top of page

දයාන් විතාරණ

 

1981 දී විශාරද නන්දා මාලනි සංගීත ගුරුවරිය යටතේ සංගීතය හදාරාපසුවඑතුමියගේසත්‍ය ගීතය ප්‍රසංගයේ අත් වැල් ගායනයට කිර්ති පැස්කුවෙල් සමඟ සම්බන්ධ විය. එය ඔහුගේ ජීවිතයේ  විශාල අත්දැකීමක් වූ අතර ඔහු ජායාරූප කරණයට යොමුවීමත් සමඟ සංගීතයෙන් මඳක් ඇත් වීමට හේතු විය. එනමුදු කුඩා කාලයේ සිට සිත යට සැඟවූ සංගීතමය ගිනි පුපුර දල්වමින් 1999 දී නන්දා මාලිනි ගුරුතුමියගේ දිරිගැන්වීමක් අනුව සුනිල් ආරියරත්නයන් රචනා කළ රෝහණ වීරසිංහ තනු නිර්මාණය කළ  වැටෙන් එහා ගීතය  ඔහු පටිගත කරන ලදී. ඒ ගීතය සමඟ යශෝධා විමල ධර්ම රචනා කළ තුඟු ගිරි කුළු, නමක් නොදන්නා මලක් යන ගීත  දීපිකා ප්‍රියදර්ශනී සමඟ ද  ඇල්ලෙන් නාලා යන ගීතය නිරෝෂා විරාජනී සමඟ ද එළි දක්වන ලදී. බටහිර ගීත ගායනා  කරමින් හඬ උස් පහත් කිරීමට ඔහු ලැබූ පුහුණුව සිංහල සංගීත ශෛලිය සමඟ මිශ්‍රණය කරමින් ගැඹුරු සහ වේදනාව මුසු වූ හැඟුම්බර නව හඬක් ඔහු නිසා සංගීත ලෝකයට එකතු විය.

   2014- 05-27 ගී රේඩියෝව සමඟින් කළ සාකච්ජාවක් ඇසුරිණි.

 

     1962 වසරේ උපත ලද දයාන් විතාරණගේ ගම මාතර දෙනිපිටියයි. නමුත් ඔහුගේ පියා රජයේ සේවකයෙකු ලෙස සේවය කිරීම හේතුවෙන් ඔහු උපත ලබන්නේ නුවර එළියේදිය.

 

     1968 වසරේ නුවර පදිංචියට යන දයාන් විතාරණ අධ්‍යාපනය ආරම්භ කළේ නුවර ධර්මරාජ ප්‍රාථමික විදුහලෙනි. 1973 වසරේ නැවත මාතර ශාන්ත තෝමස් විදුහලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනයෙන් පෝෂණය විය. පාසැල් යන කාලයේ සිටම ගායනයට ගෙනා දක්ෂතාවය දින දින වර්ධනය විය. කුඩා කාලයේ බටහිර ගීත ගායනයට දක්ෂතාවයක් දැක්වූ දයාන් විතාරණ නිතර මුමුණන ගීත අතර ලුලු ගායනා කළ To Sir with love. කැරන් යං ගායනා කළ Nobody's child, Marie Osmand ගයන Paper roses ප්‍රධාන තැනක් ගැනින. සිංහල ගීත අතුරින් ඉන්ද්‍රානි පෙරේරා ගයන අම්මා වැනි ගීත මෙන්ම බටහිර  Country Calopso ශෛලියේ ගීතවලට ඇල්මක් ඔහු තුළ මෝදු විය. දෙමාපිය අභාෂය නිසා Elvis Presley, Neil Diamond, Engale Burt වැනි ගායකයන්ගේ ගීතද ගායනා කිරීමේ දක්ෂතාවය ඔහු තුළ වර්ධනය විය. ඒ ගීතවල හඬ උස් පහත් වීම හා එහි හැඩ අනුව ඔහුගේ ගායනය ඔහු නොදැනුවත්වම පෝෂණය විය.

 

 

