top of page

මාලා භාරති

 

ක්‍රමයෙන් ඇය ගායනය තුළ අද්දැකීම් ලබා ගැනීමත් සමඟම එතෙක් ගායනා කළ ගායන ශෛලියට වෙනත් මඟක් ගත් Negambo Bees Calipso සංගීත කණ්ඩායමට එකතු විය. එම  Calipso රටාවට මාලා භාරති ඇයගේ හඬ අපුරුවට මුසු කළාය. දිවයිනට එන විදේශිකයන් පිනවමින් සිංහල සහ බටහිර ගීත Calipso ශෛලියට ගායනා කරමින් ඇය Calipso ගායනා ශෛලියට අවේණික ගායන රටාවකට හඬ පාලනය කර ගත්තාය. කුඩා කළ සිට දෙව්මැඳුරේ ගීතිකා කණ්ඩායමෙන් ලබා ගත්අද්දැකීම් ඇයට පිටුවහලක් විය.

2014-02-26 ගී රේඩියෝව සමඟ කළ සාකච්ජාවක් ඇසුරිණි

 

මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි වී සිටි මාලා සිසිලි කුඩා කළ සිටම සංගීතයට ප්‍රිය කළාය. වයලීනය සහ සර්පිනා වාදකයෙකු වූ තම පියාගේ අභාශය ලැබූ ඇයට Sky Larks සංගීත කණ්ඩායමට සම්බන්ධ වීමට අවස්ථාව උදා කර දුන්නේ තම නිවස අසල සිටි සිරිමල් ප්‍රනාන්දු විසිනි. 1977 වසරේ එහි නිත්‍ය ගායිකාවක ලෙස ඇය එම සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණේ බටහිර ගී ගායිකාවක ලෙසය. පසුව ස්ටැන්ලි එම් ප්‍රනාන්දු මහතා ඇය පුහුණු කොට ගුවන් විදුලියට හඳුන්වා දීමෙන් පසුව A ශ්‍රේණියේ සරල ගී ගායිකාවක් ලෙස සමත් විය. 

 

 

1997 වසරේදී ඇය  Mala & Breve නමින්  තමාගේ සංගීත කණ්ඩායමක් ආරම්භ කළේ ඇය විවාහ වී ඇති විනෝරාජ් භාරති සමඟය. ඇය පසුව ඇයගේ ස්ව නිර්මාණ කරනයට පිවිසියාය. ඇය විසින්ම පද නිර්මාණය කළ සඳ පානක් සේ ගීතය ඇය ගායනා කළේ පෝල් ප්‍රනාන්දු ගේ ජනප්‍රිය ගීතයක් වූ මාලා  ගීතයට පිළිතුරු ගීතයක් ලෙසය. ඉන් නොනැවතුණු  ඇය ඇයගේ ස්ව නිර්මාණ කිහිපයක් එළි දැක්විය. දයාන් විතාරණ සමඟ  යුග ගීතයක් ගායනා කළාය. තමාටම ආවේණික වූ ලයාන්විත හඬ ඇය ස්ටැන්ලි එම් ප්‍රනාන්දු, මර්වින් පෙරේරා, ලකී දේවා ඇතුළු බොහෝ සංගීත ශිල්පීන්ගේ තනු සහ පදමලාවන්ට මුසු කළාය. අනුකරණයට වඩා ස්වනිර්මාණයන්ට ප්‍රිය කරන ඇය ඇයගේ නව නිර්මාණ රසිකයන්ට තිළිණ කිරීමට බලාපොරොත්තුවෙන් සිටි.

 

 සංගීතයේ ස්වඅධ්‍යනයක යෙදුන ඇය අයිලා ග්‍රාන්ට්, නනා මොස්කුරි යන විදේශීය ගායිකාවන්ගේ ගායන ශෛලීන් තමාගේ හඬ සමඟ සැසදෙන ලෙස මිශ්‍ර කර ගනිමින් ඇය නව හඬක් ගොඩනඟා ගත්තාය. ඉන්ද්‍රානි පෙරේරා වැනි ගායිකාවන්ගේ  ගීත ශෛලියද ඇයගේ ගායනයට අත්වැලක් විය. 

 

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page