top of page

ශයමි ෆොන්සේකා රත්නම්

1978 වසරේදී ක්ලැරන්ස් විජේවර්ධනයන් මුණ ගැසීමෙන් ඔහු ඇගේ බටහිර ශෛලියට හුරු වී  තිබුණ කටහඩ හඳුනාගෙන එම හඬට වඩා උචිත ගීත හතරක්  නිර්මාණය කරන ලදී. ගීයකින් කෙසේ, රස පිරුණු කතා, හා හා මා දනී සහ ක්ලැරන්ස් විජේවර්ධන සමඟ යුග ගායනා කළ මේ සිත රැ යන ගීත හතර ඇය ගී ලොවට තිළිණ කළාය. ගීයකින් කෙසේ ගීතයේ ආරම්භය තුළ යෙදෙන ගිටාර් වාදනය සමඟ ඇයගේ ගායනයේ හැඟුම් බර බව වඩා කැපි පෙනේ. ඇය ගායනා කළ ගීත තුළ ඇයගේ සිංහල වචන උච්චාරණය ගීතයේ තනුවට වඩා ගැලපෙන ලෙස ඇයගේ ගායනය සමබර කර ගැනීම ඇය සතු දක්ෂතාවයකි. 1979 ස්ටැන්ලි පිරිස්ගේ සංගීතයට අවරින් මළ හිරු ගීතය ගායනා කළ ඇය රූකාන්ත ගුණතිලකගේ නිර්මාණයන්ට ද ගීත කිහිපයක් ගායනා කළාය. 1980 යුගයේ සේන සමරසිංහ අධ්‍යක්ෂණය කළ මල් කැකුළු සහ ඈතින් ඈත චිත්‍රපටිවල  පසුබිම් ගීත ගායනා කළ ඇය මඳ කලකට සංගීත ක්ෂේත්‍රය තුළ නිහඬ විය.

2000 යුගයේ එම නිහැඬියාව බිඳිමින් ක්ලැරන්ස් විජේවර්ධනයන්ට උපහාරයක් පිණිස වේදිකා ගත කළ සංගීත වැඩසටහනකින් නැවත ඇය ගායන ලෝකයට පිවිසියාය. ශයමි රත්නම් ගායනා කරන ලද සිංහල ගී  ප්‍රමාණය 20ක් පමණ වේ. එනමුදු එම ගීත අදටත් බොහෝදෙන රස විඳින ගීත අතර රැව් පිළිරැව්දේ

1957 ජුනි 13 වන දින උපත ලැබූ ඇය දැනට ඈ උගත් සංගීත දැනුම බාල තරුණ පරපුරට දායාද කරමින් සංගීත ගුරුවරියක ලෙසින් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ  වාදනය හා ගායනය උගන්වන්නිය. ක්ලැරන්ස් විජේවර්ධන,  රූකාන්තගුණතිලක, ලකිදේවා, ස්ටැන්ලි පිරිස්ගේ නිර්මාණයන්ට ගීයකින් කෙසේ රස පිරුණු කතා, නිල් තණ පලසට, ආදරේ වැඩි හින්දයි, මා අහිංසකයි, හා හා මා දනී යන ගීත තවමත් අප අතර මතකයේ රැදී ඇත්තේ ඇයටම අවේණික හඬක් සහ ඇයට අවේණික ශෛලියකින් ගී ගයන නිසාවෙනි.

 

2014-03-20 ශයමි ෆොන්සේකා සමඟ ගී රේඩියෝ කළ සකච්ඡාවක් ඇසුරිනි.

 සංගීතමය පවුලකින් සංගීත ලොවට පිවිසි ශයමි ෆොන්සේකා රත්නම් දක්ෂ පියානෝ වාදන ශිල්පියනියකි. ෆ්ලැසිඩස් ෆොන්සේකා නම් වූ ඇගේ පියා දක්ෂ සංගීත ශිල්පියෙකු වූ නිසා සිය පවූලේ රොවාන්, මාෂියා, යැස්මින් සහ යොහාන් යන සහෝදර සහෝදරියන් සමඟ සංගීතමය පරිසරයක් ඔවුන් වටා විය. කිතුණුවෙකු වූ ඇය දෙව් මැඳුරේ ගායනා කිරීමෙන් ඇයගේ ගායනයට අවශ්‍ය පසු බිම සකස් කර ගත්තාය. එය ඇයට මහත් අත් වැලක් විය. ඇයගේ ගායන දක්ෂතා දුටු බොහෝදෙනා ඇයට ගායනයට ආරාධනා කළ අතර අර්ල් ආනෝල්ඩා මහතා විසින් ඇයව දිරිගැන්වීමෙන් පසුව, එකල බටහිර සංගීත කණ්ඩායමක් වූ එක්ස්පෙරිමන්ට් සංගීත කණ්ඩායම සමඟ බටහිර ගී ගායනයට අවස්ථාව උදා වුයේ 1977 වසරේදීය. එදින ඇය ඔවුන් සමඟ ගායනා කළේ ආරාධිත ගායිකාවක ලෙසිනි. ඔලිවියා නිවුටන් ජෝන්ස්, පුසී කැට්ස්, ඈබා, කාපෙන්ටර්ස්, යන බටහිර ගායිකාවන්ගේ සහ කණ්ඩායම්වල ගීත තමන්ගේම ගායන ශෛලිය සහ සැසදෙන අයුරින් ඇය ගයනා කරන ලදී. 

 

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page