
කෝකේන් (Cocain Lcrack) යනුවෙන් හඳුන්වනු ලබන මත් ද්‍රව්‍ය සුදු පැහැති කුඩු ලෙස හෝ අවර්ණ කුඩා ස්ඵටික ලෙස අපස්මාරයේ සුලබව භාවිතා කරති. ඇතැමුන් මෙම කුඩු නාසය තුලට ගෙන ආශ්වාස කිරීමෙන් ඒවා ක්ෂණිකව රුධිරගත කරගන්නා අතර තවත් ඇතැමුන් ඉතා ඉක්මනින් මේවා රුධිරගත කරගෙන ඉක්මනින් විශාල ප්‍රතිඵල ලබනු පිණිස කෝකේන් එන්නත් කරගැනීමටද, දුම්වැටි සමග හෝ දුම් පයිප්ප තුලට කෝකේන් දමා දුම්කොල සමඟ දුම්පානය කිරීමටද පෙළඹී සිටිති.
නාසයෙන් හෝ එන්නත් ලෙස කෝකේන් ගත්තද එහි ලක්ෂණ මිනිත්තු විස්සකට පමණ පසුව ක්‍රමයෙන් අඩුවීම ඇරඹේ. නමුත් එසේ නොවන විට එනම් විශාල කෝකේන් ප්‍රමාණයක් ගෙන ඇති විට (Acute poisoning) ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුත්තේ රෝගියාව මිනිත්තු කිහිපයකින් මරණයට පත්කල හැකි සංකූලතා මෙම ගින් ඇතිවන නිසාය.
මෙලෙස කෝකේන් නිසා ඇතිවන සංකූලතා නම්:
1) අධික රුධිර පීඩන තත්ව ඇතිවී මොලයේ ඇතිවන සංකූලතා.
උදා : ආඝ්‍රාත (Stroke) , Encephalopathy
2) හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය වී හෘද ස්පන්දන වේගවත් වීම.
උදා: Supraventricular Tachycardia
3) කෝකේන් භාවිතය සෘජුවමද ඇතිවන අධි රුධිර පීඩනය මගින් වක්‍රවද හෘදයාබාධ ඇති කරවීම.
4) සිරුරේ උෂ්ණත්වය අධික ලෙස ඉහල ගොස් (>39C) විජලනය වීම මාංශ පේශි තන්තු බිඳවැටීම (Rhabdomyolysis) වකුගඩු ක්ෂණිකව අකර්මන්‍ය වීම ( Acute Renal Failure) හා සිරුර පුරා රුධිර කැටි ඇතිවීම (Dissseminated Intravascular Coagulation) වැනි මාරාන්තික ප්‍රතිඵල ඇතිවේ.
5) මීට අමතරව විවිධ මානසික රෝගවලට ගොදුරුවෙයි.
6) අපස්මාර තත්වයන් වැළඳේ.
මේනිසා කෝකේන් භාවිතය අප සමාජයෙන් දුරලීම ඉතා වැදගත්ය.
කෝකේන් භාවිතාකල විට ඇතිවන විවිධ රෝග ලක්ෂණ
නාසයෙන් ආශ්වාස කිරීමෙන් මෙම මත්ද්‍රව්‍ය ගත්විට මිනිත්තු කිහිපයකින්ද එන්නත් ලෙස හෝ මුඛ මාර්ගයෙන් කෝකේන් ගත් විට පිලිවෙලින් මිනිත්තු 10 ක් හා මිනිත්තු 45 – 90 කින්ද උපරිම ලක්ෂණ ඇතිවේ. සුලබව භාවිතා කරන නාස් මාර්ගයෙන් කෝකේන් සිරුරු ගත කර ගත් විට එහි ලක්ෂණ මිනිත්තු 20 – 90 තරම් කාලයක් එක දිගට පැවතීමටද පුලුවන.
කෝකේන් සුලු ප්‍රමාණයක් (Mild – Moderate intoxication) ගත් විට ඇතිවන රෝග ලක්ෂණ විමසා බලමු:
1) සිතට දැඩි සතුටක් දැනීම (Euphoria)
2) දැඩි ආවේගශීලී බව (Aggression)
3) අනුමස්තිෂ්කයට බලපෑමක් (Cerebellar) ඇති වූ බව පෙන්වන අත්පා වෙව්ලීම, වචන පැටලීමෙන් කථාකිරීම, ඇවිදීමේ අපහසුතා ඇතිවීම, ආදිය
4) වමනය දැමීම, හා ඇඟසුදුමැලි වීම
5) තද හිසරදය හා උණ ගැනීම.
