
ඔබට නොදැනීම ඔබේ අක්මාව ලෙඩ වෙන හැටි
අක්මාව යනු සිරුර අභ්‍යන්තරයේ තිබෙන විශාලතම ඉන්ද්‍රියයි. නමුත් හෘදවස්තුව, මොළය, පෙනහලු ආදී ඉන්ද්‍රියයන් වෙතට අප කාගේත් අවධානය යොමු වන්නේ බොහෝවිට අපේ ජීවිතයේ හුස්ම පොද නිමේෂයකින් තීරණය කරන ඉන්ද්‍රියයන් බවට මේවා පත්ව තිබෙන බැවිණි.
සිරුර අභ්‍යන්තරයේ ඇති විශාලතම ඉන්ද්‍රිය වුවද බොහෝවිට අක්මාව හිමිවන්නේ දෙවැනි තැනය. නමුත් යම් හෙයකින් අක්මාව අකර්මන්‍ය වූවොත් ජීවිතයේ පවා සමු දෙන්නට සිදු වන බව බොහෝදෙනා නොදන්නවා විය හැක.
අක්මාව රැක ගැනීම පිළිබඳව අපගේ අවධානය මේ වකවානුව තුළ යොමු කිරීම ඉතාම වැදගත් වන්නේ වර්තමානයේ අක්මා රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරුන් වෙත පැමිණෙන රෝගීන්, සංඛ්‍යාත්මකව වර්ධනය වී ඇති බැවිණි.
සිරෝසිස්, Fatty lever, Non alcholic Fatty lever, හෙපටයිටීස් A-B - C- D- E ආදි රෝග වලින් ඍජු ලෙස ආසාදනය වන්නේ අක්මාවයි. ඔබේ අක්මාව ආසාදනය වී ඇති බව පැවසෙන රෝග ලක්ෂණ පහළ වනවිට ඔබේ අක්මාව පවතින්නේ අසාධ්‍ය (Cronic) තත්ත්වයේ වූවොත් ඔබේ ජීවිතයට රතු එළිය හඟවන දරුණුම සංඥාවක් විය හැකියි.
කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ මහතා සමඟ අද අප සාකච්ඡාවට බඳුන් කරන්නේ අක්මාව අකර්මණ්‍ය වීමට බලපාන රෝග පිළිබඳව නොවේ. මෙහි සඳහන් රෝග ලක්ෂණ පිළිබඳව අවදියෙන් සිටියහොත් ඔබේ අක්මාව ආසාදනයට පත් වී ඇතැයි යන සැකය මත වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කර ගැනීම ඔබේ දිවිය රැක ගැනීමට ඔබ ගන්නා වඩාත්ම ඥනාන්විත පියවරක් බැවිණි.
බොහෝවිට රෝග ලක්ෂණ නොපෙන්නුව ද පුද්ගලයකුගේ අක්මාව රෝගී වූ විට රෝගියාට දැනෙන රෝග ලක්ෂණ කිහිපයක් ඇත. බොහෝ රෝගවල පොදු රෝග ලක්ෂණයක් ලෙස මතුවන උණ, අක්මා රෝගවලද පෙර නිමිති පෙන්නුම් කරන රෝග ලක්ෂණයකි. විශේෂයෙන්ම අක්මාවේ රෝග වලටම විශේෂ වූ රෝග ලක්ෂණය කිහිපයක් ඇත. ඇස් කහ පැහැ ගැන්වීම, කෑම අරුචිය ද, වමනය ද වේ. අක්මා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමේදී වෛද්‍යවරයා විසින් රෝගියා අක්මා රෝගයකින් පෙළෙනවා ද කියා තවදුරටත් සොයා බැලීම අතිශයින් වැදගත් වේ.
රෝගය හදිසියේ ඇති වූවක් ද කාලාන්තරයක් පුරා පැවතුණ තත්ත්වයක් ද යැයි සොයා බැලිය යුතුය අක්මාව පිහිටා ඇත්තේ උදරයේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ නිසා මෙම ස්ථානයේ වේදනාවක් ඇති බව රෝගියා පවසන්නේ නම් බොහෝවිට එයද අක්මා රෝග ලක්ෂණයකි.
අක්මාවේ සිදු කෙරෙන කාර්්‍යය භාර්යන් නිසි ආකාරයෙන් සිදු නොවීම අක්මාව ආසාදනයට ලක් වී ඇති බව පැවසෙන තවත් කරුණකි. (උදාහරණ ඇල්බියුමින් නිපදවීම අඩපණ වීම) මෙහිදී මතුවන රෝග ලක්ෂණ ලෙස උදරය මහත්වීම, උදරය පිම්බීම, බඩ පිපීම, වැනි තත්ත්වයන් ඇති වීමද ඉඩ ඇත.
