන්‍යතාවය එක ලෙස රැක ගනිමින් සුපුරුදු ගායන ශෛලියට හානි වන නිර්මාණයකට දායක නොවූ ඇය 2014 වසරේ සිකුරු කුමරුනේ Music වීඩියෝ පටය එළි දක්වුවාය. රෝනස් මොහොමඩ් පද රචනය කළ උදාර සමරවීර තනු නිර්මාණය කළ මෙම ගීතය ඇය පෙර ගායනා කළ ගීත ශෛලියට වඩා වෙනත් ශෛලියක ගීතයක් විය. 70 යුගයේ ගී ශෛලිය තුළ ගී ගයමින් තවමත් රසිකයන් පිනවන ගායිකාවන් කීපදෙනෙකු අතර ඇයට හිමිවන්නේ විශේෂ තැනකි. 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page