top of page

කිර්ති පැස්කුවෙල්

 

     1976 රියල් සිං මහතාගේ මෙහෙවීමෙන් ස්ටැන්ලි පිරිස්, මහින්ද බණ්ඩාර සහ රූකාන්ත ගුණතිලක ආරම්භ කර තිබු ගැලැක්සිස් සංගීත කණ්ඩායමේ බේස් ගිටාරය වාදනය කිරීමට ඔහුට අවස්ථාව උදා විය. දින දින සංගීතමය අත්දැකීම බහුල වෙද්දී තමාට යුධ හමුදා සංගීත කණ්ඩායමට යෑමට අවස්ථාවක් උදා විය. ඒ අතර ගැලැක්සි කණ්ඩායම සමඟ ස්ටැන්ලි පිරිස්ගේ නව නිර්මාණ පටිගත කිරීම්වලට සහභාගී විය. එතෙක් තාල තරංග වාදකයෙකු ලෙස පටිගත කිරීම්වලට සහය වූ කිර්ති පැස්කුවෙල් යුධ හමුදා සංගීත කණ්ඩායමට යන අදහස අතහැර ෆෝචුන්ස් කණ්ඩායමේ ස්ථිර වාදකයෙකු විය.1978 ග්‍රේෂන් ආනන්දගේ ඉල්ලීමක් මත ඈත දුරක දෑස පාවෙලා ගීතයෙන් බේස් ගිටාර් වාදකයෙකු ලෙස පටිගත කිරීම්වලට මුල් පියවර තැබුවේය. ඉන්පසු බොහෝ ගීත පටිගත කිරීම්වලදී ඔහු බේස් ගිටාරයෙන් තම හැකියාව ගීත වලට මුසු කළේය. කිර්ති පැස්කුවෙල් එතෙක් ඔවුන්ගේ ගීතවලට ප්‍රයෝජනයට නොගත් Bass ගිටාරයේ Finger Style පාවිච්චි කළ පළමු වාදකයා විය. වාදකයෙකු විසින් සංගීත ලොව ජය ගත්තද ඔහු තුළ තිබු ගායන ශෛලිය වරින් වර මතු කරමින් කණ්ඩායම සමඟ ගායනයෙන් රසිකයන් පිනවද්දී තම කණ්ඩායමට අමතරව පැට්‍රික් දෙනිපිටිය මයාගේ සංගීත කණ්ඩායමේ ද ගායකයෙකු ලෙස කටයුතු කළේය. 

2014-03-20 ගී රේඩීයෝ සමඟ කළ සාකච්චාවක් ඇසුරිණි.

 

     කිර්ති පැස්කුවෙල් සෞම්‍ය, ලයාන්විත වූ තමාටම අවේණික හඬකට හිමිකම් කියන ගායකයෙකි. 1970 වසරේ නුවර කිරිබත්ගොඩ පැවති සංගීත සංදර්ශනයකට ෆෝචුන්ස් සංගීත කණ්ඩායම සමඟ සනත් නන්දසිරි  ගැයූ "මහද විණා " ගීතය එදා ඔහු ගායනා කළේය. එදා ආධුනිකයෙකු වූ ඔහුගේ හඬට බොහෝදෙනා ප්‍රිය කළහ. ඉන් පසුව 1972 වසරේ Rythm ගිටාර් වාදනයේ දක්ෂතාවයක් තිබු කිර්ති පැස්කුවෙල් තම මිතුරන් සමඟ සංගීත කණ්ඩායමක් තනා ගත්තේය. තම ඥාති සොයුරන් වූ බන්දුල රණසිංහ, ලලිත් රණසිංහ, රංජිත් රණසිංහ සහ මිතුරු සෝමේ සමඟ ප්‍රිය සම්භාෂණවලදී ඔවුන් සංගීතය සැපවුයේය. කෙමෙන් ඔවුන් පියවර නගද්දී සම්පුර්ණ සංගීත කණ්ඩායමක් ලෙසින් සංගීතය සැපයීමට ඔවුන්ට අවස්ථාවක් උදා විය. ඒ වන විට ඔවුන්ගේ කණ්ඩායමට බේස් ගිටාර් වාදකයෙකු නොසිටියේය. එදින කිසිදා වාදනය නොකළ බේස් ගිටාරය වාදනය කිරීමට ද ඔහුට සිදුවිය. Rythm ගිටාරය අපුරුවට වාදනය කළ ඔහු එහි පළපුරුද්ද ප්‍රයෝජනයට ගෙන එක් දිනක් තුළ ස්ව අධ්‍යනයක යෙදී එම අභියෝගය ජය ගනිමින් සංගීත ලොවේ කඩ ඉමක් පසු කරන ලදී. 

