top of page

හැදින්වීම Obsessive compulsive disorder

 

මෙහි දැකිය හැකි සුවිශේෂි ලක්ෂණය වනුයේ දැඩිව ග්‍රහනය කර ගත් සිතිවිලි (Obsessional thinking) මැඩ පවත්වා 

 

ගත නොහැකි හැසිරීම් (Compulsive behaviour) සමග බිය කංසාව විෂාදය වැනි රෝග ලක්ෂණද දක්නට ලැබීමය. මෙලෙසින් සිතින් දැඩිව ග්‍රහනය කර ගනුයේ සිතිවිලි පමණක් නොවරූප, සැකයන්, ආවේගයන් පවා මෙලෙස ග්‍රහනය කර ගත හැක.  මෙය කාංසාව ඇති කරවන රෝග ලක්ෂණ යක් වන අතර එතරම් සුලබ නැති රෝග තත්වයකි.  ස්ත්‍රි හා පුරුෂ පක්ෂ දෙකටම මෙම තත්වය වැලදීමට ඇත්තේ සම අවධානමකි. මෙහි එන ලක්ෂණ අනෙක් කාංසාව ඇති කරවන රෝග තත්ව විෂාදය හින්නෝන්මාදය හා මොලයේ ආබාධ වලදී ද දක්නට ලැබේ.

 

මෙම රෝගය ඇති වීමට හේතු :

  • ජානමය හේතු (Genetic factors)- සාමාන්‍යයෙන් ජනගහනයට වඩා රෝගයෙන් පෙලෙන රෝගීන්ගේ පවුලේ සාමාජිකයන් අතර එම රෝගය දක්නට ලැබේ. 

  • කාබනික හේතු (Organic factors)- මෙම තත්වයෙන් පෙලෙන්නන්ගේ මොලයේ යම් ප්‍රයොගික වෙනස්කම් (Functional changes)ඇති බව හදුනාගෙන ඇත. ළමා කාලයේ අත්දැකීම් (Early experencs) - ග්‍රහනය කර ගත් සිතුවිලි සමාන මවක් (Obsessional mother) තම දරුව‍ාට එම ලක්ෂණ සම්ප්‍රශනය කර හැක.

 

රෝගය ඇති වීමට පොළඹවන හේතු :

  • රෝගියාට අත්විදිමට සිදුවන මානසික ආතතිය වැඩි කරවන සුළු සිද්ධියක්.  

 

රෝගය පවත්වාගෙන යාමට හේතුවන කරුණු :

  • රෝග ලක්ෂණ ඇති කරවන උත්තේජක මග හැරීම.

  • ඇතිවන මැඩ පවත්වා ගත නොහැකි හැඟීම් ක්‍රියාවේ යෙදවීම.

  • මෙහි එන ලක්ෂණ අනෙක් කාංසාව ඇති කරවන රෝග තත්ව විෂාදය හින්නෝන්මාදය හා මොලයේ ආබාධ වලදීද දක්නට ලැබේ.

 

Obsessive – compulsive රෝගයෙහි ලක්ෂණ  

 

1.      තදින් ග්‍රහණය කරගත් සිතුවිලි (Obsessional thoughts) මේවා රෝගියා විසින් තමා විසින් සිතන ලදැයි හදුනා ගන්නා වචන අදහස් හෝ ව්ශ්වාස ‍වේ. මේවා බලෙන්ම රෝගියාගේ මනස තුලට ඇතුල් වන අතර ඒවා ඉවත්කිරිමට ඔහු අසාර්ථක ප්‍රයත්නයක් දරයි. ඇතිවන සිතුවිලි සාමාන්‍යයෙන් රෝගියාට‍ ඉතා අප්‍රසන්න සිතුවිලි වෙයි.  

 

2.      තදින් ග්‍රහණය කරගන්නා රූප (Obsessional images) මේවාද රෝගියා කෙරෙහි අප්‍රසන්න තාවයක් ජනිතකරවන සුළු රූප හෝ ජවනිකා වේ. එමෙන්ම මේවා බලෙන්ම සිතට ඇතුල්වන අතර ඒවා ඉවත් කිරිමට රෝගියා අසාර්ථක ප්‍රයත්නයක් දරයි. 

