
නිමල් මෙන්ඩිස්
1934 මාර්තු 29 වන දින මෙලොව උපත ලැබු නිමල් මෙන්ඩිස් උපතින්ම සංගීතය උරුම කරගෙන තිබුණි. වයස අවුරුදු 6-7 වන අවධියේ සිටම පියානෝ වාදනයට සිත ඇදී ගියේය.ඔහුගේ සොහොයුරිය වූ වයලට් වීරසිංහ පියානෝ වාදනය කරන විට කුඩා ඔහුගේ සිත ඒවෙත යොමු විය. “අශ්වයෙකු වේගයෙන් දිව යන්නා සේ” ඔහුගේ සිත එක එල්ලේ යොමුවුණේ සංගීතයට බව ඔහු පවසයි. තරුණවියට එලැබෙන විට ඔහු හැරල්ඩ් සෙනෙවිරත්න මහතා යටතේ පියානෝ වාදනය ඉගෙන ගත් නිමල් මෙන්ඩිස් තමන් ලද හැකියාව එයට මුසු කරමින් තමාටම අවේණික වූ ශෛලියකින් වාදනය කිරීමට සමතෙකු විය. බටහිර සංගීත ශෛලියක් වූ Blues Jazz ශෛලියට ඔහුගේ සිත ඇදී ගිය අතර 1956 දසකයේ හැරල්ඩ් සෙනවිරත්නයන් යටතේම පියානෝව වාදනය කළේය.


පාසල් යන කාලයේ සිට ඉංග්‍රීසි සාහිත්‍යට ප්‍රිය කල ඔහු ඉංග්‍රීසි කවි සහ ගී ලිවීමේ හැකියාව ප්‍රගුණ කර ගත්තේය. ඔහුගේ මවද ලේඛිකාවකි. “රොස්ලින් මැන්දිස්” නම් වූ ඇය ”Tragedy of a Mystry” ග්‍රන්ථය එංගලන්තයේදී එළි දැක්විය. ඇය ශ්‍රී ලංකාවේ පළමු ඉංග්‍රීසි කාන්තා කතුවරියයි. 1957 එංගලන්තයට ගිය නිමල් මෙන්ඩිස් වැඩිදුර අධ්‍යාපනය එහි දී ප්‍රගුණ කළේය. අර්ධ රැකියාවක් කරමින් සංගීතය පිළිබඳ ස්වඅධ්‍යනයක යෙදුණු ඔහු ලැබෙන හැම විටම පියානෝව වාදනය කරමින් ගීත නිර්මාණය කරනට අඩිතාලම යොදා ගත්තේය. 1958දී ඔහුට හෝටලයක පියානෝ වාදනය කිරීමට අවස්ථාවක් උදා විය.
එ තුලින් තම උත්සාහය ජයගැනීමට ඔහුට හැකි විය. ජනප්‍රිය බටහිර ගීත මෙන්ම වරින්වර ඔහු විසින් නිර්මාණය කරන ලද ගීත ද වාදනය කිරීමට ඔහු පුරුදු විය. එම අවධියේ තවත් පියානෝ එකෝඩිනය වාදනය කරන සහ බෙර වාදනය කරන ශ්‍රී ලාංකික තරුණයෝ දෙදෙනෙක් ඔහුට මුණ ගැසිණ.මේ තිදෙනා අපුරු සංගීත සංයෝජනයක් ගොඩ නඟමින් වාදනයට සම්බන්ධ වී ගායනයට දක්ෂ තවත් මිතුරෙකු සමඟ කුඩා සංගීත කණ්ඩායමක් ගොඩනඟා ගත්තෝය. සංගීත ප්‍රියසම්භාෂණ,සංගීත සැදෑවන් හි මෙම කණ්ඩායම අපුරු සංගීත රසයක් රසිකයන්ට බෙදා දුණි.මේ අයුරින් සංගීත අත්දැකිම් දිනදින ඔහුගේ ජීවිතය ඔප කළේය. ඔහු විසින් නිර්මාණය කරන ලද බටහිර ගීතයක් ඔවුන් පුහුණු වෙමින් සිටින අතර එය සවන රැදී විදේශිය ගායිකාවක වන මේරි මාෂල් මෙම ගීතය ඇයගේ ඇල්බමයට යොදා ගැනිමත් සමඟ ම ඔහුගේ මුල් ගීතය “kiss kiss kiss”නමින් එළි දැක්විණ. එම ගීතය තුළ ශ්‍රී ලාංකික අනන්‍යතාව රැදෙන ලෙස බෙරයද යොදා ගැනීම විශේෂත්වයක් විය.
