top of page

                           පාවහන් මිනිසාගේ මුලික අවශ්‍යතාවක් නොවුනත් වර්තමනයේ එය මිනිසාගේ ඇඳුමේ කොටසක් බවට පත් වී හමාරය. සනීපාරක්ෂාවට සේම මෝස්තරයටද පාවහන් පැළඳීමට මිනිසුන් හුරු පුරුදුව තිබේ. මේ හේතු කරගෙන පාවහන් සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින ක්‍රමයෙන් වර්ධනය වන්නක් බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේම පාවහන් නිෂ්පාදනය ගෘහස්ථ මට්ටමින් ආරම්භ කළ හැකි  හොඳ ව්‍යාපාරයකි. අඩු මුදලක් ආයෝජනය කරමින් ආරම්භ කළ හැකි කුඩා ව්‍යාපාරයක් ලෙසද මෙය හැඳින්විය හැකිය.

 

නිෂ්පාදන වර්ග :-  කාන්තා පාවහන්, පිරිමි පාවහන්, කුඩා ළදරුවන්, ළමුන් සඳහා වන පාවහන්, පාසල් ළමුන් සඳහ ගැහණු සහ පිරිමි පාවහන්. 

 

දැනුමක් ඇති අයට සේම උනන්දුවක් ඇති අයට පුහුණුවක් ලබා දීමට ආයතන කීපයක්ම ඉදිරිපත්ව ඇත. නව තාක්ෂණය පිළිබඳව අවබෝධයක් ලබා දීම, අමුද්‍රව්‍ය ගැන නිසි අවබෝධයක් ලබා දීම සේම තාක්ෂණිකව ලබාදෙන උදව් උපකාර ද හිමි කර ගත හැකිය. 

 

    පර්යේෂණ හා තාක්ෂණික සහාය ලබාගත හැකි ආයතන.  

•    සම් භාණ්ඩ හා පාවහන් සංවර්ධන මධ්‍යස්ථානය - කටුබැද්ද. 

•    අම්පාර හාඩි කාර්මික විදුහල.

•    මැදගම කාර්මික විදුහල.

•    අලව්ව කාර්මික විදුහල.

•    පළාත් සභාවේ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව යටතේ ඇති සම් භාණ්ඩ පුහුණු මධ්‍යස්ථාන මගින්.   

•    මේ සඳහා අවශ්‍යය වන යන්ත්‍රෝපකරණ දේශිය වෙළෙඳපොළෙන් පහසුවෙන් මිලදී ගත හැකිය. නමුත් ඒ සඳහා          වත්කමක් නැති නව නිෂ්පාදකයින් සඳහා තම නිෂ්පාදන කටයුතු වලට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පුහුණු      මධ්‍යස්ථානයේ ඇති යන්ත්‍රෝපකරණ භාවිතයට ද පහසුකම් සලසා දී තිබේ.    

          

මූල්‍ය සහාය  

රජ්‍ය බැංකු හරහා සහනදායී පොළී අනුපාත සහ ලිහිල් කොන්දේසි මත ගෘහස්ථ මෙවැනි ව්‍යාපෘතිවලට ණය පහසුකම් ලබාගත හැකිය. ඒහා සම්බන්ධ තොරතුරු ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ලබාගත හැකිය.   

 

වෙළෙඳපොළ 

දේශිය වශයෙන් හොඳ වෙළෙඳ පොළක් ඇත. ගෘහස්ථව නිපදවන මෙවැනි පාවහන් අලෙවි කර ගැනීම සඳහා ද, ලංකා කර්මික සංවර්ධන මණ්ඩලය සහාය ලබා දෙයි. ඉතා හොඳ ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කරන පාවහන් විදේශ වෙළෙඳපොළ සඳහාද ඉදිරිපත් කළ හැකිය. අපනයන සංවර්ධන මණ්ඩලය හරහා ඒවා සඳහා විදේශීය වෙළෙඳපොළ සොයා ගත හැකිය.

 

නිෂ්පාදනයන්ගේ ප්‍රමිතිය උසස් කර ගැනීම සඳහා

පාවහන්වල  තත්ත්වය මැන බැලිමේ නවීන උපකරණ දැන් නිපදවා තිබේ. ඒවයේ උසස් තත්ත්වය මැන බැලිමේ මිනුම් දණ්ඩක් ලෙස යොදා ගත හැකි එවැනි උපකරණ නර්ඩ් ආයතනයෙන් සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සම් භාණ්ඩ හා පාවහන් සංවර්ධන මධ්‍යස්ථානයෙන් සපයා ගත හැකිය.හොඳ ආදායම් මාර්ගයක් පාදා ගත හැකි පාවහන් නිෂ්පාදනය ගැන ඔබ උනන්දුවක් දක්වන්නේ නම්. ඒ සඳහා පහත සඳහන් ආයතන වලින් විස්තර දැන ගත හැකිය.  

 

තාක්ෂණික සේවා අංශය

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය,

615, ගාලු පාර, 

කටුබැද්ද, 

මොරටුව.

Tel : 0112605278

 

අධ්‍යක්ෂ,

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

අංක 42,

නවම් මාවත, 

කොළඹ 02.

Tel : 0112300727

 

සම් භාණ්ඩ හා පාවහන් සංවර්ධන මධ්‍යස්ථානය 

අංක 280/1,

ද මැල් පාර, 

කටුබැද්ද, 

මොරටුව.

Tel : 0114213472

නිවසේදීම පාවහන් නිෂ්පාදනය කර හොඳ ආදායමක් ලබාගන්න.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page