
ලාංකිකා පෙරේරා



1968 අවදීයවන විට ඇයගේ සොහොයුරු විජිත් පිරිස් මුන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදක ලෙස කටයුතු කල අතර ඔහු ඉන් ඉවත් වී ගෝල්ඩන් චයිමිස් සංගීත කණ්ඩායමට සම්බන්ධවීමත්, එවකට ලංකිකා විවාහ ගිවිසුම් ගෙන තිබු ශානක පෙරේරා ද ගෝල්ඩන් චයිමිස් කණඩායමේ බේස් ගිටාර් වාදකයා ලෙස කටයුතු කරන අවදීයේ ක්ලැරන්ස් විජේවර්ධනයන් තම කණ්ඩායමට කාන්තා හඬක් අවැසි බැවින් ඇයගේ ගායනය ඇසු හෙතෙම ගෝල්ඩන් චයිමිස් කණ්ඩායමට එකතුවීමට ආරාධනා කලේය.
ඒ අනුව 1971 වසරේදී ඇය ගෝල්ඩන් චයිමිස් කණ්ඩායමේ නිත්‍ය ගායිකාව වුවාය. "මලයි වැලයි [ක්ලැරන්ස් විජේවර්ධනයන් සමඟ] , සඳයි තරුයි [අනිල් භාරති සමඟ], මොළකැටි පුතුනේ,පුතු නිදියයි, මා මතක නැති කළාට" යන ගීත ඇතුළු ගීත රැසක් ඇය ගෝල්ඩන් චයිමිස් ගායක කණ්ඩායම එළි දැක් වූ තැටි වෙනුවෙන් ගායනා කළාය. 1977 වන විට ගෝල්ඩන් චයිමිස් සංගීත කණ්ඩායමේ කෙටි නිහැඩියාවක් තිබුණ නුමුදු නිර්මාණ කිරීමේ කැමත්ත ඇයගෙන් බැහැර නොවිය, කරුණාරත්න අබේසේකරයන්ගේ පද මාලාවට ප්‍රියා පිරිස් තනු නිර්මාණය කල "ගුවන් යානය, රත්තරනේ, දිනක සයුර" යන ගීත ඇය ඒ අවදීයේ පටිගත කල අතර 1980 දසකයේ ගෝල්ඩන් චයිමිස් කණ්ඩායම ශානක පෙරේරා විසින් නැවතත් ප්‍රති නිර්මාණය කිරීමෙන් යලිත් මුළු දිවයින පුරා ඇයගේ හඬ අවධි කළාය. සංගීතයට අමතරව ලංකා බැංකුවේ නිලධාරිනියක් ලෙස කටයුතු කල අතර සංගීතයත් රැකියාවත් සමබරව කරගෙන යමින් සීමා සහිතව කටයුතු කළාය. ඇය සමහර සංගීතමය වැඩ සටහන්වලට සහභාගී වී ලබන ජනප්‍රියත්වයට වඩා කාන්තාවක් ලෙස සමාජයට ඇයගේ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීම අගය කලාය.

සිංහල ගීත සමඟ ඇය සංචාරක හොටෙල් සංකීරණය තුල බටහිර ගායිකාවක ලෙස ද ප්‍රසිද්ධ වුවාය. ඇයගේ ගීත ශෛලිය හා සැසදෙන නානා මොස්කුරි, ඔලිවියා නිවුටන් ජෝන්ස්, ඈන් මරි යන ගායිකාවන්ගේ ගීත ඇය ගායනා කළාය. 1983 වසරේ නිකුත් කල ගෝල්ඩන් චයමිස් vol :one යන කැසට් පටයට ඇය නව ගී කිහිපයක් ගායනා කළාය. 1987 වසරේ ඇය නියෝජනය කල ගෝල්ඩන් චයිම ිස් කණ්ඩායම musical stars of 86 යන සංගීත සම්මාන උළලේ ජනප්‍රියම සංගීත කණ්ඩායම ලෙස සම්මාන දිනා ගත්තේය.

1980 අග භාගයේ ගෝල්ඩන් චයිමිස් එළිදැක්වූ ආදරයේ මායාව ගැන නිර්මාණය කල “මායා” නම් කැසට් පටයට ආදර ගීත හතක් ඇය ගායන කළාය. එහි යුග ගීත දෙකක් ද ඇයගේ සොහොයුරා වූ ලකී දේවා සමඟම ගායනා කලාය. එකල එම ගීත ගුවන් විදුලි යේ තහනම් ගී අතරට එක් විය. ''ආදර කුමරුණි, කිරි සුදු සේලෙට, කුසුමන් පිපෙයි, පෙම් ගී, තාරුකා" ඉන් කිහිපයකි.

