
පැණි බීම බොන්නේ බලාගෙනයි
පැණි බීම පිපාසයට රස මිහිරි පානයක් වුවත් එය ශරීර සෞඛ්‍යයට අහිතකරය. “බෙන්සේන්” රසායනය ජනපි‍්‍රය පාන බොහොමයක අඩංගු බව හෙළි වී තිබේ. මේ රසායනය පලතුරු බීම නිපදවීමේදී ඇතිවන අතුරුඵලයකි. ගම්, තීන්ත හා සේදුම් කාරකවල ද බෙන්සේන් අඩංගුය. මෙය ප්‍රබල පිළිකා කාරකයකි. මුවට ගත් මොහොතේ සිටම පැණී බීමෙන් ලැබෙන්නේ අහිතකර ප්‍රතිඵලය. දත්වලට මේවා හලාහල විසකි. පැණි බීම දත් දිරායාමට බලපාන ප්‍රධාන හේතුවකි දිනපතා පැණි බීම පානය කළොත් දියවැඩියා අවදානම ඉහළ යයි. මේවායේ ඇති අධික සීනි ප්‍රමාණය නිසා රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත් ලෙස පවත්වා ගැනීම අසීරු වෙයි. එහි අවසන් ප්‍රතිඵලය දියවැඩියාවයි.
පැණි බීමවල අඩංගු E 211 හෝ සෝඩියම් බෙන්සොඒට් මඟින් වැඩෙන දරුවන්ගේ සෛලවලට හානි සිදුවෙයි. මේ හානිය නිසා වැඩිහිටිවියේදී පාකින්සන්ස් සහ සිරෝසිස් රෝගවලට ගොදුරු වීමේ ඉඩ වැඩි වේ.
ලෝකයේම කාබනීකෘත පානයන් ගණනාවකම සෝඩියම් බෙන්සොඒට් අඩංගුය. එම රසායනය අඩංගු කරන්නේ පැණි බීමවල අඩංගු යීස්ට්, බැක්ටීරියා ආදිය විනාශ කිරීමටයි. පැණි බීමවලට අමතරව ඒ රසායනය ජෑම්, පලතුරු යුෂ සහ සලාද සැරසුම්වලට ද යොදයි. අනතුරුදායකම දෙය නම් රෝගී වන බවට අවදානම් සාධක එකක්වත් නැතිව පැණි බීම ශරීර සුවය උදුරා ගැනීමයි. දිනකට පැණි බීම කෝප්ප දෙකක් පානය කරන කාන්තාවන් හෘද රෝග වැළඳීමේ ඉඩක් ඇති අය බව විද්‍යාඥයන් කළ පර්යේෂණ ගණනාවකින්ම හෙළි වී තිබේ. එපමණක් නොව ඔවුන් දියවැඩියාවට සහ හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ද පවතී. රසවත් වස පාලනය කිරීමට බොහෝ දියුණු රටවල් තීරණය කර තිබේ. රටවැසියන් කුඩාවියේ සිටම තරබාරු වීම වළක්වා ගැනීම සඳහා ඔවුන් පලතුරු බීම, පැණි බීම හා ශක්තිජනක පාන අවම කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතී.
අධික සීනි යෙදූ තේ පානය කිරීම ද අවදානම් බව විශේෂඥයෝ පෙන්වා දෙති. පැණි බීම පානයෙන් ඇතිවන තරබාරුකම මට්ටු කිරීමට අසිරුය. දිගින් දිගටම පැණි බීම පානයෙන් සිරුරට ඇතිවන හානිය නිවැරදි කර ගත නොහැක්කකි. ශක්තිජනක පානවලට මද්‍යසාර ද එක්කර ඇති අතර මේ නිසා නින්දයාමේ දුෂ්කරතා ඇති වේ. කැෆේන් බොහෝ ශක්තිජනක පානවල අඩංගු සංයෝගයකි. ළමයින් ශක්තිජනක පාන මඟින් ලබාගත් ශක්තිය, ක්‍රියාකාරී වී වැය නොකිරීම නිසා රෝග ගබඩාවන් බවට පත්වෙයි.
ශක්තිජනක පාන වීදුරුවක කැලරි 10 -270ක් අඩංගුය. මේවායේ පැණි බීමවලටත් වඩා “කැෆෙන්” අඩංගුය. එය සිරුරට විසවන තරමේ ප්‍රමාණයකි. මෙවැනි උත්තේජක ඉහළ නංවෙන්නේ බෝ නොවන රෝග පමණක් නොවෙයි. දරුවන්ගේ හැසිරීම් අක්‍රමවත් කිරීමට ද වලිප්පුව ඇති වීමට ද හේතුවෙයි. පැණි බීම කෑන් එකක් බීමෙන් හානි වන්නේ හදවතට පමණක් නොවෙයි. වකුගඩුවලට ද එය හානි කරයි. මේවායේ අධික ලුණු වකුගඩු මඟින් අධික ලෙස අවශෝෂණය කෙරෙයි. දියවැඩියාව, ස්ථුලතාව, වකුගඩු අකර්මණ්‍ය වීම, අධික රුධිර පීඩනය එහි නරකම අතුරුඵලයි.
සෝඩා පාන සමඟ ඔස්ටියෝපොරෝසිස් රෝගය ද නෑකම් කියයි. එපමණක් නොව දිනකට සෝඩා වීදුරු දෙකක් පානය කරන කාන්තාවන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය ක්‍රම ක්‍රමයෙන් අඩු වීමට පටන් ගනී. මේ බීම මත්ද්‍රව්‍යයක් හා සමානය. දන්ත සෞඛ්‍යයට ද පැණි බීම ඉතා අහිතකරය. ඊට හේතුව ඒවා බෙහෙවින් ආම්ලික වීමයි. මෙය අපේ එනැමලය දියකර දත් දිරායාමට මඟ පෑදෙයි. පැණි බීමවල අන්තරාසර්ග හෝර්මෝනවලට බාධා කරන බ්‍රිස්ෆෙනෝල් “ඒ” අඩංගුය. මේවා හදවතට වගේම ප්‍රජනක සෞඛ්‍යයට ද අහිතකර බලපෑම් ඇති කරයි.