
ආඝාතය (stroke) ඇති වීමේ ප්‍රවනතාව හඳුනා ගනිමු.
ආඝාතය (stroke) මිනිස් ජීවිත අගාධයට ඇද දමන බලවත් සාධකයකි. ජීවිතයම එක්තැන් කිරීමට වුවත් මෙම රෝගී තත්ත්වය හේතුවිය හැකිය. ක්‍රියාකාරී ජීවිතය මොහොතකින් අඩපණ කරන මේ බෝ නොවන රෝගයට හේතු රැසකි.
01 . විටමින් " ඊ " අවදානම ඉහල නංවයි.
තාරුණ්‍ය රැක ගැනීමට ගන්නා විටමින් " ඊ " මොළයේ රුධිර වහනය වැඩිකරන බව සොයාගෙන තිබේ. මොළයට රුධිරය සපයන දුර්වල රුධිර නාල පුපුරා යාමට රුධිර වහනය හේතු වේ. දිනකට අවශ්‍ය විටමින් ඊ ප්‍රමාණය මි.ග්‍රෑ. 12ක් පමණි. එහෙත් මි.ග්‍රෑ. 50- 500 දක්වා අධික වූ ප්‍රමාණයක් කිසිදු වග විභාගයකින් තොරව ගැනීමට මිනිසුන් පුරුදු වී සිටිති. විශේෂයෙන් කාන්තා පක්ෂයේ ආදරණීයම විටමිනය වී ඇත්තේ " ඊ " විටමිනයි. එය වෛද්‍ය උපදේශයකින් තොරව ගැනීමට නුසුදුසු බව මතක තබාගන්න. සමබල ආහාර ගනිමෙන් අවශ්‍ය තරමට විටමින් " ඊ " ලැබෙයි.
02 . අඩු නින්ද තවත් හේතුවකි.
කොතරම් නිරෝගී වුවත් ඔබ ලබාගන්නේ පැය හයකට අඩු නින්දක් නම් එයද ආඝාතයට (stroke) හේතුවකි. ඒ වාගේම පැය අටකට වැඩි නින්ද මොළයේ රුධිර කැටි ඇති කරන හේතුවකි.
03 . ප්‍රචණ්ඩ හැසිරීමෙන් දෙගුණයකින් අවදානමක්
දුම්බීම ආඝාතයේ (stroke) අංක එකේ වග උත්තරකරුවායි. ඊට අමතරව ප්‍රචණ්ඩ ලෙස හැසිරීම, ක්ෂණික කෝපය, නොඉවසිලිවන්න බවද උත්තර බැඳිය යුතු අනෙක් වග උත්තරකරුවන්ය. දිගින් දිගටම පවතින් ආතතිය ද සුදුසු නැත. කෝපකාරී හැසිරීම්, නොඉවසිලිවන්ත බව, ක්‍ෂණික කෝපය ඒ කාණ්ඩයේ පෞරුෂත්වයේ ලක්ෂණයකි. දිගින් දිගටම පවතින ආතතියත් මේ සමඟ අත්වැල් බැඳ ගත්තොත් දුම්බීම හා සමානවම ආඝාතය (stroke) ඇතිවීමේ අවදානම ඉහළ නැංවෙයි. දියවැඩියාව, අධික රුධිර පීඩනය, අහිතකර කොලෙස්ටරෝල් අධික වීම ආඝාතය (stroke) අවදානම ඉහළ නංවන අනෙක් හේතු සාදකයි.
04. දන්ත සෞඛ්‍ය ආඝාතයටද (stroke) බලපායි.
බොහෝදෙනෙකු මෙතෙක් දැන සිටියේ දත් සහ විදුරුමස්වල සෞඛ්‍ය පිරිහීම හදවතට වින කරන කරුණක් බවයි. එහෙත් එය ආඝාතයට (stroke) ද අත වනන සාදකයකි. මොලයට ඔක්සිජන් සහ පෝෂක සපයන නහර අවහිර වීමෙන් ඇතිවන ආඝාත (stroke) තත්ත්වයට පිරිහුණු දන්ත සෞඛ්‍යය ද බලපායි. මුඛයේ බැක්ටීරියා නහර පටු කිරීම මිට හේතුවයි. ඒ වගේම මුඛයේ බැක්ටීරියා නහරවල මේද තන්තුවල තැන්පත්වීමක් ද සිදුවෙයි. මේ සියල්ලම ආඝාතයට (stroke) බලපායි.