2000 වසරේදී ගෝල්ඩන් චයිමිස් එළි දැක්වූ “කිමද නාවේ” ගී තැටියට ඇයගේ තවත් ස්ව නිර්මාණ කීපයක් එළි දක්වන ලදී. "සඳක් වෙලා, හිරු නැගිලා, යොවුන් වසන්තේ" ඉන් කීපයකි. වරින්වර ලද ආරාධනාවන්ට ඇය තිලක් පෙරේරා [හෙළන හෙළන], නාලක සොයිසා [බොල්ගොඩ ගගේ] , ලකී දේවා [මට කියන්න], සුනිල් පෙරේරා [හිරු කුමරුන්], අනිල් භාරති [පමණි හිරු දින] සමඟ යුග ගී කීපයක් ගායනා කළ අතර "සාමයේ ගීතය" නමින් විශේෂ සාමය ගීතයක්ද "කිතු සමිදුන්" යන කිතු බැති ගීතයක් ද ගායනා කල අතර 2000 දසකයේ කිතුනු ගී සංයුක්ත තැටි දෙකක් එළි දක්වන ලදී.

මොරටුව වේල්ස් කුමරි විදුහල ඇය අධ්‍යාපනය ලැබූ පාසලයි. කඩලාන මෙතෝදිස්ත දෙව්මැදුර ඇය දහම් පාසල් ගිය දේවස්ථානයි. ඇයගේ ගායන හැකියාව දළු ලෑ තොතැන්න පාසැල හා දෙව්මැදුරයි. සැප්තැම්බර් 30 වන දින උපන් දිනය සමරන ඇය, වයස අටේදී පාසලේ පැවැත් වූ බටහිර ගී තරඟයෙන් "Butter cup a golden hair" ගීතය ගයමින් ඇය ලැබූ ජය, ඇයව ගායනයට දිරිමත් කළාය. එකළ ඇයගේ සංගීත ගුරුවරියන් වුයේ රාණි පෙරේරා මිය සහ ට්‍රිලා පෙරේරා යන ගුරුවරියන්ය. තම පියා වූ ඩික්සන් ජේම්ස් පිරිස් සංගීතයට හා වාදනයට ලැදියාවක් දැක්වූ කෙනෙක්වීමේ අභාෂයත්, ගුවන් විදුලියේ ළමා වැඩ සටහන්වලට සහභාගීවීමෙන් ලැබූ අත් දැකීම් තුලින්ඇය දිනෙන් දින ගායනයට අවශ්‍ය පන්නරය ලබා ගත්තාය.
2011 වසරේදී ඇයගේ 40 වසරක සංගීත දිවිය සමරණ අවස්ථාවේ “ගුවන් යානය” නමින් ඇයගේ ජනප්‍රිය ගී 16ක් අඩංගු සංයුක්ත තැටියක් ද එළි දැක්වූවාය. ඊට අමතරව සංගීතයට අමතරව ශු:එම්මානුවෙල් දෙව්මැදුරේ දහම් පාසල් ගුරුවරියක් ලෙස කටයුතු කරන ලංකිකා මොරටුව කලා එකමුතුව සංගමයේ සභාපතිනිය ලෙසද කටයුතු කරමින් සිටියි. ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමේ නායක ශානක පෙරේරා සමග විවාහ වී සිටින ඇය චමින් සහ චමිල යන පුතුන් දෙදෙනෙක් හිමි දයාබර මවකි.
උපේන්ද්‍ර ප්‍රනාන්දු, ලක්ප්‍රිය ද සිල්වා, ක්ලැරන්ස් විජේවර්ධන, ලකීදේවා, ටි.සුමිත් පෙරේරා, ඇය වෙනුවෙන් නිර්මාණය කල ගීත 30ට අධික ප්‍රමාණයක් එළි දක්වමින්, කණ්ඩායම් ගී ක්ෂේත්‍රය තුල තමාටම අවේණික වූ හඬකට හිමිකම් කියන ලංකිකා, 2014 වසරේදී ඇයගේ නව නිර්මාණ කීපයක් එළි දක්වන්නට බලපොරොත්තුවෙන් සිටි.
2014-03-24 ගී රේඩියෝව සමඟ කළ සාකච්ජාවක් ඇසුරිනි.