මෙවැනි අවස්ථාවන් සාමාන්‍යයෙන් ඇතිවන්නේ උදර කුහරයේ දියර පිරීම හේතුකොට ගෙනය. බඩ පිපීම , බඩ පිම්බීම ආදිය රෝගියා විසින් වෛද්‍යවරයාට පවසන හේතූන්ය. උදරයට අමරතව වළලුකර සහ දෙපාවලද ඉදිමීමක් දක්නට ලැබේ. දෙපා සහ වළලුකරේ ඉදිමීම රෝග ගණනාවක ලක්ෂණයක් වුවද පාදවල සහ වළලුකර, දියර එකතු වීම නිසාද අක්මාවට බලපෑම් ඇති වේ.
එවිට එයද අක්මා රෝගවලද ලක්ෂණයක් වේ. ඊට අමතරව කාලාන්තරයක් පුරා අක්මා රෝගයෙන් පෙළුණු රෝගීන්ට පොදු, රෝග ලක්ෂණයක් වනුයේ වමනය සමඟ රුධිරය පිට වීමය (ලේ වමනය) සහ මළපහ කළු පැහැයෙන් යුක්තවීම, මළපහ සමඟ රුධිරය පිටවීමක් ද සිදු වේ.
තවත් සමහර රෝගවලට ද මේ තත්ත්වය උදාවුවත් කාලයක් තිස්සේ අක්මා රෝගවලින් පෙළුණු අයට ද මෙය සුවිශේෂ වූ රෝග ලක්ෂණයකි.
සිරුර කැසීමට ලක්වීම ද අක්මා රෝගීන් නිතර නගන මැසිවිල්ලකි. මේ රෝග ලක්ෂණ රෝගියාට දැනෙන්නේ අක්මාව ඉදිමීමත්, අක්මාව උග්‍ර ලෙස ආසාදනය වූ විටදීය. එවිට දිගටම වමනය ඇති වීමත් මුත්‍රා ප්ලේන්ට් ටී පැහැය (දුඹුරු පැහැයක්) ගැනීමත් මළ පහවල කහපාට අඩු වීමක් ද දක්නට ලැබේ. ඇතැම් රෝග ලක්ෂණ වෛද්‍යවරයා විසින් රෝගියාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව සොයා ගන්නා ඒවා වේ.
අක්මා රෝගයෙන් පෙළෙන පිරිමියෙකුගේ පියයුරු කාන්තාවගේ පියයුරු මෙන් විශාල වීමක් සිදුවේ. එසේම පුරුෂයන්ගේ ලිංගික අප්‍රණිකත්වය ඇති වේ. කාන්තාවකගේ නම් ඔසප් චක්‍රය නැවතී යාමට ඉඩ ඇත. මෙයට හේතුව වන්නේ අක්මාවේ හෝර්මෝන නිපදවීම අක්‍රිය වීමයි. අක්මාව අක්‍රිය වූ විට සිරුරේ ඇති ඊස්ට්‍රජන් හෝර්මෝනය වැඩි වී කාන්තා ලක්ෂණ පිරිමි සිරුරෙන් මතු වන්නට පටන් ගනී.
ඊස්ට්‍රජන් යන කාන්තා ලක්ෂණ මතු කරන හෝර්මෝනයකි. ඊස්ට්‍රජන් හෝර්මෝනය වැඩිවීම නිසා පිරිමියාගේ සිරුරේ පෞරුෂ ලක්ෂණ මතු කෙරෙන රෝම කූප පවා අඩුවන්නට පටන් ගනී. පියයුරු විශාල වීම කාන්තා ලක්ෂණයකි. පිරිමින්ගේ ද පියයුරු විශාල වීමට හේතු වන්නේ ද අක්මාව ආසාදනයට ලක්වීම නිසා ඊස්ට්‍රජන් හෝමෝනය වැඩි වීම නිසාය.
කල්පනාව මද ගතියක් ද බොහෝවිට අක්මා රෝගීන් තුළ දක්නට ලැබේ. මේ කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ ද ඇතැමුන්ගේ අක්මාව අක්‍රිය වීමට ද ඉඩ ඇත. රෝගියා කරන පැමිණිලි මත ද වෛද්‍යවරයාට රෝගය ගැන යම්කිසි ඉඟියක් ලබාගත හැක.
රෝගියා පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව වෛද්‍යවරයා විසින් සොයා ගන්නා කරුණු Signs ලෙස හැඳින්වෙන අතර රෝගියා විසින් වෛද්‍යරයාට පවසන රෝග ලක්ෂණ හැඳින්වෙන්නේ symptoms නමිනි.
මෙහිදී රෝගියා පවසන රෝග ලක්ෂණ වැඩිදුර පරීක්ෂාවට යොමු කිරීමේදී ඇස් කහවීම වෛද්‍යවරයා විසින් කරන ලද පරීක්ෂාවෙන් තහවුරු වන අතර උදරය පරීක්ෂා කිරීමේදී අක්මාව ඉදිමී ඇති බව සනාථ කිරීමට උදරයේ දකුණුපස ඉහළ කෙළවර අක්මාව පිහිටා ඇති ස්ථානය අතින් තදකර බැලීමේදී රෝගියාට වේදනාවක් දැනෙනවා සේම අක්මාව අතට අසු වේ. එවිට අක්මාව කොතරම් ප්‍රමාණයක් විශාල වී ඇත්දැයි පළපුරුදු වෛද්‍යවරයකුට පැවසිය හැක. එසේම අක්මාවේ මතුපිට ස්වභාවය, අක්මාවේ දාර කොයි ආකාරයට තිබේද යන්න ද උදරය අල්ලා බැලීමේදී වෛද්‍යවරයකුට නිගමනයකට එළඹිය හැකිය.
