
ෆිලික්ස් ඇන්ටන්


1971 සරල ගී පරික්ෂණයේ ප්‍රථිපල ලැබෙන්නටත් ප්‍රථම ඔහු“නෙත පිනන රුසිරු වත ඔබේ” ගීතය ගායනා කරන ලදී. සංගීත අධ්යක්ෂ රොක්සාමි ගේ තනුවක් අනුව ප්‍රේමකිර්ති ද අල්විස් පද රචනය කළ මෙම ගීතයට ලැබුණු ප්‍රතිචාර ඉතා ඉහළ මට්ටමක පැවතුණි. ගුවන් විදුලි ගීත අතර කැපී පෙනෙන ගීතයක් වූ මෙම ගීතයෙන් පසු ඔහුට සංගීත සංදර්ශනවලට සහභාගීවීමේ භාග්‍ය උදා විය. ගායනය මෙන්ම ගුවන් විදුලි නාට්‍ය හඬ කැවීම් ශිල්පියෙකු ලෙසද කටයුතු කළ ඔහු “පහන් තරුව” ඇතුළු ගුවන් විදුලි වැඩසටහන් ගණනාවකට තම හඬ මුසු කිරීමට සමත් විය. පසු කලෙක “කනාමැදිරි රාත්‍රිය, hindi movie” ක්‍රිකට් විස්තර ප්රචාරක කටයුතු ඇතුළු වෙනත් නාලිකාවන්වල වැඩසටහන් සඳහා ද ඔහු හඬ මුසු කරන ලදි. 1973 වසරේ මියුරු ලේබලය යටතේ එළි දැක් වූණු මිල්රෝයි ධර්මරත්න සංගීතවත් කළ “සුළං රැල්ල ලෙස හමා එමි” ගීතය ඔහුගේ ජනප්‍රියත්වය තව ඉහළට ගෙන ගියේය.

1990 යුගයේ පෙම් හසරැලි නමින් කැසටි පටයක් එළි දැක් වූ ඔහු ග්‍රේෂන් ජය මහා සමඟ සම්බන්ධ වී “මල් කුමරියක් වගේ” සංයුක්ත තැටිය ද එළි දක්වන ලදී. ගායනයට මෙන්ම රංගනයටද ඔහු දස්කම් පෑවේ එක ලෙසටය. ෆිලික්ස් ඇන්ටන් නම් මොහු “ඉරට මුවාවෙන්, සඳුන් ගිර ගිනිගනී” ඇතුළු ටෙලි නාට්‍ය රැසක ද “මල් සර දෝණි, නොම්බර 17, හොඳ හොඳ සෙල්ලං” යන චිත්‍රපටි ගණනාවකට ද රංගනයෙන් දායක විය.“අහස් කුසට, හද සිඹින, මා හඳේ, මල් මන්දහසේ, නිල් විල් තෙරේ” ඇතුළු රසබර ගීත 100 ක් පමණ ගී ලොවට තිළිණ කළ ඔහු අද F.A.Adds නමින් තමාගේම වෙළඳ දැන්වීම් ප්රචාරක ආයතනයක් රාජගිරියේ පවත්වාගෙන යන අතර තම පුතුනුවන්ද එහි කොටස් කරුවෙකු ලෙස කටුයුතු කරයි.

2014/04/08/ ගී රේඩියෝව සමඟ කල සාකච්ජාවක් ඇසුරිණි
1975 වසරේ චන්ද්‍ර බණ්ඩාර සමඟ ගැයු “හඳ ගී පොතේ” සහ චන්ද්‍රානි මානෙල් සමඟ ගැයු “ඔවිල්ලේ පෙම් සැදැල්ලේ” ගීත ද රසිකයන් අතර ජනප්‍රියත්වයට පත් විය. 1978 ගෞ ලිනස් පියතුමාගේ පද මාලාවකට ස්ටැන්ලි පිරිස් තනු නිර්මාණය කළ “නිලම්බරේ කැළුම් පිරි” ගීතය ගී කෝකිලාවිය වන රුක්මනී දේවි සමඟ ගායනා කළේය. පසු කලෙක එම ගීතයම ඉන්ද්‍රානි පෙරේරා සමඟ ද ගායනා කරන ලදී. 1980 වසරේ ශාන්ති ප්‍රනාන්දු සමඟ විවාහ වූ ඔහුට සනෝජ් සහ රවීන් යන පුතුන් දෙදෙනෙකු වේ.
සිරිල් එඩ්මන් සහ කැතරින් ප්‍රනාන්දු මහත්මියගේ වැඩිමහල් පුතුණුවන් වූ ෆිලික්ස් ඇන්ටන් කුඩා කළ සිටම සංගීතයට දස්කම් පෑ අතර ගායනයට ද ඇලුම් කළේය. කලාවට ලැදි කමක් දැක් වූ තම මාපියන්ගෙන් ලද අභාෂයත් කුඩා කළ සිට දෙව් මැඳුරේ ගී ගායනා කරමින් ලද පුහුණුවද ඔහුට ගායනයේ දී මහඟු අත්වැලක් විය. මතුගම ශාන්ත මරියා විදුහලේ අධ්‍යාපනය ලද මොහු 1963 වසරේ ඉහළ අධ්‍යාපනයට කොටහේන ශා:බෙනඩික් විද්‍යාලයට ඇතුළු විය. එම පාසලේදී විද්‍යා අංශයෙන් ඔහු උසස් අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් හදාරන ලදී. ඒ නමුදු සිත යට සැඟවුණු සංගීතයට තිබුණු ඇල්ම දළුලන්නට විය. පාසල් අධ්‍යාපනයෙන් පසු ඔහු වැල්ලවත්තේ පොලිටෙක්නික් ආයතනයේ Typing and shorthand ගුරුවරයෙකු ලෙස කටයුතු කරන ලදී.
එම අවධියේම 1960 සැප්තැම්බර් 23 වන දින ගුවන් විදුලියේ නෙවිල් ජයවීර මහතා අධ්‍යක්ෂකව සිටින කාලයේ ශබ්ද පරිපාලකයෙකු ලෙස සේවයට බැඳුණි. ඔහු පවසන ලෙස ශාන්ත අන්තෝනිතුමා සහ දෙවියන්වහන්සේ කෙරේ තමාගේ විශ්වාසයත් නිසා ඔහුගේ දිවියේ දොරගුලු හරිමින් ගුවන් විදුලි සරල ගී පරික්ෂණයෙන්ද ඔහු සමත් විය.
ව්‍යාපාරික කටයුතු සහ සංගීත කටයුතු සමබරව කරගෙන යන ෆිලිකස් ඇන්ටන් නව නිර්මාණ කිහිපයක් එළි දැක්වීමට කටයුතු යොදමින් සිටින අතර ඔහු කලාවට ආදරය කරන අග්‍රගන්‍ය කලා ශිල්පියෙකි. මේ සියලු ගීත අතරින් ඔහු වඩාත් ප්‍රිය කරන ගීතය ඔහු විසින්ම නිර්මාණය කරන "අහස් කුසට " ගීතයයි. වර්තමානයේදීත් රසිකයන් පිනවන ඔහුගේ ලිපිනය: 47/5,10 වන පටු මඟ, හීනටි කුඹුර පාර, බත්තරමුල්ල.