පසු කලෙක නැවතත් ස්විට්සර්ලන්තයේ රැකියාවක් සදහා යැමට ඔහුට අවස්ථාව ලැබුණි.ඒ කාලයේ ඔහුගේ සංගීතමය හැකියාවන් දුටු ස්විස්ටර්ලන්තයේ පාරම්පරික සංගීත කණ්ඩායමක් වසර 200ක් පමණ ඉපැරණි ඔවුන්ගේ පරමිපරාගත වටිනාකමකින් යුත් ගිටාරයක්ද ඔහුට පරිත්‍යාග කළේය. නැවත ලංකාවට පැමිණි ඔහු “මයික් විල්සන්ගේ Beneath the seas of Ceylon”යන කෙටි චිත්‍රපටයකට සංගීතය නිර්මාණය කළේය. 1960 දසකයේ පෙරළා එංගලන්තයට ගිය ඔහු 1963 දී L.P තැටියක් සඳහා බටහිර ගීත නිර්මාණය කරන ලදී. එම ගීත අදටත් ජනප්‍රිය වෙමින් පවතී. ඔහු නිර්මාණය කල ජනප්‍රිය ගී අතරින් good night kisses, cherry blossom tree, සැන්ඩ්‍රා ඇඩමා, oh my lover නැවත ජර්මානු සංගීත ශිල්පින් වාදනය කල Instrumental තැටියක් සඳහා සංගීතය නිර්මාණය කරන ලදී.එම ගීත අතර kandyan express ජනප්‍රිය වේ. එමා තැටිය යුරෝපයේ ජනප්‍රියත්වයේ දෙවන ස්ථානයට ලඟා විය.නැවත Top of the Pops යන තැටියක් ද එළි දැක් වූ අතර 50 කට අධික ප්‍රමාණයක් බටහිර ගීත නිර්මාණය කල ඔහු 1968 වසරේ මුහුණ දුන් අමිහිරි අත්දැකිමකින් සංගීත ලොව අතහැර ලංකාවට නැවත පැමිණියේය.
කන්ද උඩරට ප්‍රදේශයට පැමිණි ඔහු සත්ත්ව ගොවිපොළක් ආරම්භ කරමින් අලුත් අත්දැකිමකට එකතු වුවද සිතයට සැඟවූ සංගීතමය හැඟිම් වරින්වර ඉස්මතු විය.ඒ අවදීයේ ලංකාවේ ඔහු ජීවත් වූ අවට පරිසරයේ දුටු පුද්ගලයන්ගේ හැසිරීම් රටාව තුලින් නැවත ගීතයක් ගොඩනඟන්නට දෑත පියානෝව වෙත යොමුවිය. ද්‍රවිඩ සේවකයෙකු තම විදේශිය සුදු හාම් පුතුට මාස්ටර් කියා අමතන අතර සිංහල සේවකයා සර් කියා අමතනු ඇසුණු ඔහුට අදහසක් පහළ විය. “මාස්ටර් සර් “ ගීතය නිර්මාණය වුයේ එලෙසිනි.ඒ අවදීයේ මැණික් සාන්ද්‍රසාගරගේ ආරාධනයක් මත” කළු දිය දහර” චිත්‍ර පටියේ සංගීත අධ්‍යක්ෂණය කිරීමටද ඔහුට අවස්ථාව උදා විය.එවකට ඔහු නිර්මාණය කල මාස්ටර් සර් ගීතයට ගැලපෙන හඬක් වුයෙන් එය නෙවිල් ප්‍රනාන්දුගේ හඬින් ගායනා කරවා චිත්‍රපටියට ඇතුලත් කරන ලදී.
පසුව ඔහුට ලෙස්ටර් ජේමිස් පිරිස් මහතා හමුවිමෙන් අනතුරුව 70 දසකයේ සුමිත්‍රා පිරිස් නිර්මාණය කල “ගැහැණු ළමයි“ චිත්‍රපටිය වෙනුවෙන් “ගැහැණු ළමයිනේ, වියෝ ගී”යන ගීත වික්ටර් රත්නායක හා නිලා වික්‍රමසිංහ වෙනුවෙන් නිර්මාණය කරන ලදී. 1974 දී ඔහුට රංජනී {බිරිද} මුණ ගැසිමෙන් අනතුරුව ඔහුගේ ජීවිතයට නැවුම් වෙනසක් ඇතිවිය.” අහසින් පොළොවට, ගඟ අද්දර, සිතා දේවි, රැම් පේජ් “ යන චිත්‍ර පටිවලටද සංගීතය නිර්මාණය කළේ මේ අවධියේ දී ය. සිතා දේවි හි පණ්ඩිත් අමරදේවයන් ගායනා කල “නිම්හිම් සෙව්වා“ ගීතය ද ඔහු නිර්මාණය කළේ ඔහුගේ බිරිඳ වෙනුවෙනි. Yesterday today or tomorrow නමින් එය ඉංග්‍රීසි බසින් නිර්මාණය වී ඩෙස්මන්ඩ් ද සිල්වා ගායනා කරන ලදී. පසුව රෝමයට ගිය හෙතෙම 1977 ඇය සමඟ විවාහ විය. නැවත 80 දසකයේ ලංකාවට පැමිණි ඔහු නව ගී කීපයක් එළි දක්වන ලදී. “රන් ටිකිරි සිනා“ නමින් එළි දැක්වුණු මෙම සංයුක්ත තැටියේ “දවසක් දා රැ වසන්ත සැණකෙළියේ,මේඅවන්හලේ,කල්පනාවෝ, උපන්බිමෙන්“ ගීතද නිර්මාණය විය. ”උපන් බිමෙන්” යන ගීතය පෙර වැදී සංස්කෘතිය අනුව නිර්මාණය වූ ගීතයකි.
