top of page

මානසික ආතතිය - හැඳින්වීම

මනසට මිනිස් ජීවන රටාවට වෙනසක් ඇති කරන මනස විඩාවට  වික්ෂිප්ත භාවයට  ලක් කරන ඕනෑම දෙයක් ආතති ජනකයක් ලෙස  හැඳින්විය හැකිය.  

 මානසික ආතතියේ ප්‍ර‍භේද දෙවර්ගයකි. එනම්,  

ධනාත්මක  සුභවාදී  සධාකයක් නිසා ඇතිවන  මානසික ආතතිය

උදාහරණය විභාගය, විභාගයකින් සමත්වීම නිසා මනසෙහි ඇතිවන කැලබිලි ස්වභාවය. 

 

සෘණාත්මක සාධකයක් ලෙස දික්කසාදය විභාගවලින් අසමත්වීම  වැනි දෙයක් නිසා  ඇතිවන මානසික වික්ෂිප්ත භාවය ලෙස සදහන් කළ හැකිය. 

  

මානසික ආතතිය හදුනාගන්නේ කෙසේද?

 මානසික ආතතිය දෙයාකාරයකට බාහිරව හෝ ශරීරයට හදුනා ගත හැකිය.

 මානසිකව, නොසන්සුන් භාවය, තරහා යාම, දරාගැනීමේ ශක්තිය අඩුවීම, නිතර බියට පත්වීම තිගැස්සෙන සුළු බව, කලහකාරී භාවය, මානසික ඒකාග්‍රතාවය බිඳ වැටිම ශාරිරිකව හුස්ම  ගැනීමේ අපහසුතාවය,  ආහාර රුචිය අඩු හෝ  ඉතා වැඩිවීම, හෘද  ස්පන්දන වේගය වැඩිවීම, ක්ලාන්ත ගතිය, කැරකිල්ල, ඇග ක්ෂයවීම  හෝ මහත්වීම, ඇගේ පතේ රුදාව, හිසරදය.

 

මානසික ආතතිය - ප්‍රතිකාර 

මානසික ආතතිය පාලනය කර ගන්නේ  කෙසේද?

 

ක්‍රම කිහිපයකි.

ගැටථ  හදුනාගැනීම හා එය ක්‍රම‍වත්ව විසඳා ගැනීම.

මෙය තරමක් අපහසු කර්තවයයක් වුවද තමාට ඇතිවන ගැටථ හදුනාගෙන එයට  ක්‍රමවත්ව පිලියම් ‍යොදා ගැනීමෙන් මානසික ආතතිය බොහෝ දුරට  අඩු කර ගත හැක.  ප්‍රථමයෙන්ම ගැටථ තමාට ආතතිය ඇති කරන අනුපිළිවෙලින් ගොනු කර ගැනීම කළ යුතුය.  ඉන්පසු ක්‍රමයෙන් පිළියම්  සෙවිය යුතුය.  මෙය තනිවම කළ නොහැකි නම් විශ්වාසවන්ත හිතවාදියකුගේ සහාය ගැනීමද කළ හැකිය. මෙය ලජ්ජාවට කාරණයක් නොවන අතර. තමාගේ ජිවිනය නිසි ආකාරයට පවත්වා ගැනීමට සංකිර්ණ වෙනස්වන ජිවන රටාවක් සමග මානසිට උපදේශණය ඉතා වැදගත් වේ. 

 

තව ක්‍රමයක් නම් තමාට කළ හැකි දේ  හා නොකළ හැකි සහ යුතුදේ සම්බන්ධව මනා අවබෝධයක් තිබිමයි. 

මෙමගින් තමාගේ සීමාවන් පවත්වා ගෙන අනුකූලව වැඩ කටයුතු සකස්වා ගත හැකිය.  

 

අනිත් ක්‍රමයක් වනුයේ මනස සැහැල්ලු කර ගැනීමට ඉගෙන ගැනිමයි. 

මෙයට සංගීතය , තමාගේ කැමැති විනෝද්‍යාංශයෙක් කිරීම, භාවනාව යෝගී ව්‍යායාම , විනෝද  චාරිකා , කිසිදෙයක් නොකොට තම ජීවන රටාවෙන් කලහකාරී පරිසරයෙන් මදක් ඇත්ව නිස්කලංකව සිටිම වැනි දෑ සිදු කර හැකිය.  තවද තමා ගැන අවධානය අඩු කර අනුන් ගැන සිතිම, අන් අය ගැන තරහ ගැනීමෙන් වැළකීම, කාල කලමනාකරණය සකසුරුවම් භාවය, අනෙක් අයගේ ජිවිත වලට උවමනාවට වඩා බලපෑම් නොකිරීම, ශරීර සෞඛ්‍ය හොඳීන් පවත්වා ගැනීම,  දවසින් දවස ජිවත් වීම වැනි ක්‍රම යොදාගත හැකිය.   

මානසික ආතතිය

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page