top of page

ඇනස්ලි  මාලවන

     මුන්ස්ටෝන්ස් යනුවෙන් අදහස් වෙන්නේ මැණික් වර්ගයකි. මැණික් ඇත්තේ රුවන් පුරයේය. එවන් ගමක මැණික් වන් වටිනාකමකින් යුත් සතර දෙනෙක් 1965 දී මුන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායම ආරාධනා ක්ලැරන්ස් විජේවර්ධන, ඇනස්ලි මාලවන, මොන්ටි වත්තලදෙණිය සහ ධම්මික විජේසිරි යන මිතුරන් එහි ආරම්භක සාමාජිකයන් වේ. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

     රත්නපුරේ පදිංචිව සිට කොළඹ ශා:ජෝසප් විදුහලේ ඉගෙනීම ලැබූ ඇනස්ලි ඇලෝසියස් මාලවනගේ සංගීත දිවිය ඇරඹුනේ එලෙසිනි. බටහිර ගී ශ්‍රවණය කළ ඇනස්ලි මාලවන එවකට ලංකාවේ බටහිර pop කණ්ඩායම්වල ගීත ප්‍රිය කළ කෙනෙකු විය. ඔහු නෙවිල් ප්‍රනාන්දුගේ ගී ශෛලියට වඩ වඩාත් ඇළුම් කළේය. ක්ලැරන්ස් විජේවර්ධනයන් හමු වීමෙන් මෙම මුන්ස්ටෝන්ස් කණ්ඩායමට එකතු වුණු ඇනස්ලි මාලවන, සඟබෝ කොරයා මහතාගේ සහයෝගයෙන් ගුවන් විදුලියේ පැවැත්වූ Saturday Stars වැඩ සටහනට" දිල්හානි දුවණි, මුහුදු රැල්ල, මංගෝ කළු නැන්දේ, රුවන්පුරය යන ගීත එම කණ්ඩායම සමඟ ගායනා කිරීමට ගියේ තම පියාටද හොර රහසේය. ඔහුගේ තරුණ හඬ කාගේත් සිත් බැඳ ගැනීමත් නිසා පියාගේද ආශීර්වාදය ඔහුට හිමිවිය. පසුව ඩෙරික් සහ ලින්කන් ද සිල්වාගේ ආරාධනාවෙන් මොරටුවේ පැවැත්වුණු Star Parade වැඩසටහනට ඔවුන්ට අවස්ථාව උදා විය. එහිදී ලැබූ යහපත් ප්‍රතිචාරවලින් පසුව ඔවුන්ගේ පළමු ගී තැටිය නිකුත් විය. 

ඔවුන් එවකට සම්බන්ධව සිටි බිකන්ස් නම් කණ්ඩායමෙන් ඉවත් වී ඇන්ටන් ගුණතිලක, සුනිල් මාලවන, මංගල, යන සාමාජිකයන් ද  සමඟ 1968 “කළු මාමා, රෝස මලේ, සුමුදු සමන් මල්, රමණි” යන ගී හතර තැටි ගත කොට එළි දක්වමින් ඔවුන් නව ශෛලියක් ගී ලොවට හඳුන්වා දෙන ලදී.මෙම ගීත සියල්ලම කණ්ඩායම වෙනුවෙන් ගායනා කළේ ඇනස්ලි මාලවනය. කණ්ඩායමේ අනෙක් සාමාජිකයන්  harmony ගායනාවලින් ඔහුට සහය විය. එහිදී ඔවුන් වාදනය කරන සංගීත භාණ්ඩවලට අමතරව පියානෝව ,සිතාරය, මෙලෝඩිකාව වැනි සංගීත භාණ්ඩ එම ගීතවල අගය වැඩි වන ආකාරයට යොදා ගන්නා ලදී. එහි “රමණි” ගීතය සඟබෝ කොරයා මයාගේ ගේ දියණිය වෙනුවෙන් නිර්මාණය විය. එම ගීතද රසිකයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කරන ලදී.