තම හදවතට එකඟ වන ගීත නිර්මාණ කරන ඔහු නිතරම තම අත් දැකිම් සහ තම මිතුරන්ගේ අත් දැකිම් තුලින් තම යටි හදවත ගෙනෙන හැගීම් ගීතවලට මුසු කරන නිර්මාණ ශීලි පුද්ගලයෙකි.2000 දසකයට තුලද ඔහුගේ නිර්මාණවල බිහිවීම දිළිදු නොවීය.2004 බටහිර ගී ශෛලීයක් වූ Blues යන බටහිර ගීත ශෛලියට girls නව ගීතයක් අමිල සඳරුවන් ගායනා කර ඇත.එදා මෙදා තුල ගීත 100 ට අධික සංඛ්‍යාවක් නිර්මාණය කරමින් එම ගීතය සිංහල බසින් හා ඉංග්‍රීසි බසින් නිර්මාණය කල එකම අධ්‍යක්ෂකවරයා ඔහු පමණක්යැයි කීම අතිශයෝක්තියක් නොවේ.තවද ඔහු නිර්මාණය කල ගී නව පරපුර නව සංගීත සංයෝජනය මුසු කිරීම අගයන ඔහු එසේ කිරීමෙන් එකම ගීතය විවිධ ගායන ශෛලීන් තුලින් හා විවිධ සංගීත අධ්‍යක්ෂණයන්ට හසු වී තවත් අලුත් නිර්මාණයන් බිහි වීම අගය කරයි. උදාහරණ ලෙස“මාස්ටර් සර් ගීතය” නෙවිල් ප්‍රනාන්දු එක ශෛලියකටත්,නිලා වික්‍රමසිංහ තවත් ශෛලියකටත් භාතිය සහ සන්තුෂ් තවත් ශෛලියකටත් ගායනා කර ඇති අතර එකම ගීතය රස තුනක් මවා ඇති බව ඔහු පවසයි. වයසින් මුහුකුරා ගිය ද සැබැ කලා නිර්මාණ ශිල්පියෙකු තුල ඇති තාරුණ්‍ය සිතුවිලි ඔහු තුල තවම ඇත.
ඔහු විසින් නිර්මාණය කරන ලද බොහෝ සිංහල ගීත ඉංග්‍රීසි බසින්ද එළි දැක්විමට ඔහු කටයුතු කරමින් පවතී. එම කාර්ය වෙනුවෙන් ඔහුගේ පුත් පෝල් මාරි කටයුතු කරන අතර තමාට ආවේණික ශෛලියක් ගොඩනැගු නිමල් මෙන්ඩිස් 1980 “ගඟ අද්දර “චිත්‍ර පටියට හොඳම සංගීතය වෙනුවෙන් සරසවි සම්මානයද,නිර්මාණශිලි සිනමා සංගීතය සඳහා 1979 “අහසින් පොළොවට“ චිත්‍ර පටිය වෙනුවෙන් O.C.I.C සම්මානය ද,1983 සංගීතයට කල මෙහෙවර වෙනුවෙන් ජනාධිපති සම්මානයද 1997දක්ෂතම සංගීත අධ්‍යක්ෂණයට හිමි ජනාධිපති සම්මානයද ඔහු දිනා ගෙන ඇත. තනුවක මිහිර හදුනාගෙන එ තනුවට ගැලපෙන හඬ මුසු කිරිමේ දක්ෂතාවය ඇති හෙතෙම එංගලන්තයේ Performing Right Society Life හි සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා සංගීත ලොවට කල සේවය අපරිමිතය....
නිමල් මෙන්ඩිස් මහතා ගී රේඩියෝ සමග කල සාකච්චාවක් ඇසුරිනි.