 

     1985 ඔහු "නීල අහසේ" නමින් නිකුත් කරන ලෙස කැසට් පටයට මෙම ගීතයද අඩංගු කරන ලදී. ගායනය තුළ පෙරදිග හා අපරදිග ශෛලීන් අතර සෞම්‍ය හඬක් පිහිටීම නිසාවෙන්ම  පෙර නිර්මාණය වූ සමහර  ගීත නව පටිගත කිරීම් වලදී එම ගීත ගායනා කිරීමට  ඔහුට අවස්ථාව උදා විය. ලොස් ෆ්ලේමින්ගෝස් කණ්ඩායමේ "බොලඳ කතා කියලා" නෙවිල් ප්‍රනාන්දු ගයනා කළ මල්බර හිමිදිරියේ, ගලන ගඟේ, රුවන් අඹර, නිල් අහස් තලේ, මේ රාත්‍රියේ ආවේ ඉන් සමහරකි. ඔහු  විදේශ ගත වූ පසු කෙටි නිහැඬියාවක් තිබුණද 2004 වසරේ තම අනන්‍යතාවය පිළිඹිබු කරමින් සුරේෂ් ද සිල්වා සංගීතවත් කළ ලක්මාලි කාරියවසම් රචනා කළ "කඳුළ ඉතිං සමාවෙයන්"  ගීතය ඔහුගේ සංගීත දිවියට පෑයූ රන්තාරකාවක් මෙන් විය. කැරීබියන් කැලිප්සෝ යන ශෛලියේ හැඩ සිංහල සංගීත ශෛලිය හා සම්මිශ්‍රණය  වූ මෙම ගීතය ඔහුගේ ගායනයේ සෞම්‍ය බව වඩාත් තීර්ව විය.

 

     1981 සුනිල් ධර්මසේන අමිල ලේබලයෙන් එළි දැක්වූ කැසට් පටයට හන්තානේ නිල් කඳු වැටි ගීතය ඔහු ගායනා කළේය. ඔහුගේ කුළුදුල් ගීතය එය වූ අතර එතෙක් ආ ගමනේ නව පිටුවක් ඒ තුළින් පෙරලින. මධුර ගායන ශෛලියක් අනුගමනය කළ කිර්ති පැස්කුවල්, තම කණ්ඩායම විසින්  ගීතපටිගත කිරීම් කරන සැම අවස්ථාවකම ඔහුගේ  නිර්මාණයක්ද පටිගත කිරීමට අවස්ථාව උදා කර ගත්තේය. නීල අහසේ, ඔබ මා හමුවූ , රන්තරු පායන, ඇතුළු ගීත 12ක් පමණ කෙටි කලකදී පටිගත කරගත් ඔහු "නීල අහසේ" ගීතය ස්වාධින රුපවාහිනී සේවයෙන් ප්‍රචාරය වීමත් සමඟම ඔහුට ප්‍රතිචාර වැඩි වුයේ ගායනයේ තිබු ලයාන්විත බව නිසාවෙනි. 1982 සිට නන්දා මාලනියගේ "සත්‍ය ගීතය" සංගීත ප්‍රසංගයන්ට ස්ථිර ගායකයෙකු ලෙස කටයුතු කළ කිර්ති පැස්කුවල් 1953 ෆෝචුන්ස් කණ්ඩායම සමඟ තම සංගීත නෞකාව ඉදිරියටම මෙහෙයවන ලදී. රන්තරු පායන ගීතය තුළ ඔහුගේ ගායනය බටහිර ශෛලිය මුසු වූ ලයාන්විත බවක් ඉස්මතු විය.. බටහිර ශෛලිය මෙන්ම  ශාස්ත්‍රීය  ගී ගායන ශෛලිය අතර සම්මිශ්‍රණය වූ හඬකට හිමිකම් කියන කිර්ති පැස්කුවල්ට අහම්බෙන් අවස්ථාව උදා වූ  "සිංහල රජ කාලේ නොවේ දැන් මේ කාලේ" ගීතය නිසා එක රැයකින් ඔහු දිවයින තුළ ප්‍රසිද්ධ වුයේ එවකට රංගනයත් සමඟ වේදිකාවේ එළි දැක්වූ පළමු ගීතය එය වු නිසාවෙනි. එම ගීතය රූපවාහිනියෙන් දුටු බොහෝදෙනෙක් අතර මෙම ගීතය ජනප්‍රිය විය.

     ගායනයේ ලයාන්විතයා ලෙස විරුධාවලිය ලත් කිර්ති සැම වසරකම ස්වතන්ත්‍ර නිර්මාණ අත් හදා බලන අතර නිල් උපුලි, කවිකාරියේ,(ධම්මිකා වල්පොල සමඟ) කවුරුන්ද පැතු මා (චන්ද්‍රලේකා සමඟ ) පුජනිය වූ (නන්දා මාලනි සමඟ) දුවේ බලන්නකෝ (චාරුණි පැස්කුවෙල් සමඟ) සඳ ලතා, සභාවේ වේදිකාවේ, වරුසාවේ, ඇතුළු ගීත 400 ක් පමණ ගායනා කර ඇති අතර ගායනයට අමතරව තරු, චාරුලතා, සාරා ඇතුළු ටෙලිනාට්‍ය කිහිපයකටද දායක විය. රතු රෝස ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකටම සංගීත අධ්‍යක්ෂණය කළ කිර්ති පැස්කුවල් ගැලැක්සිස් ෆෝචුන්ස්, මවුන්ට් චයිමිස් ඇතුළු  සංගීත කාණ්ඩවල වාදකයෙකු ලෙසත් ගායකයෙකු ලෙසත් ලබා ගත් අද්දැකීම් තුළින් ගී නිර්මාණය, සංගීත අධ්‍යක්ෂණය, වාදනය, ගායනය යන සැම අංශයක්ම සමබරව උසස් වින්දනය තුළ නිර්මාණය කරණයේ යෙදෙන කිර්ති පැස්කුවෙල් අපට සිටින වටිනා සම්පතකි. ඔහුගේ සංගීත ඇකඩමිය තුළින් අද නව පරපුරට ඔහු ලබා ගත්  දැනුම බෙදා දීමට ඔහු අද කටයුතු කරයි. 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page