1968 අවසාන කාලයේදී ජේර්ල්ඩ් වික්‍රමසුරිය මහතාගේ දායකත්වයෙන් තුන්වන ගීත තැටිය එළි දක්වන ලදී. එම තැටියට ඉන්ද්‍රානි පෙරේරාගේ මධුර හඬ කණ්ඩායමට එකතු විය. “දිල්හානි, සුමුදු මල්, ගොන්වස්සා, කුසුම් ලතා”යන ගීත එහි අඩංගු විය. එම ගීත මුළු රට පුරාම කාගේත් කතා බහට ලක්වන ගී අතරට එක් විය. ගමක සිරියාව, ගැමි පෙම්වතියන් ඇතුළු බොහෝ ගීත ගම වෙනුවෙන් ලියවුණු නිර්මාණය විය. මැණිකේ සුදු මැණිකේ, ගොයම් කපනවා මැණිකේ, කුසුම් ලතා,කළු මාමා රාළහාමි, එයට නිදසුන්ය.   ඇනස්ලි මාලවනගේ බොහෝ ගීත බටහිර සංගීත ශෛලිය සමඟ සම්මිශ්‍රණය වී සංගත (harmony) ගායනා ඇතුළත් වූ ගීත විය. දිලීප පොඩි පුතු ගීතය ක්ලැරන්ස් විජේවර්ධනයන් ගායනා කිරීමෙන් පසු  ඔහු එම කණඩායමෙන් ඉවත් විය. ඒ නුමුදු  ඇනස්ලි මාලවන එම ශෛලිය පවත්වාගෙන යමින් මයික් ගුණසේකර සමඟ එකතු විය. පසුව තොටියා, දුන්හිද මනමාලි වැනි ගීත එළි දක්වමින් ඇනස්ලි මාලවන මුන්ස්ටෝන් සංගීත කණ්ඩායම පවත්වාගෙන යන ලදී.

1971 වන විට ක්ලැරන්ස් විජේවර්ධන “ගෝල්ඩන් චයිම්ස්” කණ්ඩායම පිහිටුවාගෙන සිටියේය. නැවතත් ඇනස්ලි මාලවන සමඟ 1973දි සුපර් ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායම ආරම්භ කරන ලදී. එම කණ්ඩායම සමඟ ඇනස්ලි මාලවන්ගේ නව ගීත රැසක්ම එළි දැක්විණ. “වන බඹරෝ, උඩරට නිළිය, පෙන බුබුලයි, සතුට සැනසුම” යන ගීත ඉන් සමහරකි. 70 යුගයේ අග භාගයේ නිලන්ති කරුණ නායක සමඟ ගායනා කළ “කියන්න සුළගේ” ගීතය කුඩා දරුවන් අතර ජනප්‍රිය ගීතයක් විය. නැවත සුපර් ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමෙන් ක්ලැරන්ස් විජේවර්ධනයන් ඉවත් වූ පසු තනි ගායකයෙකු වශයෙන් ගායන දිවිය ඉදිරියට ගෙන යමින් කියඹුලතා, දේදුනු පාට, සිහිනයකි ජීවිතේ, පවුරු වළල්ලක් වැනි ගීත වරින්වර ගායනා කරමින් සුපර් චයිම්ස් නමැති තම නව කණ්ඩායම සමඟ තමන්ට අවේණික වූ හඩ ශෛලිය අදටත් පවත්වාගෙන යන ඇනස්ලි මාලවන ඔහුගේ ප්‍රියතම ගීතය “පියාණනි” බව පවසයි. ක්‍රිස්තු භක්තිකයෙකු වූ ඇනස්ලි මාලවන තම හඬ තමාට දෙවියන්ගෙන් ලැබුණු ආශිර්වාදයක් යැයි පවසන අතර “ස්වර්ණ මාලි” ගීතය තම බිරිද වෙනුවෙන් ගායන කරන ලද විශේෂ ගීතයකි. දයාබර දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වූ කණ්ඩායම් සංගීතයේ අමතක නොවන නමක් රැදවූ ඇනස්ලි මාලවනයන්, රාලහාමි රන් 

තරුවක්, රන් සීනු, නාලි මනමාලි වුන දා (ශ්‍රීමා සමඟ)ගැහැණිය, ඇළ දොළ පිරුණා, ඇතුළු ගීත 200 ටත් අධික සංඛ්‍යාවක් ගායනා කර ඇත. කණ්ඩායම් සංගීතයේ රසය එලෙසින්ම පවත්වාගෙන යමින් ඔහු නව ගීත කීපයක් එළි දක්වන්නට බලාපොරොත්තුවෙන් සිටි.

 

2014-03-10 ඇනස්ලි මාලවන ගී රේඩියෝ සමඟ කළ සාකච්චාවක් ඇසුරිනි.

    ඔහු ගායනා කළ මංගෝ කළු නැන්දේ සහ රුවන්පුරය යන ගී එහි අඩංගු විය. ගුවන් විදුලියේද අඩු කාලයකට පමණක් සිමා වූ කණ්ඩායම් ගී තිරයෙන් මෙම ගීත ප්‍රචාරය විය.  එම වකවානුවේදී ශානක පෙරේරා සහ විජිත් පිරිස් මුණ ගැසීමෙන් ඔවුන්ගේ කණ්ඩායමේ ඉලෙක්ට්‍රික් ගිටාර් සමඟ ගායනා කිරීමට ඇනස්ලි මාලවන සහ ක්ලැර්න්ස් විජේවර්ධනට අවස්ථාව උදා විය. එම ශබ්ද රසය ඔවුන්ගේ ශෛලිය හා සැසදෙන බව වැටහුණ ක්ලැරන්ස් විජේවර්ධන ඔහු හා එක් වන්නට ඔවුන්ට ආරාධනා කළේය.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page