top of page

අමිලා නදීෂානි

සහශ්‍ර වසරේ සංගීත ලොවට පිවිසුණු ගායක ගායිකාවන් බොහෝ දෙනෙකු සංගීත ලොවට පිවිසියේ රියැලිටි තරු තරග මඟිනි. අමිලා නදීශානි එවැනි තරගයක් හරහා සංගීත ලොවට පැමිණි දක්ෂ ගායිකාවකි. ඇඹිලිපිටිය ග්‍රාමයේ උපන් අමිලා නදීශානි කොස් පැළ ඉන්න විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවාය. පසුව ඉහළ අධ්‍යාපනයට රත්නපුර ෆර්ගසන් ජේෂ්ඨ විදුහලට ඇතුළත් විය. කුඩා කල සිටම සංගීතයට සහ ගායනයට දක්ෂතාවය දැක්වූ අමිලා නදීෂානි අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පසු රත්නපුර ජාතික තරුණ සේවා සංගීත සන්චිතයට ඇතුළත් විය. 1998 වසරේ ඇය සමන්ත, ටෝනි, රවී. කුමාර, නිලංග, රේණුකා, උදාරි, චමිලා, උදම්, ඇතුළු තරුණ සේවා සභාවේ සංගීත සංචිතයේ මිතුරන් සමඟ "තාරුකා" නමින් සංගීත කණ්ඩායමකට සම්බන්ධ විය.

පසුව ඇය එම කණ්ඩායමේ බේස් ගිටාර් වාදක සමන්ත ගමගේ සමඟ ද්වි පුද්ගල කණ්ඩායමක් ආරම්භ කළ අතර  සංගීත වැඩසටහන් සඳහා සහභාගී වෙමින් ඇයගේ ගායන වපසරිය සකසා ගත්තාය. සිංහල, හින්දි, ඉංග්‍රීසි යන ත්‍රි භාෂාවෙන්ම ඇය ගයනා කළ අතර  ඇන්ජලින් ගුණතිලක, ඉන්ද්‍රානි පෙරේරා, සුජතා අත්තනායක, නිරෝෂා විරාජිනී, නන්දා මාලනි, යන ගායක ගායිකාවන්ගේ ගීත නිතර ගායනා කළාය. 1999 වසරේ අමිලා නදීශානි සහ සමන්ත ගමගේ විවාහ වීමෙන් පසුව ඔවුන්ගේ  ද්වි පුද්ගල කණ්ඩායමේ ස්ථාවර බව ගොඩනගා ගන්නා ලදී.

2005 වසරේ ඇයට විදේශ රටවල් වල සංගීත සංදර්ශන සඳහා සහභාගී වීමට  අවස්ථාව උදා වූ අතර ඇයගේ පටිගත නොකළ ස්වනිර්මාණ පවා එම සංදර්ශන තුළ ඇය විසින් ගායනා කරන ලදී. 2006 වසරේ අනුරාධපුර තරුණ සේවා සභාවේ දිමුතු සඳරුවන් සංගීත ශිල්පියා ආරම්භ කරන ලද "ස්වරංගා" සංගීත කණ්ඩායමට ඇය සම්බන්ධ විය. එම කණ්ඩායම සමඟ දිවයින පුරා සංගීත සංදර්ශන සඳහා ද විදේශීය සංගීත ප්‍රසංග සඳහා ද ගී ගයමින් අත්දැකීම් පරාසය පුළුල් කරගන්නා ලදී. 2006 වසරේ ස්වර්ණවාහිනී රුපවාහිනී නාලිකාව ආරම්භ කළ "ස්වර්ණාභිමාන" ගායන තරගයෙන් ජයග්‍රහණය කරන ලදී.

2007 වසරේ ඇය සිරස රූපවාහිණිය දියත් කළ "සිරස සුපර් ස්ටාර්" රියැලිටි ගායනා තරඟයට සහභාගී විය. එය ඇයගේ ගායන දිවියේ කඩඉමක් විය. ඇය එම තරගයට බොහොමයක් ගායනා කළේ 70, 80 යුගයේ ජනප්‍රිය  ගීතයන්ය. ජයග්‍රහණය වෙනුවෙන් දැඩි අධිෂ්ඨානයකින් සහභාගී වූ මෙම තරඟයෙන් 3 වන ස්ථානය ලබා ගත් අතර ඇය ඉන් ලැබූ ප්‍රසිද්ධිය සහ ජනප්‍රියත්වය අති විශාලය.

