top of page

ජගත් වික්‍රමසිංහ

1983 -1994 දක්වා සර්වෝදය මධ්‍යස්ථානයේ සංගීත අධික්ෂකයෙකු ලෙස කටයුතු කරන ලදී. 1982 සිට පෞද්ගලික සංගීත ගුරුවරයෙකු ලෙස කටයුතු කරන ජගත් වික්‍රමසිංහ දේශීය සහ විදේශීය සංගීතය පිලිබඳ අත්දැකීම්වලින් පරිපුර්ණ ශිල්පියෙකි.ඔහුගේ සංගීතමය පරිපුර්ණත්වය නිසාම බොහෝ සංගීතමය වැඩසටහන් විනිශ්චය කිරීමට ඔහුට අවස්ථාව සැලසුණි. 2008-2010 දෙරණ ලන්ඩන් ස්ටාර් තරඟය 2011 වසරේ රුපවාහිනී රණවිරු රියල් ස්ටාර් තරඟය , තුරුණු ශක්ති සංගීතමය වැඩසටහන, ටී.එන්.එල් ස්ටාර් සංගීත තරඟය, රුපවාහිනියේ ගී මුතු, 2013 වසරේ  සුපිරි හපනා ළමා තරඟය ඇතුළු බොහෝ විදේශීය රටවල් සංවිධානය කල තරග විනිශ්චය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළේ ජගත් වික්‍රමසිංහ විසිනි.

 

1990 මැලේසියාවේ පැවති ගෝල්ඩන් කයිට් ජාත්‍යන්තර ගායනා තරඟය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළේද ඔහු විසිනි. 1995 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වෙනුවෙන් හොඳම පොප් බටහිර ගායකයා වෙනුවෙන් ජනාධිපති සම්මානය දිනාගත්තේද ජගත් වික්‍රමසිංහය. 2005 වසරේ ඔහුගෙන් සිදුවූ සංගීතමය දායකත්වය වෙනුවෙන් ජපානය පිරිනමන "බුන්කා" සම්මානය ඔහු දිනා ගන්නා ලදී. 1994,1995,1996 වසර තුනම හොඳම සංගීතයට සරසවි සම්මානය ඔහු විසින් දිනා ගන්නා ලදී. සත්‍ය දේවී, රැ රූ , භව කර්ම චිත්‍රපටියේ තේමා ගීතය ඔහුගේ නිර්මාණය තුළ දක්ෂතා පෙන්නුම් කළ නිර්මාණ වේ.

සිනමාව මෙන්ම ටෙලිනාට්‍ය කලාවේ සංගීතමය නිර්මාණිකරණය තුළ ඔපවත් වූ විවිධ තලයේ ටෙලිනාට්‍ය අතර සසල රුව, තුන්පත් රැල්ල, බෝපත් ඇල්ල, ඉසුරු තරණය, පහේ කට්ටිය, අවසන් හෝරාව යන නිර්මාණ කැපී පෙනේ. 1990 ආතර් සී ක්ලාර්ක් වාර්තා වැඩසටහනක, මයුර සංදේශය මුද්‍රා නාට්‍යය සංගීතවත් කිරීමේ භාග්‍ය හිමිවන්නේ ඔහුටය.විශේෂිත නාට්‍ය ශෛලියක් වූ මුද්‍රා නාට්‍ය සඳහා සංගීතය සැපයීමේදී එය ඉතා නිර්මන්ශිලිව ඔහු ගොඩනගා තිබිණ. මෙම මුද්‍රා නාට්‍ය එංගලන්තයේ ලන්ඩන් නුවර ඉදිරිපත් කළ අවස්ථාවේද එහි සංගීතය නිර්මාණය කිරීමට ඔහුට ආරාධනා ලැබිණ.එම දායකත්වය නිසාම 2005 එම වැඩසටහනේ ප්‍රධාන අමුත්තා ඔහු විය. බුදු රජාණන් වහන්සේ ගේ ජීවිතය අලලා ඉන්දියාවේ ඉදිරිපත් කරන ලද "සිද්ධාර්ත ඔපෙරාව" සංගීත නිර්මාණශිලී දායකත්වය ඔහුගේම විය. 1996 ජගත් වික්‍රම සිංහ යන්ගේ සංගීතය පිළිබඳව ඇති පරිණත බවය නිසාම ජපන් සංගීත කරුවෙකු ගායනා කරන  නොරිකෝ සොතෝමිය මෙහෙවන හරජුකු(හරජකු) ගායනා වෘන්දය සඳහා සංගීතමය නිර්මාණය ,සිංහල ගීත පුහුණුව සහ හඬ හැසිර වීම, ගුරු හරුකම් සහ ගායනයෙන් ද දායක වුයේ ජගත් වික්‍රමසිංහ විසින් මෙහෙයවන ලදී. 

