
ස්වභාව ධර්මයාවිසින් අපට දායාද කොට ඇති ඡාතික වස්තූන්ගෙන් එකක් ලෙස දුම්බර කදු වැටිය සැලකිය හැක. මහනුවර සහ මාතලේ දිස්ත්‍රික් වසා පැතිර පවතින මෙම කදුවැටිය දකුණින් සහ නැගෙනහිරින් මහවැලි නිම්නයෙන්ද, බටහිරෙන් මාතලේ නිම්නයෙන්ද, ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳු වැටියෙන් වෙන්ව පවතී.
කඳුවැටියේ බටහිර බෑවුමේ අධික බට වර්ග වලින් වැසී තිබුණ බැවින් පැරැන්නන් විසින් බටදඬුකන්ද ලෙසින් හඳුන්වා ඇත. උස් කඳු ශිකර නිතරම වාගේ මීදුමින් වැසි තිබෙන බැවින් දුමින් බරවුනු යන අදහස ඉස්මතු කරන දුම්බර කඳුවැටිය ලෙසත් හැදින්වේ.
ඈතින් සිට බලන්නෙකුට මිට මෙලවූ අතක ඇඟිළි දක්නට ඇති ආකාරයට කදුවැටියේ ශිකර 05 ක් දෘශ්‍යමාන වෙන නිසා නකල්ස් කදුවැටිය ලෙසද හැදින්වේ.
ශ්‍රී ලංකාවේ ගිණිකොණ සිට වයඔ දිශාවට ලග්ගල සිට ඌරුගල දක්වා සැ.12 පමණ දිනකට කදුවැටිය පැතිරි පවති.
ප%ධාන කදුවැටියේ ඇති ශිකර කිහිපයක් නම් දෝතළුගල (5164), කොබෙනිගල (5098), නකල්ස් (6112), ගොම්බානිය (6248) වේ. මෙයට අමතරව ප%ධාන කදුවැටියේ උතුරු කොටසින් ආරම්භ වී ඊසාන දිග දිසාවට විහිදෙන කළුපහන (5341), වාමාරපුගල (5150), ලකේගල (4324), සහ ලබුලැස්සපතන (4901) ද, දකුණු කොටසින් ආරම්භ වී ඊසාන දිසාවට විහිදෙන දුම්බානගල (5383), ගල්තුල (3784), ප්‍රධාන විහිදුම් ලෙස සැලකිය හැක.
ප්‍රධාන කදුවැටියත් ඒ ආශ්‍රීත විහිදුනු කදු පන්තියත් ඇතුළු ප්‍රදේශය දල වශයෙන් වර්ග සැතපුම් 62 පමණ වේ.
දුම්බර කඳුවැටිය (නකල්ස්)