 

3.      තදින් ග්‍රහනය කරගන්නා කල්පනාවන් ‍‍(Obsessional ruminations) මෙවා කරුනක සත්‍ය අසත්‍ය තාවයක් පිලිබද   නිතර නිතර සිත තුල ඇතිවන විවාදයන් වේ. 

 

4.     තදින් ග්‍රහණය කරගෙන සි‍ටින සැකයන් (Obsessional doubts) මෙහිදී යම් ක්‍රියාවක් සම්පුර්ණ කලේද නැතිද යන්න පිලිබද නිතර සැක මතුවේ.

 

උදා:      කරාමය වැසීම වැනි ක්‍රියා තදින් ග්‍රහණය කරගෙන සිටින පෙලඹීම් (Obsessional impulses)

යම් ක්‍රියාවක් සිදුකිරීමට ඇති අධික ආශාවන්ය. මෙම ආශාවන් සාමාන්‍යයෙන් දරුණු ක්‍රියාවන් උදා: දරුවෙකු‍ට හානි පැමිණවීමට හෝ ලැජ්ජාවට පත්වන ක්‍රියා

 

උදා:    පොදු ස්ථානයකදී අසභ්‍ය ලෙස හැසිරීම උදෙසා ඇතිවේ. මෙම ක්‍රියා රෝගියා විසින්ම ඉතා අසීරුවෙන් වලක්වා ගෙන සිටී. තදින් ග්‍රහනය කරගෙන සිටින සිරිත් (Obsessional rituals) මේවා නැවත නැවත සිදුකරන, තේරුමක් නැති ක්‍රියාවන්ය.

 

උදා :    සිතින් ගනන් කිරීම යම් වචන ‍හෝ වචන ඛන්ඩ නැවත නැවත පැවසීම නිතර නිතර අත් සේදීමමෙමගින් සිතේ ඇතිවන ඇති පීඩාව තාවකාලිකව ඉවත් වන නමුත් දීර්ග කාලීනවමෙමතත්වය වර්ධනයට හේතුවේ. සමහර

අවස්ථාවලදී මෙම ක්‍රියාවට පසුව එය නිසි පරිදි සම්පුර්න කලේ දැයි යන සැකය මතුවේ. එවිට ක්‍රියාව නැවත නැවත සිදු කිරීමට රෝගියා පෙලඹේ. මෙම ක්‍රියාවල ඇති අහේතුක බව රෝගියා තේරුම් ගන්නා අතර බොහෝ විට මෙම ක්‍රියා රහසින් සිදු කිරීමට පෙළඹේ.

 

දැඩිව ග්‍රහණය කරගෙන සිටින බිය (Obsessional phobia) :

 

සිතේ ඇතිවන සිතිවිලි හෝ යම් ක්‍රියාවක් සිදු කිරිමට ඇති පෙලඹවීම, යම් අවස්ථාවලදී දරුනු ලෙස ඇතිවේ. උදා: යම් පුද්ගලයෙකුට හානියක් සිදු කිරීමට ඇතිවන සිතිවිල්ල පිහියක් ලග ඇති ස්ථාන වලදී ඉතා තදින් දැනීමට පිළිවන. එවිට රෝගිය‍ා එම ස්ථාන මුළුමනින්ම මග හරි. මෙම මගහැරීම phobia තත්වයෙන් පෙලෙන රෝගියෙකු එම  අදාල අවස්ථා මග හැරීමට සමාන වන බැවින් Obsessional phobia නම් වේ.  

 

මන්දගාමී භාවය:

මෙම නැවත නැවත ඇති වන සිතිවිලි නැවත නැවත සිදු කල ක්‍රියාවන් හේතුවෙන් ‍රෝගියාගේ එදිනෙදා වැඩ කටයුතු අතපසුවේ. 

 

සිතේ ව්‍යාකූල බව, විෂාදයේ රෝග ලක්ෂණ:

මෙවැනි සිතිවිලි හෝ වෙනත් යමක් දැඩිව ග්‍රහනය කර ගැනීමේ පෞරුෂයක් (Obsessional personality) ඇති පුද්ගලයෙකු‍ට වැලදීමේ අවධානම වැඩි බව සිතුනද ඔවුන්ට වැඩිපුර වැලදෙනුයේ විෂාදය බව හදුනාගෙන ඇත.   