 

 

මෙම වැඩසටහන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ශාලාවෙත්, නුවර මහමායා දේවි බාලිකා විදුහලේත් වේදිකා ගත විය.ජපාන ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලය කළ ආරාධනාවක් අනුව ජපානයේ ප්‍රබුද්ධ ගායිකාවක වූ චිකාකෝ ස්වාදා (chicaco sawada) ශ්‍රී ලංකාවේ ඉදිරිපත් කළ වැඩසටහනට සංගීතය නිර්මාණය කළේ ඔහු විසිනි.ශාස්ත්‍රීය, බටහිර ඇතුළු විවිධ සංගීත ශෛලීන් ස්පර්ෂ  කළ ජගත් වික්‍රම සිංහයන් ලබා ඇති පරිණත බව ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයට නිධානයක් බඳු වේ. ඒ පරිණත සහ උසස් බව නිසාම ශ්‍රී ලංකාවේ බොහෝ සංගීත තරඟ විනිශ්චය සඳහා ඔහු ආරාධිතයෙකු විය. 2009,2008,2006 සිරස සුපර්ස්ටාර් තරඟය ,2008-10 දෙරණ ලන්ඩන් ස්ටාර්, 2011 රුපවාහිනී රණවිරු රියල් ස්ටාර්, තුරුණු ශක්ති ,ස්වර්ණවාහිනියේ සිලොන්,ස්ටාර් ,TNL ස්ටාර් 2007-2012 තුළ රුපවාහිනියේ ප්‍රචාරය වූ ගී මුතු 2013 සුපිරි හපනා ළමා හැකියාවන් ගෙන් පිරි වැඩසටහන් ඇතුළු ඩුබායි,අබුඩාබි, කුවෙට්, ලෙබනනය, ප්‍රංශය යන බොහෝ රටවල පැවති සංගීත තරඟ විනිශ්චය සඳහා ඔහු විශේෂ ආරාධිත අමුත්තෙකු විය.

 

සිංහල සංගීත ක්ෂේත්‍රය තුළ ලයාන්විත හඬකට හිමිකම් කියන ජගත් වික්‍රමසිංහ දක්ෂතා පුර්ණ සංගීත ශිල්පියෙකි.1966 අප්‍රේල් 10 වන දින කොළොන්නාවේ උපත ලැබූ ජගත් වික්‍රමසිංහ ගේ සම්පුර්ණ නම ලොකු කොඩිකාර ජගත් වික්‍රමසිංහ වේ. ලොකු කොඩිකාර ගේ ජිනදාස, ඔහුගේ පියා සාහිත්‍ය සහ සංගීත ගුරුවරයෙකු වූ අතර ආර්යවති චන්ද්‍රලතා ඔහුගේ මව සංගීත ගුරුවරයෙකි.සංගීතමය පරිසරයකට හිමිකම් කියන ජගත් වික්‍රමසිංහ කුඩා කළ සිටම සංගීතයට දක්ෂතා පිරිපුන් සිසුවෙකු විය. ඔහු සංගීතයේ ඉහළ අධ්‍යාපනයට පිවිසෙමින් ඉන්දියාවේ ලක්නව් හි භාත්කන්ඩ සංගීත පීඨයෙන් විශාරද වරයෙකු ලෙස සමත් වී විශේෂ ඩිප්ලෝමාවක් ලබා ඇත. ගායනය හා වාදනය හැදෑරු ඔහු තබ්ලා වාදනයද ප්‍රගුණ කරන ලදී. මෙයට අමතරව පියානෝ සංගීතය හදාරමින් (Western Music Trinty College of londan)සංගීතමය දැනුම පුළුල් කරගන්නා ලදී. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාද්‍ය වෘන්දයට එකතු විය. පියානෝව,එකොඩිනය ,හාමනිකා, බැන්ජෝ ගිටාරය ,මැණ්ඩලිනය සහ සැක්සෆෝනය වැනි භාණ්ඩ රැසක් වාදනය කළ හැකි ජගත් වික්‍රමසිංහ ජාතික තරුණ සේවා සභාවේ සහ විශ්වවිද්‍යාල සංගීත කතිකාචාර්ය වරයෙකි. 

