top of page

                  මොරිස් දහනායක

 පාසල් යන අවදියේ ඔහුට මුණ ගැසුණු මිතුරෙකු වූ සුසිල් ප්‍රේමරත්න පසු කලක මොරිස් දහනායකව  ගුවන් විදුලියේ සමුහ ගී වැඩ සටහන්වලට සහභාගී කර වීමෙන් පසුව ඔහු සරල ගී සමත් විය. සංගීත මාස්ටර් ගවුස් සහ ෂෙල්ටන් ප්‍රේමරත්න යටතේ ලැබූ ගායන අධ්‍යාපනය පසු කළ ඔහුට උපකාරි විය. ෂෙල්ටන් ප්‍රේමරත්නයන් නිර්මාණය කළ "ඔන්න ඕලු මලක් "ගීතය  ගායනා කිරීමත් සමඟ 1952 වසරේ ගීත ධාරා වැඩ සටහනේ පළමු ස්ථානය දිනා ගන්නා ලදී. මොරිස් දහනායක යන නාමය එවකට සිටි ගායකයන් අතර බබළන්නට විය. පසුව කරුණාරත්න අබේසේකර රචනා කළ "ප්‍රේම බැම්මේ" ගීතයත් "රිදී චාන්දනී" යන ගීත Hmv තැටියක් සඳහා ගායනා කරන ලදී. සංගීතය ඉහළට නොහැදෑරුව ද ඔහු උපතින් ගෙනා හැකියාව එය අභිබවා යන බව ඔහුට පෙන්වීමට හැකිවිය. තේවිස් ගුරුගේ මයාගේ සහය ඔහුට ලැබුනේ එහෙයිනි.

1959 වසරේ නුවර ට්‍රිනිට්‍රි විදුහලේ පැවැත් වූ සංදර්ශනයකට මහා මයා බාලිකා විදුහලෙන් තම සමරු පොත අත්සන් කර ගැනීමට පැමිණි රූමත් සිසුවියක් වූ මානෙල් අතුකෝරල සමඟ බැඳී සම්බන්දය නිම වුයේ 1965 ජුනි 11 වන දින ඔවුන් අතිනත ගැනීමෙනි. චන්න අනුර, සංජිව වත්සල යන පුතුන් දෙදෙනෙකුගේ පියෙක් වීමේ වාසනාව ඔහුට හිමි විය.  

  ගායනයට අමතරව චිත්‍රපටි රංගනයට පිවිසි මොරිස් දහනායක පාරාවළලු, ප්‍රවේසම් වෙන්න, හිතුවක්කාරයෝ, ලස්සන කෙල්ල යන චිත්‍රපටිවලට රංගනයෙන්  ද දායක විය. මෙත්මල් පිබිදේවා, රුවන් අඹර, සෙව්වන්දි නිල් ජලාසේ, බලන්න ආසයි දුරයිනේ ඉන්නේ, වැනි ගීත රාශියක් ගී ලොවට තිළිණ කළ මොරිස් දහනයකයන් 2013 අප්‍රේල් 26 වන දින මෙලොවින් සමු ගත්තේ ඔහුගේ සෞම්‍ය ගී හඬ රසිකයන්ගේ සිත්වල ගිනි නිවීමට තරම් මෙත් මල් රැසක් පුබුදුවමිනි.

 

 

2014-04-30 ගී රේඩියෝව සමඟ ඔහුගේ බිරිඳ මානෙල් දහනායක සමඟ කළ සාකච්ජාවක් ඇසුරිණි.

 සුදෝ පොඩ්ඩක් අඬන්න, ඔන්න ඕලු මලක්, අනන්ද ශ්‍රියා වැහේ යන ගීත ඔහුගෙන් එළි දකිද්දී මොරිස් දහනායක නාමය රටේ ජනප්‍රිය ගායකයන් අතරට එක් වී හමාරය. ගුවන් විදුලියට අමතරව චිත්‍රපටි පසුබිම් ගායනයට අවස්ථාව උදා කර ගත් හෙතෙම මිහිරි ගීත රැසක් ගායනා කළේය. සුනිලා  චිත්‍රපටියද , සුර චෞරයා චිත්‍රපටිය වෙනුවෙන් මිල්ටන් පෙරේරා සමඟ "ආදර ගඟුලැල්ලේ" ගීතයද "ආදරේ හිතෙනවා දැක්කම"චිත්‍රපටයට ගැයූ මුතු මිටක් පිරි ඇත්තේ ගීත ඊට නිදසුන් වේ.

 

          1935 දෙසැම්බර් 11 වන දින උපත ලැබූ මොරිස් දහනායක තමාටම ආවේණික සෞම්‍ය හඬක් හිමි ගායකයෙකි. ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලෙන් අධ්‍යාපනය ආරම්භ කළ අතර එය කතෝලික විදුහලක් වුයෙන් පාසල් ගීතිකා කණ්ඩායම තුළින් ලැබූ පුහුණුව ඔහුට අනාගතයේ මහත් අත් වැලක් විය. පසුව කොළඹ ආනන්ද විදුහලට ද යාපනේ ශාන්ත ප්‍රැට්‍රික් සහ කොළඹ වෙස්ලි විදුහල් මාතාවන් යටතේ අධ්‍යාපන සෙවණ ලබා ගත් ඔහු කුඩා කළ සිටම ගායනයට දස්කම් පෑ සිසුවෙකු විය. ඉංග්‍රීසි පද්‍ය ගායනයේ හැකියාවක් තිබු ඔහුගේ මව වන සැලිනා කරුණාරත්න වීරමුණිගෙන් ලැබූ අභාසයත් තම පියා වූ සැම්සන් දහනායකගෙන් ලැබූ සහයත් ඔහු පරිපුර්ණ මනුෂයෙකු වීමට බලපාන ලදී. 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page