top of page

මෙම තත්වයෙන් පෙලෙන්නන්ට බිය කාංසාව ඇති වනු‍යේ ඔහුව අන් අය විසින් නිරීක්ෂණය කිරීමට හා විවේචනය කිරීමට හැකියාව ඇති ස්ථාන වලදීය. මෙහිදී එම අවස්ථාව අපෙක්ෂා කරන විටද මෙම බිය ඇති වන බැවින් සමහර විට එම අවස්ථා මඟ හැරීමටද ඔවුන් පෙළඹෙති.

එවැනි ස්ථාන සදහා උදාහරණ - රැස්වීම්, පොදු ස්ථානවල ආහාර ගැනීම්, මිතුරු හමු, සම්මන්ත්‍රණ අන් අය ඉදිරියේ කතා කිරීමට සිදුවන අවස්ථා. 

 

මෙහිදී General anxiety disorder හී ඇතිවන රෝග ලක්ෂණම ඇතිවන නමුත් ලැජ්ජාවෙන් මුහුණ රතු වීම (Blushing)හා වෙවිලීම (Trembling) ප්‍රධාන වේ. සමහර පුද්ගලයන් මෙම බිය මග හරවා ගැනීමට එම අවස්ථාවට මුහුණ දීමට පෙර මත්පැන් වල පිහිට පතයි. මත්පැන් භාවිතය වඩා බහුලව පවතිනුයේ මෙම තත්වයෙන් පෙලෙන්නන් අතරය. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය අතරම මෙය සමව දැකිය හැක. මෙය social phobia මෙන්ම බහුල නැති වුවද, මින් පෙලෙන බොහෝ පුද්ගලයෝ වෛද්‍ය උපකාර පතති.

 

මෙය ඇතිවිමට නිවැරදි හේතුවක් සොයා ගෙන නොමැත. රෝග ලක්ෂණ මුලින්ම දැකිය හැක්කේ යෞවන සමයේදිය. බොහෝ දුරට මානසික පීඩනය ඇති කරන යම් සිදුවීමකින් පසුව මෙය ඇතිවිය හැක. ඉන්පසු එවැනි සිදුවීමකට මුහුණ දෙන සෑම අවස්ථාවකදීම බිය කාංසාව ඇතිවේ.

 

ප්‍රතිකාර ක්‍රම:

කාංසාව සදහා ලබාදෙන ඹෟෂධ (Anxiolytics):

යම් වැදගත් අවස්ථාවකට මුහුන දිමට පෙර භාව්තා කල හැක. ඇබිබැහිවීම (dependence)සිදුවිය හැකි බැවින් නිතර භාවිතා කිරීම සිදු නොකළ යුතුයි.

 

විෂාදය උදෙසා ලබා දෙන ඹෟෂධ:

උදා: ෆ්ලුවොක්සෙට්න් (Fluoxetine)

 

මානසික ච්කිත්සා ක්‍රම (Cognitive behavior therapy):

මෙහිදී එම මග හරින අවස්ථාවට එම පුද්ගලයා නැවත නැවත මුහුන දීමට සලස්වන අතර එහිදී අනෙක් පුද්ගලයින් ඔහුව විවේචනය කිරීම පිලිබද ඇති බිය අඩු කිරීමට නොයෙක් ක්‍රම භාවිත‍ා කරයි. බොහෝ රෝගීන්ට මින් සුවය ලැබේ.

 

Dynamic psychotherapy:

Social phobia තත්වය, හීනවූ ආත්ම විශ්වාසය හා සම්බන්ධතා ඇති කර ගැනීමේ ගැටළු ඇති පුද්ගලයින්ට මෙය යෝග්‍යවේ. සාමාන්‍යයෙන් මැදි වියට පත්වන විට මෙම තත්වය සුව අතට හැරේ.

සාමාජීය කටයුතු වලදී බිය වීම

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page