6) ඇසේ කනිනිකාව විශාල වීම නිසා ආලෝකය වැඩි තැන්වල සිටීම අපහසු වේ.
7) තමන්ට විවිධ පුද්ගලයන් කථාකරන්නාක් සේ ඇසීම හා සත්‍යයට / භෞතිකව නොපවතින පුද්ගලයන්
උදා: මැරුණු පුද්ගලයන් මනඃකල්පිත පුද්ගලයන්) හා වස්තූන් පෙනීමද ඇතිවේ. {Hallycination}
කෝකේන් අධික ප්‍රමානයන් (Sereve Toxication) ගත් විට ඉහත රෝග ලක්ෂණ වලට අමතරව වඩාත් සංකීර්ණ සංකූලතා ද ඇති වීමට පුලුවන. අධි රුධිර පීඩන තත්ව ඇතිවී ආඝ්‍රාතයන් හා හෘදයාබාධ ඇතිවීම, අපස්මාර තත්ව ඇතිවීම, කෝමා තත්ව (Coma) ඇතිවීම අංශභාග ඇතිවීම (Muscle Paralysis) හා වකුගඩු අකර්මන්‍ය වී මුත්‍රා පිටවීම අඩාල වීම, සිරුර ඉදිමීම, ශ්වසන අපහසුතා මතුවීම ආදී විවිධ රෝග ලක්ෂණ ඇතිවිය හැකි අතර අවසානයේ මරණය පවා ඇතිවිය හැක.
මෙලෙස ඇතිවන රෝග ලක්ෂණ පුද්ගලයා ගත් කෝකේන් ප්‍රමාණය මත රඳා පවතින බව පෙනේ.
කෝකේන් රෝගියෙකුට ප්‍රතිකාර කරන්නේ කෙසේද?
1) රෝගියාව ගෙනා විගසම කෝකේන් ලබාගෙන ඇත්තේ මුඛ මාර්ගයෙන් නම් ලබාගත් කොතරම් දැයි නොසලකා රෝගියාට වමනය කරවා ආමාශයේ ඇති කෝකේන් ඉවත්කරවීමට Activated Charcoal (චාකෝල් දියරය) පානයට දිය යුතුය. නමුත් මේසේ කරවීමට රෝගියා කෝකේන් ලබාගෙන පළමු පැය තුල රෝහලට ගෙන ආ යුතුය. ඉන්පසු වමනය කරවීමට සැලස්වුවද කෝකේන් රුධිරයට උරාගෙන ඇත් බැවින් මින් කිසිදු පලක් නොමැතිවීමට පුලුවන.
2) අවම වශයෙන් පැය දෙකක්වත් යනතුරු ECG පටි ලබා ගැනීම හෝ ECG Moniter උපකරණයකට සම්බන්ධ කර හෘදයේ අසාමාන්‍යතා ඇත් දැයි පරීක්ෂාවෙන් පසුවිය යුතුය.
3) හෘදයාබාධ ඇතිවන්නේදැයි බැලීමට රුධිරයේ Troponin T නම් එන්සයිම ප්‍රධාන මැන බැලිය හැක.
4) රෝගියාගේ රුධිර පීඩනය, හෘද ස්පන්දන වේගය, ශරීර උෂ්ණත්වය පළමු පැය 2 -3 තුල කිහිපවරක්වත් (සෑම පැය ¼ කට හෝ ½ කට වරක්) මැන බැලීම ඉතා වැදගත්ය.
5) රෝගියාට සමේ සංකූලතාවක් මතු වුවහොත් ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබාදිය යුතුය.
උදා :
I. අධි රුධිර පීඩනයක් ඇතිවූ විට Nifedipine, Oral Diazepam ලබාදීම.
II. හෘදයා බාධ සඳහා I. V. nitrates, ආදියට ලබාදීම
III. ශරීර උෂ්ණත්වය වැඩිවූ විට (>39 oC) ශීත ජලය සිරුරට එන්නත් ලෙස ලබාදීම (IV)
6) සුව වූ රෝගියාව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කරවීමත් නැවත කෝකේන් භාවිතයට ඇබ්බැහි නොවන පිණිස අවවාද කිරීමත් ඊට උපදෙස් ලබා දීමත් ඉතා වැදගත් වේ.