 

 

Obsessive – compulsive රෝගය (OCD) සදහා ප්‍රතිකාර 

  •  රෝග නිර්ණයෙන් පසු ලක්ෂණ ව්ශ්ලෙෂණ්‍ය කර තත්වය උත්සන්න ඇතිනම් ව්ශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි යොමු කල යුතුයි. 

 

තත්වය පැහැදිලි කර දීම:

බොහෝ රෝගින් බිය වනුයේ මෙම OCD තත්වය වර්ධනය වී භයානක මානසික රෝගී තත්වයක් බවට පත් වේ යැයි සිතාය එය එසේ සිදු නොවන බව ඔවුන්ට පැහැදිලි කර දිය යුතුයි. නොයෙක් ක්‍රියා සිදු කිරීමට ඇති බලවත් ආශාවන් කෙසේ හේ මැඩ පවත්වා ගත යුතු බවට අවවාද කල යුතුයි. නැතහොත් මෙම ආශාවන් ක්‍රියාවට යෙදවීම තත්වය තවත් වර්ධනය වීමට හේතු වන බව ඔවුන්ට වටහ‍ා දිය යුතුයි. රෝගියාගේ අවසරය ඇතිව ඔහුගේ පවුලේ සාමාජිකයෙකුට තත්වය පැහැදිලි කර දී ඉහත ක්‍රියාවන් මැඩ පැවැත්වීමට රෝගිය‍ා ගන්නා පරිශ්‍රමයට උදව් කරන ලෙස ඉල්ලාසිටිය හැක. තවද මෙම තත්වය ඇතිවීමට ආසන්නතම හේතුව වනුයේ මානසික පීඩනය ඇති කරවන සුළු සිදුවීම් බැවින් එවැනි සිදුවිම් මගහැරීමට රෝගියාට අවවාද කල යුතුයි.

 

ඹෟෂධ:

උදා:

  • ක්ලොමිප්‍රමින් (Clomipramne)

  • ෆ්ලුවොක්සෙටින්(Fluoxetine)

 

ඹෟෂධ මාස 06 ක කාලයක් පුරා ලබා දිය යුතු අතර ඉන්පසු මාත්‍රාව ඉතා සෙමෙන් අඩු කල යුතුයි.රෝග ලක්ෂණ නැවත මතු වුවහොත් එය නැවත වැඩි කර තවත් මාස 2 -3 ක් ලබා දිය යුතුයි. රෝග ලක්ෂණ සමග ඇතිවන අධික පිඩාව උදෙසා කාංසාව සදහා ලබාදෙන ඹෟෂධ (Anxiolytics)සුළු කලකට ලබාදේ. විෂාදයේ රෝග ලක්ෂණ පෙන්වන විටදී ඒ සදහ‍ා ඹෟෂධ ලබාදිය හැක.

 

හැසිරීම් ක්‍රම (Behaviour therapy ):

මෙහිදී භාවිතා වන හැසිරීම් ක්‍රමය ප්‍රතික්‍රියා වැලැක්වීම (Response prevention)නම් වේ. මෙහිදී නැවත නැවතත් එම අදාල අවස්ථාවට අවතීර්ණ වන රෝගියා පීඩාකාරී තත්වය පහවන තුරු අදාල ක්‍රියාව සිදු කිරීම මැඩ පවත්වා ගනී.  ක්‍රියාවක් නොමැතිව සිතිවිලි පමනක් පවතින රෝගින් උදෙසා (Obsessional thoughts) සිතිවිලි නැවැත්වීම (thought stopping)භාවිතා කරයි. මෙහිදී යම් ප්‍රබල උත්තේජකයක් යොදා ගෙන සිතුවිලි නැවැත්වීමට ක්‍රියා කරයි. උදා: සිතිවිලි ඇතිවන විට අත වටා දමා ඇති රබර් ප‍‍ට්යක් ඇදීම මෙම ක්‍රියාව මද කලක් සිදු කරන විට රබර් ප‍ට්ය නොමැතිව සිතිවිලි නැවැත්වීමට රෝගියාට හැකි වනු ඇත.

Obsessive – compulsive රෝගය

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page