top of page

ක්‍රිස්ටීන් ගුණවර්ධන

     කැලිප්සෝ ශෛලියට හඬ හුරු කර ගැනීමට ඇයට කල් ගත නොවින. ඒ අවදීයේම නොයෙල් රණසිංහගේ ගී තැටියකට ගීතයක් සඳහා කාන්තා හඬක් සොයද්දී  ප්‍රියා පීරිස්ගේ හඳුන්වා දීමෙන් පසු ඇය "මාලි රුවන් මාලි "ගීතය "ලා සිලනියන්ස් "සමඟ ගයනා කළාය. එම ගීතය දිවයින පුරා ජනප්‍රිය ගී අතරට එකතු විය. 1969-1970 ඇය ලබම්බාස් කණ්ඩායම සමඟ යුග ගීත 2ක් "වළාකුලෙන් එතෙර ලොවක බලා" බ්‍රයන් ප්‍රනාන්දු සමඟද "නිලුපුල් දෙනෙත ඔබේ"  ප්‍රියා පිරිස් සමඟද ගයනා කළාය. එම ගීතයන්හි හඬ උස් පහත් කිරීමේ රටාව ඇයටම අවේනික වූ ශෛලියක් විය.

1971 දී ඇය එංගලන්තයේ පදිංචියට ගියාය ඒ ඇය විවාහ වූ ඇනස්ලි ගුණසේකර සමඟය.වසර 10 කට පසු 1981 නැවත ඇය ලංකාවට පැමිණියාය. එහිදී ඇය ගායනයට නැවත සම්බන්ධ විය. ලංකාවේ ප්‍රමුක පෙළේ "country & western" සංගීත කණ්ඩායමක් වූ "Cosmic Rays" සමඟ ඇය විශේෂ සංගීත වැඩසටහනක් ඉදිරිපත් කරන ලදී. නැවත ඇය රෝක් (Rock)ශෛලියේ ගීත ගායනයට දායක විය. මෙම කණ්ඩායම් පාලනය කළේ ඇය විසිනි. "j-clap" යනුවෙන් නම් කළ මෙම කණ්ඩායමට මෙම නාමය සැදුවේ කණඩායමේ සාමාජිකයාගේ නම් වල මුල් අකුරු අපුරුවට ගලපමිනි. J-ජයන්ත, c-ක්‍රිස්ටීන් සහ ක්‍ර්ටිස්  L-ලියෝ A-ආනන්ද P-ප්‍රවීන් යන නාමයන් හී මුල් අකුරු අපුරුවට ගැලපුණි. නැවතත් ඇය "Celebration" සංගීත කණඩායම චිත්‍රාල් සෝමපාල සමඟ ආරම්භ කරන ලදී.

     1980 ඇය "යුධ බිම" යනුවෙන් ගීතයක් පටිගත කරන ලදී. ඇය විසින්ම පද රචනය කළ මෙහි තනුව තිලක් ඩයස් විසිනි. නැවතත් ඇය විසින්ම නිර්මාණය කළ "ලස්සන දවසක් එදා" සහ අජන්තා රණසිංහ  පද රචනා කළ "සිහිනයේ  කුමරා" සමඟ ගීත 04 ක් පටිගත කළාය. නැවත 1990 යුගයේදී ඇය විදේශ ගත විය. ඒ නමුදු වරින් වර ලංකාවට ඇය පැමිණියාය. 2004 වසරේ නැවත ඇයගේ සුපුරුදු කැලිප්සෝ ශෛලියෙන් සත්‍ය සිදුවීමක් මත නිර්මාණය වූ "පොල් කිචි කිරිල්ලියේ ඇයි කඳුළැලි සලලා" ගීතය ලකී දේවා සමඟ ගායනා කළාය. මෙම ගීතය  පද රචනය සහ තනුව නිර්මාණය කළේ ද ලකී දේවා විසින්මය. මෙම ගීතයේ  harmony ගායනය ඇය විසින්ම ගායනා කරන ලදී.

     කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රය තුළ "කැලිප්සෝ රැජිණ" යන විරුදාවලිය ලැබූ ක්‍රිස්ටීන් ගුණවර්ධන 1960 අවසාන කලයේ කණ්ඩායම් ගී ක්ෂේත්‍රයට පිවිසි ගායිකාවකි. ඇයගේ මව ඇනස්ටීන් ෆිලොමිනා සහ පියා ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු වූ අතර ඔහු එකල ඩග්ලස් ෆර්ඩිනන්ඩ් සංගීත ශිල්පියාගේ වාද්‍ය වෘන්දයේ (Douglas ferdinend symphony Orchestra) වයලින් වාදකයෙකු විය. ඇයගේ නිවසේ නිතරම ඔවුන් සංගීතය පුහුණු වූ අතර නිවස පුරාවටම සංගීතමය පරිසරයක් සැදි තිබුණි. මට්ටක්කුලිය ශාන්ත අන්තෝනි බාලිකා විදුහලෙන් අධ්‍යාපනය හැදෑරු කාලයේ සිටම ඇය ගායනයට දක්ෂතාවයක් දැක්විය. නිතරම ඉංග්‍රීසි ගීත ශ්‍රවණය කළ ඇය ගයනා කළේද ඉංග්‍රීසි ගීතයන්ය.
 

2014-07-25 දින ක්‍රිස්ටීන් ගුණවර්ධන සමඟ ගී රේඩියෝ කළ සාකච්චාවක් ඇසුරෙනි

     2005 වසරේ එම ගීතයත් අඩංගු කරමින් "අරාධනා" නමින් සංයුක්ත තැටියක් එළි දැක්වූවාය. 2006 වසරේ නැවත ඇය නත්තල වෙනුවෙන් ගීත සංයුක්ත  තැටියක් එළි දැක්වූවාය. නමෝ මරියනි නමින් නව ගීයක් ඇතුලුව මෙහි ගීත නිර්මාණය කළේ ද ක්‍රිස්ටීන් ගුණවර්ධන විසිනි.

මාලි සහ මාලින් යන දරු දෙදෙනෙකුට දයාබර මවක් වූ ඇයගේ පුතා මාලින් ගුණවර්ධන සංගීත කටයුතු වල නියැලෙමින් ස්වනිර්මාණය නිෂ්පාදනය කරන අතර මාලින් ගුණවර්ධන ඕස්ට්‍රේලියාවේ Apra සංගීත සම්මාන උළෙලේ (APRA MUSIC AWARDS) සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලාංකිකයෙකු ලෙස එවැනි ස්ථානයකට පත් වීම අගය කළ යුතුය. ක්‍රිස්ටීන් ගුණවර්ධන ගායනා කර ඇති ගීත ප්‍රමාණය 30ක් පමණ වුවද ඇයටම උරුම වූ ගායනා ශෛලිය ඇයගේ ගීත රසික හදවත් තුළ මතකයේ රඳවන්නට සමත් වී ඇත.

මාලින් ගුණවර්ධන

පාසලේ සංගීත කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක් වූ ඇය soprano, hi soprano, Alto යන හැම ගායන අංශයකින්ම ගායනා කිරීමට දක්ෂතාවය දැක්විය. කතෝලික භක්තිකයෙකු වූ ඇයට ලතින් භාෂාවෙන් ගීතිකා ගයනා කිරීමේ හැකියාවද තිබිණ. ලතින් බසින් ගීතිකා කීමේ රටාව තුළ ඇය යම් ගායන පුහුණුවක් ලැබිය. පියානෝ වාදනය ඉගෙනගත් ඇය (Royal college of music London) සංගීතමය පරිපුර්ණත්වය ලබා ගෙන සිටියාය. 1967 කාලයේ ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රචාරය කළ ගයනා තරඟයක් වූ "Malilban Talent"තරගය සඳහා ඉදිරිපත්වී "Belive Me" යන බටහිර ගීතය ගැයූ අතර ඉන් ලැබූ ජයග්‍රහණයෙන් ඇයට වාසනාව උදා විය. ඇයගේ හැකියාව දුටු බොහෝ ගායක කණ්ඩායම් ඇයට ආරාධනා කළ නුමුදු ඇය "ලාබම්බාස් " කණ්ඩායමට  ගායනයෙන් සම්බන්ධ විය. ඇය සිංහල ගීත ගායනයට හුරු වුයේය.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page