ජගත් වික්‍රම්සිංහ ගී රේඩියෝ සමග කල සාකච්ඡාව සහ සපයා දුන් තොරතුරු ඇසුරෙනි.

ගීත 600කට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති ජගත් වික්‍රමසිංහ "ඇසට ඇස ,රන් තාරකාවන්,සත් සමුදුර, සරසවියට, හිමිපාරාදිසේ, සොඳුරු වසන්තේ, සාගර තරංගා, රුවනි, බුදු බණ මට ඇසුනා, සිපිරි ගෙයින්, රණ විරු ගී යනුවෙන් කැසට් ගණනාවක් එළි දැක්විණ  සත් සමුදුර ,සරසවි සර,හිම පරා දිසේ,සොඳුරු වසන්තේ,සාගර තරංගා,රුවනි,බුදු බණ මට ඇසුණා,Very Best of ජගත් වික්‍රමසිංහ,වාදන Volඑකේ සිට vol.6 දක්වා සංයුක්ත තැටි ගණනාවක් එළි දක්වන ලදී. තනි තරුව නමින් VCD පටයක් සහ ක්ලැරන්ස් විජේවර්ධන,මිල්ටන් මල්වාරච්චි,කරෝකි DVD පටද ඔහු එළි දක්වන ලදී. ගායනයට වාදනයට අමතරව  රංගනයට දායකවූ ඔහු කන්දෙගෙදර, දු දරුවෝ, දේවි ,තුන්පත් රැළ, ඇතුගල පාමුල, සුර්ය සිහිනය, අවසන් හෝරාව,  යන ටෙලි නාට්‍යවලට,රංගන දායකත්වය දෙන ලදී, ඒක පුද්ගල සහ ද්වී පුද්ගල සංගීත කණ්ඩායමක් 1996 සිට නොකඩවා ඔහු විසින් පවත්වාගෙන යන අතර ඔහු ලබා ගත් දැනුම අනාගත පරපුරට තිළිණ කිරීමට සංගීතය පිළිඹඳ විශේෂ ග්‍රන්ථයක් එළි දැක්වීමට බලාපොරොත්තු වේ.

 

නිතරම උසස් රස වින්දනය ,උසස් නිර්මාණ බිහිකිරීම වෙනුවෙන් උපයෝගීතාවයක් ඇති ජගත් වික්‍රමසිංහ, සාගර තරංගා, ආදර පුදසුන, අම්මා, චන්න කින්නරාවී, ජලේ ගැඹුර ඔරුව දන්නේ නැ, සඳ කිඳුරි, උදේ ඉරක් සේ, ඇසට ඇස, සොඳුරු වසන්තේ, යන ගීත මෙන්ම යුග ගායනා ලෙස, ඔබේ සිත (සමිතා මුදුන් කොටුව සමග ) පිනි ජම්බු (පෙට්‍රොනෙලා සමග) මගේ නංගො (පුර්ණිමා වික්‍රමසිංහ සමග) ඔබේ සෙවනැල්ලේ (නීලා වික්‍රමසිංහ සමග) මල් මුතුලැල් (උරේෂා රවිහාරි සමග) ගී සර නංවන (මරියසෙල් ගුණතිලක සමග) මැණික් ගඟේ (ශාමලී බමුණුසිංහ සමග) රන් සමනලයෝ (නටාෂා පෙරේරා සමග) සීත රැ කඳු (මාලා ඇල්ලේ පොල සමග) වැව් අමුණු (චන්ද්‍රලතා වික්‍රමසිංහ සමග) වැලි සෙල්ලම් බත්(නීලා වික්‍රමසිංහ) සුළි සුළි වැල්ලේ(එඩ්වඩ් ජයකොඩි සමග) සියොතුනේ උතුරින්(නිරෝෂා විරාජිනී) යන මියුරු ගී ගණනාවක් ගී ලොවට තිලිණ කල ඔහු සංගීත ලොවට කර ඇති සේවය ප්‍රශංසනීය වේ.

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page