05. කරකැවිල්ල හේතුවක් විය හැකකිය.
එක් උදෑසනක ජිම් නැමැති පුද්ගලයා වාහනය පදවාගෙන ගියේය. එක්වරම ඔහුට මුළු ලොවම ඝනන්දකාර විය. තමන් අන්ද වී ගෙන එනවා දෝයි යන බියෙන් ඔහුගේ සිත තැති ගත්තේය. පෙනුම යළි ක්‍රමයෙන් ලැබුණත් ඔහුට බලන දේ දෙගුණ වී පෙනුණේය. ඊළගට ඔහුට ලෝකයම කැරකෙනවාක් සේ දැනුණි. වාසනාවට බිරිය ඔහු අසලින් සිටි නිසා සුක්කානම අතට ගත්තාය. ඔවුන් කෙලින්ම ගියේ වෛද්‍යවරයා ළඟටයි. වෛද්‍යවරයා පැවසුවේ කනේ අසමතුලිතතාවක් නිසා මෙසේ සිදුවී ඇති බැවයි. ගතවුයේ පැය කිහිපයකි. යලි ඔහුට කරකැවිල්ල හට ගැනිණි. ඔහුට වැළඳි සුළු අඝාත තත්ත්වයක් ( mini stroke) බව පසුව හෙළිවිණි. සුළු අඝාත තත්ත්වයකට පත් වූ පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු පැය හැත්තෑ දෙකකදී බරපතළ අඝාත තත්ත්වයකට ගොදුරුවෙයි. මේ නිසා සුළුකොට තැකීමට නුපුළුවන. කරකැවිල්ල එහි එක සලකුණකි. බොහෝ දෙනා ඇති වී නැති වී යන ලකුණු ගැන එතරම් අවධානය යොමු නොකරයි. දුබලත්වය, හිරිවැටීමක්, සිරුරේ එක් පෙදෙසකට ඉදිකටුවලින් අනින්නක් වැනි දැනීමක් ඇත්නම්, බොද වී පෙනීම හෝ බලන කිසි දෙයක් නොපෙනී යාම, ක්ෂණික මතකය අහිමි වීම , මනස ව්‍යාකුල වීම, සමතුලිතතාව නැතිවීම, අඝාතයේ ලකුණු විය හැකිය. මෙවැනි ලක්ෂණ රුධිරයේ සිනි අඩුවීම, මිග්‍රේන් වැනි තත්ත්වවලදී ඇතිවිය හැකිය. එහෙත් කඩිනමින් ප්‍රතිකාර කරා යොමුවීම වැදගත්ය.
06. සංගීතය ආඝාතය පළවා හරියි.
සංගීතය අඝාතයෙන් බේරී සිටීමට වගේම රෝගය වැළදුණු අයට ඉක්මන් සුවය ලබා දීමටද උපකාරී වේ. කහට කෝප්ප තුනක් පානය කරන්න. සිනි සහ කිරි නොයෙදූ කහට කෝප්ප තුනක් පමණ දිනකට පානය කිරීමෙන් ද ආඝාතය දුරස් කල හැකිය. මේ සදහා කලවම් නොකළ පිරිසිදු තේ කොළ යොදාගත යුතුය.
07. රූබාබ්, කෙසෙල් හිතකර ලයිස්තුවේ
රූබාබ් අඝාතයට ගොදුරු වූ රෝගීන්ට ඉක්මන් සුවය ලබාදෙන බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ. සිරුර අසාදනවලින් වැළක්වීමේ ගුණයක්ද මේ එළවලුව සතුව පවතී. කෙසෙල් වල අඩංගු පොටෑසියම් ආඝාතය අවම කරයි. මේ සදහා දිනකට කෙසෙල් ගෙඩි තුනක් කෑමට ගැනීම ප්‍රමාණවත්ය.