 

 

හින්දි ගීත, බංගලාදේශ ගීත, සිංහල ගීත, දමිළ ගීත සහ බටහිර සංගීත ශෛලිය හා සැසදෙන ගීත ගායනා කිරීමේ හැකියාව තිබු ඇය එම ගායනා වල තිබු හැඩතල රැකගන්නට උත්සාහ කළාය. බටහිර ගායක ගායිකවන් වූ ලයනල් රිචී, බොබ්මාලේ, මැඩෝනා, සෙලින් ඩියෝන්, වැනි ගායක ගායිකාවන් ගායනා කළ, Hello, My heart willgo on, Three little birds, l am a barby girl වැනි ගීත ද ඇය ගායනා කළඅතර එම ගායන තුළින් ලබාගත් පුහුණුව ඇයගේ හඬ සමබර කර ගැනීමට සහාය විය. සුපර් ස්ටාර් තරඟය අවසානවනවාත් සමඟම ඇය ඇන්ටන් ජූඩ් ශිල්පියා සමඟ යුග ගීතයක් ගායනා කරන ලදී. පසුව නවරත්න ගමගේ සංගීතවත් කළ නන්දන වික්‍රමගේ රචනා කළ "මේ රෑ පායන්නේ" ගීතය පටිගත කරන ලදී.

පාරමී නමින් සංයුකත්ත තැටියක් ඉදිරිපත් කළ ඇය 2009 වසරේ "අමිලා ඔබේමයි" නමින්  විශේෂ ප්‍රසංගයක් පවත්වන ලදී.  70 යුගයේ බිහිවූ මතකයේ රැඳුණු සමහර ගීත නැවත පටිගත කිරීමේදී, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ඉන්ද්‍රානි පෙරේරා  ගැයූ "නිරංජලා කාටදෝ"' ගීතය සුරේන්ද්‍ර පෙරේරා සමඟ ද ඉන්ද්‍රානි පෙරේරා ගයන "මතකය ඇසුරෙන්"  ගීතය ඇතුළු ගීත 10
කට වැඩි ප්‍රමාණයකට ගායනයෙන් ඇය දායක විය. නොපෙනී ගිය සඳ තරහා වෙලා, හිතුවක්කාර මනමාලි, මිතුම් පුතේ, තේජා ඉද්දමල් ගොඩ නිර්මාණය කළ "ඔබ දන්නවාද දන්නේ නෑ" සහ ලකී දේවා නිර්මාණය කළ "ආසයි, ළඟින් ඉන්න ආසයි", යන ගීත ඇයගේ හඬ විවිධත්වයට යොමු කළ ගීත අතරට එක්වේ.

 

 

ඉහළ  ස්වරයෙන් ගායනා කරන ගායිකාවක වූ අමිලා නදීශානි ටෙලි නාට්‍ය ගණනාවකට ඇයගේ හඬ මුසු කළාය. හිරුමලි, රැජිණ, ජායා, සිරි වාසල, බොඳ මිදුම්, ඉන් කිහිපයකි. රංගනයට දක්ෂතාවයක් ඇති ඇය හිරුමලී, වැහි පබළු, සිරිවාසල ,තිසර තොටුපළ, ඇතුළු ටෙලි නාට්‍ය කීපයකටම රංගනයෙන් දායක විය. රංගන පරාසය පුළුල් කරගනිමින් ඇයජනනාත් ගුණවර්ධන අධ්‍යක්ෂණය කළ "පරාවර්තන" චිත්‍රපටයට රංගනයෙන් එකතු විය. පාසල් කාලයේ සිට කවි,නිසඳැස්, ජාතක කතා ලිවීමට දක්ෂතාවයක් දැක්වූ අමිලා ඇයගේ කුළුඳුල් නවකතාව එළි දැක්වීමට බලාපොරොත්තුවේ.අමිලා නදීෂානි කෙටි කාලයකදී ලබාගත් ගායන අද්දැකීම් නිසාවෙන් සිරස සුපර් ස්ටාර් හයවන තරගය විනිශ්චයමණ්ඩලයට සහභාගී විමට ඇයට අවස්ථාව උදාවිය. ගීත 40කට අධික ප්‍රමාණයක් මේ කෙටි කාලය තුළ ගායනා කළඇය ගායනා කළ ගීත අතුරින්  "ඔබ දන්නවාද දන්නේ නැ" සහ "ආසයි ලඟින් ඉන්න ආසයි" යන ගීත ඇයගේ ප්‍රියතම ගීතඅතරට එකතු වේ. වාදකයෙකු සහ ගායකයෙකු වූ සමන්තා ගමගේ සමඟ විවාහ වූ ඇය දරුවන් දෙදෙනෙකුගේ දයාබරමවකි.

 ගී රේඩියෝව අමිලා නදීශානි සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි.
සැකසුම එල්. දේවා
..

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page