විරල තේමාවක් රැගත් "මවුණි සදා" ගීතයත් ඔහු තිළිණ කළ අරුත් බර ගීත අතරට එක් වේ. පද්ම කුමාර මෙත්ත සේන රචනා කළ ආචාර්ය රෝහණ වීරසිංහයන් තනු නිර්මාණය කළ මෙම ගීතය ද විශේෂ වූ ගීතයකි. දාදරා රිද්මය අනුව ගායනා කළ ඔබේ සුසුම් පවන් ගීතය තුළ බිඳුණු හඬකින් නැගෙන හැඟුම් මතු කරන අතර බටහිර ශෛලිය සංගීත නිර්මාණය ගායනා තුළ ඇති දේශියත්වය එම ගීතය අපුරු සංකලනයක් ඇති කර ඇත. 2004 නැවත ගීත 20ක් රැගත් සිත්තම් කරමින් ගී තැටිය නිකුත් කරන ලදී. එම තැටියට ඔහු තනු නිර්මාණය කළ මල් රේණුවක්, ඔබේ නීල නෙත්, යන ගී තැටියට ඇතුලත් කරන ලදී. ඔහු නිර්මාණය කරන තනු තුළින් ඔහුගේ යටිසිත ආදරය කරන Country ගීත ශෛලිය මුසු වී ඇත. ගායනය තුළද බටහිර සංගීත ශෛලියේ ගායනා හැඩ මතු කිරීමේ දක්ෂතාවයක් ඇති දයාන් විතාරණ නිතර නිර්මාණකරණයේ යෙදෙන්නෙකි. විදුර ඩයස් පද රචනය කළ මහින්ද බණ්ඩාර සංගීතවත් කළ "ඔබ තරම්" ගීතයත් ගායනයන් තුළ විශේෂ වුවකි. "ඔබම ඇවිත් යලි යන්න ගියත්" ගීතය දයාන් විතාරණ විසින්ම රචනය කර තනු නිර්මාණය කළ ගීතයක් විය. තම ගුරුවරිය වූ නන්දමාලනි සමඟ ගායනා කළ "මේ තරම් විසල් අහසක්" ගීතය ද ඔහු ගායනා කළ තවත් විශේෂ වූ ගීතයකි. මගේ ජීවිතේ සහ නිල් නුවන් ඇතුළු දාදරා රිද්මය අනුව ගායනා කළ ඔබේ සුසුම් පවන් ගීතය බිඳුණු  හදකින් හැඟුම් මතුකරන බටහිර සංගීත ශෛලියට සංගීතය නිර්මාණය වී ගායනයේදී දේශීයත්වය මුසුකළ අපුරු සංකලනයකි.  තමන් ගයන සැම ගීතයකම පද මාලාවේ තත්වය ගැන සැලකිලිමත්වන ඔහු මවගේ අභාවයෙන් පසු සංයුක්ත්ත තැටියක් නිකුත් කිරීමේ නිහඬතාවයක් තිබුණද 2005 සිට 2014 දක්වාම වරින් වර ගීත නිර්මාණය කරමින් ගායනා කළ ගීත ප්‍රමාණය 300ට අධික වේ. බුදුගුණ, කිතුණු ගීත, මව්ගුණ ගීත, ආදර ගීත, පුජ්‍ය ගංගොඩවිල සෝමහිමියන් වෙනුවෙන් ගැයූ උපහාර ගීතයත් කිතුගුණ මහිම ප්‍රකාශ වන ශුද්ධාත්මයණනි ගීතයත් ඔහු ගායනා  කළ භක්ති ගීත අතර විශේෂ තැනක් ගනී.

 

පද්ම කුමාර මෙත්තසේන රචනා කළ නවරත්න ගමගේ සංගීතවත් කළ "මහ රැ පුරා හඳේ" ගීතය ඔහු පටිගත කළ ගීත අතර එය ඔහුට ප්‍රසිද්ධිය ගෙන ආ ගීතයක් විය. ජායාරූප ශිල්පියෙකු ලෙස නමක් දරා සිටි හෙතෙම ගායන ලොවද  ජය ගන්නා ලදී. 2002 ජනවාරි 1 වන දින පටිගත කළ "ඔබේ සුසුම් පවන්" සහ "ඩැෆඩිල් මල" ඔහුගේ ගායන ලොවේ කඩ ඉමක් පසුකළ ගීතයන් විය. මෙතෙක් ගීතයකට යොදා ගෙන  නොමැති මලක නමින් ගීතය නිර්මාණය වීමත් එහි ඔහුගේ ගැඹුරු හඬ උස් පහත් කරන ආකාරය සහ රෝජර් විටර් වැනි Country ශෛලියට ගායනා කරන ගායකයෙකුගේ ශෛලිය සිංහල ශෛලිය සමඟ මිශ්‍රණය වූ ගීතයක් විය. Harmony ගයනා අතුලත් කළ මෙම ගීතය තුළ Spansh ගිටාරයත්, පෙර වැයුමට යොදා ගත් ස්වභාවික Whistling හඬ ගීතයට අලංකාරයක් එකතු විණි. එම වසරේ ඔහුගේ සංයුක්ත තැටිය "ඔබේ සුසම් පවන්" නමින් නිකුත් විය. ගීත 19ක් අඩංගු වූ මෙම තැටියේ ජීවිතය ඔබෙන් දැන, මවුණි සදා පුදසුන, රෑ සඳ ඇවිත් ගියා, වසන්ති චතුරාණි සමඟ මහද ඇදී රුව, වසන්ත කාලය මනරම්, මගේ ජීවිතේ යන ගීත අඩංගු විය. ගීත 70 පමණ ඒ වනවිට පටිගත කළ ගීත අතරින් මෙම ගීත 19 එළි දක්වන ලදී.

           චන්ද්‍ර මඬල- උරේෂා රවිහාරි

           ගිහින් එන්න ගියා  -නතාෂා පෙරේරා

           කියන්න සිත- ශෂිකා නිසංසලා

           මහදේ අඳුනා-වසන්ති චතුරාණි

           පුරා පැන් -ප්‍රදීපා ධර්මදාස

           පුජා පුජා -නෙලූ අධිකාරී

           සඳටත් හොරා- නිරෝෂා විරාජිනී

           සුපුන් සඳ- සමිතා මුදුන්කොටුව

           අවරගිර-කරුණාරත්න විජේවර්ධන

යන ගීත එකිනෙකට වෙනස් වූ ගායිකාවන්ගේ හඬට ඔහුගේ හඬ ගැලපෙන ලෙස හඬ පාලනය කරගත් දයාන් විතාරණ නව නිර්මාණ තුළ පොහොසත් සංගීත ශිල්පියෙකි.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page