විශේෂයෙන්ම වෛද්‍යවරයකු දැඩි අවධානය යොමු කරන තවත් කරුණක් ඇත. ඒවා නම් ශරීරයේ උරස් කුහරයේ කුඩා රතු පැහැති මකුළුවෙකුගේ ආකාරයකට අඩු 8 කින් යුත් මැද රතුපාට තිතක්, මකුළුවකුගේ පාද මෙන් රුධිර පැල්ලමක් ඉනඪඤඥප ඍඥඪදඵ තිබිය හැක.
මෙයත් අක්මා රෝග ලක්ෂණයකි. හෝර්මෝන වෙනස් වීමකින් මේ තත්ත්වය උදා වේ. විශේෂයෙන්ම වෛද්‍යවරයකු මෙවැනි රෝග ලක්ෂණ පිළිබඳව දැඩි අවධානය යොමු කෙරේ. අල්ලේ ඇතිවන රතු පැල්ලම් තවත් රෝග ලක්ෂණයකි. මෙම රෝගීන්ගේ අල්ල රතු පාට ගැන් වේ.
අක්මාව නරක් වූ විට මුහුණ දෙපැත්තේ (කන දෙපැත්තේ) තිබෙන පැරොටීන් ග්‍රන්ථිය ඉදිමීමට ලක් වේ. එවිට මුහුණ විශාල වී රවුම් ආකාරයට දිස් වේ. නිරන්තරයෙන් මත්පැන් පානය කරන පිරිමින්ගේ මුහුණ දෙස බැලූවිට මුහුණ රවුම් ආකාරයට ඉදිමීමට ලක් වී ඇති බවක් පෙනෙන්නට ඇත්තේ පැරොටීන් ග්‍රන්ථිය විශාල වීම නිසයි.
එවැනි පිරිමින්ගේ අක්මාව දැඩි ලෙස ආසාදනයට ලක් වී තිබී ඇතැයි නිගමනයකට එළඹිය හැකිය. අක්මාව ආසාදිත පුද්ගලයන්ගේ ප්ලීහාව ද විශාල වේ.
වෛද්‍යරයකුට රෝගියාගේ උදරය අල්ලා පරීක්ෂා කර බැලිමේදී ප්ලීහාව ඉදිමී ඇත්නම් එය අතට අසු වේ.
සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකුගේ ප්ලීහාව විශාල නොවන බැවින් උදරය පරීක්ෂා කිරීමේදී අතට අසුවන්නේ නත. අක්මා රෝගීන්ගේ අල්ල රතු පැහැ ගැන්වෙන අතර නියපොතුවලද වෙනස්වීම් දක්නට ලැබේ.
එසේම අක්මා රෝගවලට මුල්වන තවත් කරුණක් වන්නේ අක්මාවේ තෙල් තැන්පත් වීමයි. කොලෙස්ටරෝල් නිපදවීම අක්මාවේ සිදු කෙරෙන තවත් කාර්යයකි. අක්මාවේ මේදය වැඩි වීමේදී රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය ද වැඩි වීම. තවත් රෝග ලක්ෂණයක් ලෙස දැක්විය හැක.
පිත්ත ප්‍රනාල අවහිර වීම නිසා සිරුර කැසීමට ලක් වේ. කැසීම නිසා සිරුරේ කැසීමේ පැල්ලම් දක්නට ලැබේ. එසේම වෘෂණ කෝෂ කුඩා වීමක් දක්නට ලැබේ. අක්මාවේ තත්ත්වය බරපතල වීමේදී උදරයේ දියර පිරීමක් ඇති වේ. එලෙස නිතරම උදරය පිම්බීමකට ලක් වේ. වෛද්‍යවරයෙකු විසින් උදරයට තට්ටු කර බැලීමේදී දියර පිරි ඇති බව ඒත්තු ගැන් වේ.
තත්ත්වය දරුණු අතට හැරී තිබේ නම් පාද සහ වළලුකර ඉදිමීමක් ද දක්නට ලැබෙන අතර ඇඟිල්ල තබා එබීමේදී පාද වල ගැසේ. අක්මා රෝග තත්ත්වය උග්‍ර වූ විට කල්පනාවේ වෙනසක් ද ඇති වීමට පුළුවන.
මේ රෝග ලක්ෂණය වෙනත් රෝග සඳහා ද ඇතිවිය හැකි වුවත් අක්මාව තදබල ලෙස හානි වූ බව ප්‍රත්‍යක්ෂ වන්නට මෙහි සඳහන් රෝග ලක්ෂණ වැදගත්ම සාක්කි ලෙස සැලකිය හැක.
දීප්ති ෆොන්සේකා
උපුටා ගැනීම: දිනමිණ